Computer Hardware පාඩම- 09

Computer Hardware පාඩම- 09 (Main Board 03) Memory & Memory Slot



 Computer Hardware පාඩම් මාලාවේ නම වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපිඅටම​ ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ අටම​   බලාගන්නකෝ.
1-ලිපිය2-ලිපිය3-ලිපිය , 4-ලිපිය 5-ලිපිය, 6-ලිපිය,7- ලිපිය,  8- ලිපිය



 අපි කතා කරමින් සිටියේ mother board එක ගැනනේ. තාම ඒ පාඩම ඉවර නෑ. අන්තිම පාඩම Processor socket ගනනේ. අද කියන්න යන්නේ Memory slot ගැනයි. එහෙත් අද පාඩමටම Memory Slot එක සමගම Memory ගැනත් ලියනවා.

පරිගනකයක Memory ආකාර ගණනාවක් පවතිනවා. ඒවා ප්‍රධාන ලෙස Random Access Memory (RAM) හා Read Only Memory (ROM) ලෙස වෙන් කරන්න පුළුවන්. 

Random Access Memory (RAM)
මේවායින් RAM ආකාර දෙකක් පවතිනවා. මේවා විදුලිය මත රඳා පවතින්නක් (Volatile memory) එනම් විදුලි සැපයුම නැවතුන විට මතකය මැකී යනවා. RAM ආකාර දෙක නම්,

  • Static RAM
  • Dynamic RAM
  • Static RAM (SRAM)

ඉතා කෙටියෙන් කියනවනම් මේවා සැකසී ඇත්තේ අර්ධසන්නායක (Semiconductors) වලින්. ට්‍රාන්සිසිටර් වලින් සැදි පරිපථයක් මතකය ලෙස භාවිතා වන්නේ. මේවා ඉතා වේගයෙන් කියවිය හැකියි. එහෙත් මිළ ඉතා අධික නිසා පරිගනකයක මතකයේ අඩු ප්‍රතිශතයක් භාවිතා වන්නේ. ප්‍රධාන වශයෙන් Register memory හා Cache memory ලෙස processor එකේ භාවිතා කරයි. මුලින් Cache memory  processor එකට පිටින් Mother board එක තුල තිබුනත් දැන්  processor එකටම ඇතුලත් කර ඇත. ගලවා වෙනස් කිරීමට නොහැක.
Dynamic RAM (DRAM)
මේවායේ ක්‍රියාකාරිත්වය ධාරිත්‍රිකයක (Capacitor) ආරෝපණ ක්‍රියාවලියයි. සෑම Bit එකක් සඳහාම ධාරිත්‍රිකයක් ඇත.  මේවායේ ආරෝපණ විසර්ජනය (Discharge) වන නිසා කිසියම් කාල පරාසයකට වරක් නැවත ආරෝපණය කළ යුතුය. පරිගනකයක ප්‍රධාන මතකය ලෙස භාවිතා වන්නේ මෙම වර්ගයයි. අප අද කථා කරන මාතෘකාවද මෙම DRAM ගැනයි.

Read Only Memory (ROM)
කියවීමට පමණක් ඇති මෙම වර්ගය ගැන ඉදිරි ලිපියක කියවෙනවා ඇත.

එහෙමනම් අද මාතෘකාවට පිවිසෙමු.
 DIP socket Memory
මුලින්ම මේසඳහා භාවිතා කර ඇත්තේ අපි කලින් පෝස්ට් එකේ සඳහන් කළ DIP socket එකක්. එවැනි සැකසුමක් පිළිබඳව කලින් සඳහන් කළ නිසා මෙහිදී කියන්න අදහසක් නෑ. නමුත් මුල් කාලයේ Cache memory සඳහාද  DIP socket ක්‍රමය භාවිතා විය. Mother Board එකේ ඇති ඉඩකඩ උපරිමයෙන් භාවිතයටත් පහසුවෙන් ප්‍රමාණය වැඩිකරගැනීමටත් අවශ්‍යවූ නිසා මෙම ක්‍රමය ඉවත් කරන ලදී.

SIMM (Single In-line Memory Module)
1980 සිට 1990 දක්වා පමණ භාවිතා වූයේ මේවායි. මුලින් පැවති පින් 30ක සැකසුමකි. රූපය බලන්න. උපරිම වශයෙන් 4MB පමණ වනතෙක් මෙම මොඩියුල් පැවතිනි.


ඉන්පසුව භාවිතයට පැමිණියේ 72 Pin Memory Module ය. මේවා ප්‍රමාණයෙන් කලින් ඒවාට වඩා විශාලය. 





