මෙන්න Brick Mansions film එක

මෙන්න Brick Mansions (2014)  
           


මේ අරගෙන එන්නේ අපේ හිතාදර ජනප්‍රිය නළු පෝල් වෝකර් විසින් 2013 නොවැම්බර් 30 වෙනිදා, මෙලොවින් සමුගැනීමට පෙර, සම්පූර්ණයෙන්ම තම රංගන දායකත්වය දක්වා අවසන් කල, අවසාන චිත්‍රපටයයි. ප්‍රංශ කැනේඩියානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන Brick Mansions ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, පෙර කී ලෙසම Paul Walker, David Belle සහ RZA.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Camille Delmarre ගෙනි. මෙය 2004 දී තිරගත වුනු, ප්‍රංශ චිත්‍රපටයක් වන District 13 නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. ඔයාලට මතක නම් ඒ චිත්‍රපටයේත් David Belle රංගනයෙන් දායක වුනා මතක ඇති. 2014 අප්‍රේල් 25 වනදා තිරගත වීම ආරම්භ කල, Brick Mansions චිත්‍රපටය ලබා ඇති IMDb අගය 5.8 ක්. අනිවාර්යෙන්ම මේකට ඊට වඩා වැඩි අගයක් ලැබිය යුතුමයි.

 චිත්‍රපටයේ සාරාංශය මෙන්න මේ වගේ, ඩිට්‍රොයිට් පළාතේ රහස් පොලිස් පරීක්ෂකවරයෙක් වන ඩේමියන්ට පැවරෙනවා රාජකාරියක්, Brick Mansions එහෙමත් නැත්නම් ගඩොල් විමානය ලෙස හඳුන්වන අඩි 44 ක් උස තාප්පයකින් නගරයෙන් වෙන් කර තිබෙන පළාතට ගිහින් ඒ පළාත පාලනය කරන ට්‍රෙමෙයින් ඇලෙක්සැන්ඩර් නම් පාතාල නායකයා සතුව තියෙන නිය්‍රට්‍රෝන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්නට. මේ බෝම්බය ඔහු විසින් පැහැරගත් බවක් තමයි ඩේමියන්ට දැනගන්නට ලැබෙන්නේ. ඒ අතරේ මේ ගඩොල් විමානයේම ජීවත්වන ලීනෝ නම් තරුණයෙක්, ට්‍රෙමෙයින්ගේ මත්ද්‍රව්‍යය කිලෝ 20 ක් විනාශ කරනවා. මේ ලීනෝගේ පෙම්වතියව, නෑ නෑ පරණ පෙම්වතියව ට්‍රෙමෙයින් තමන්ගේ භාරයේ තියාගෙන ඉන්නවා, ලීනෝ විසින් විනාශ කරන ලද ඔහුගේ මත්ද්‍රව්‍යය කිලෝ 20 නැවත ගෙනවිත් දෙනකන්. තමන්ගේ පෙම්වතියව බේරගන්න යන ලීනෝ අන්තිමට නවතින්නේ හිරගෙදර. කොහොමරි ඩිට්‍රොයිට් පලාතේ නගරාධිපතිතුමන්, ඩේමියන්ව ගඩොල් විමානෙට යවන්නේ, මෙන්න මේ ලීනෝත් එක්ක. එතනින් එහාට කතාව බලන්න ඔයාලට බාරයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා, අපේ හසන්ත සහෝටත්, සමීර කරුණාරත්න සහෝටත් මේ චිත්‍රපටය සඳහා උපසිරසි ලබාදීමට මට අවස්ථාව ලබාදුන්නට. මේ උපසිරස මෙලොවින් සමුගත් ආදරණීය කලාකරු, පෝල් වෝකර්ට උපහාරයක්ම වේවායි පතන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජයම වේවා..!

*මෙන්න බාගන්නකො එහෙනම්

*සිංහල උපසිරසි මෙතනින් ගන්න


මෙන්න scene shots ටිකක්













No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.