DIMM (Dual In-line Memory Module)
1990 පමණ සිට මේවා අද දක්වාම භාවිතයේ ඇත. කාලයත් සමග විවිධ ආකාරයෙන් වෙනස් වී ඇත. SIMM වල මෙන් නොව මේවායේ දෙපැත්තේ වෙන වෙනම Contact ඇත. කාලයත් සමග වෙනස් වූ ආකාරය අනුව වෙන් වෙන්ව හඳුනාගනිමු.
SDRAM
144-pin SO-DIMM (SDRAM)
PC66 = 66 MHz, PC100 = 100 MHz, PC133 = 133 MHz යන වේගයන් ගෙන් මේවා භාවිතයට පැමිණ ඇත. පින් 144කි. 






168-pin DIMM, SDR SDRAM
මේවා සර්වර් (Servers)  හා වර්ක්ස්ටේෂන් (Workstation) සඳහා භාවිතා විය.

DDR SDRAM (Double Data Rate SDRAM)
දැනට භාවිතයේ ඇත්තතේ DDR වර්ගයේ Memory Module ය. ඒවායේ වෙනස් කම් අනුව වෙන් වෙන්ව හඳුනා ගනිමු.

DDR I 
මේවා විවිධ වේගයන් සහිතව වාර්ථා වී ඇත.

  • PC1600 = 200 MHz / 100 MHz clock address හා control සඳහා
  • PC2100 = 266 MHz  / 133 MHz clock address හා control සඳහා
  • PC2700 = 333 MHz  / 166 MHz clock address හා control සඳහා
  • PC3200 = 400 MHz / 200 MHz clock address හා control සඳහා








DDR II
මේවායේ වේගය හා වර්ග අනුව පහත ආකාරයට වේ. Pin 240කි.

  • PC2-3200 = 400 MHz/ 200 MHz
  • PC2-4200 = 533 MHz/ 266 MHz
  • PC2-5300 = 667 MHz/ 333 MHz
  • PC2-6400 = 800 MHz/ 400 MHz
  • PC2-8000 = 1000 MHz/ 500 MHz
  • PC2-8500 = 1066 MHz/ 533 MHz
  • PC2-9600 = 1200 MHz/ 600 MHz







DDR 3
Pin 240 කින් යුක්තය. දැනට භාවිතා වන තාක්‍ෂනයයි. මේවා පහත ආකාරයෙන් ඇත.


  • PC3-6400 = 800 / 400 MHz
  • PC3-8500 = 1066 / 533 MHz
  • PC3-10600 = 1333 / 667 MHz
  • PC3-12800 = 1600 / 800 MHz
  • PC3-16000 = 2000 / 1000 MHz




RDRAM (RambusDRAM)
1999 දී පමණ භාවිතයට පැමිණි තාක්‍ෂනයකි. PC 800 සහය දක්වන අතර 400MHz වේගයකින් ක්‍රියා කරන ලදී. Pin 184 කි. මේවා සියල්ල අදික ලෙස රත්වන නිසා හීට් සින්ක් භාවිතා විය. එමෙන්ම මේවායේ විශේෂත්වය වූයේ සෑම ස්ලොට් එකක්ම මෙමරි මොඩියුල් වලින් සම්පූර්ණ කළ යුතුය. සාමාන්‍යෙයන් ස්ලොට් 4ක් ඇති අතර Mother board එක සමග RAMBUS Continuity-RIMM 2ක් සපයනු ලැබේ ඉතිරි ස්ලොට් 2 මෙමරි වලින් සම්පූර්ණ කළ යුතුය. නැතිනම් RAMBUS Continuity-RIMM ඉවත් කර සම්පූර්ණයෙන්ම මෙමරි සවිකළ හැක.




ලැප්ටොප් මෙමරි සොකට් ගැන මම කියන්න මෙම සටහනෙන් ඉඩක් ගන්න සිතුවේ නෑ. ඒ මෙමරි ගැන විස්තරාත්මක සටහනක් නැවත ලියන්න වන නිසා. මෙහිදී පෙන්වා දුන්නේ ප්‍රධාන මෙමරි මොඩියුල් හා ඒ සඳහා භාවිතා වන සොකට් පිළිබඳ හඳුන්වා දීමක් පමණයි. Expansion socket හා Dirvers connectors පිලිබඳව මීළඟ ලිපි වලින් බලා පොරොත්තු වන්න. ගිහින් එන්නම් සදා ජය​.....

1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.