Computer Hardware පාඩම -12

Computer Hardware පාඩම -12 (Hard disk drive)



 Computer Hardware පාඩම,පාඩම් මාලාවේ දොලොස් වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි එකොලහම​ ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ  එකොලහම​   බලාගන්නකෝ.
1-ලිපිය, 2-ලිපිය, 3-ලිපිය , 4-ලිපිය , 5-ලිපිය ,6-ලිපිය7- ලිපිය,  8- ලිපිය ,  9- ලිපිය,10 - ලිපිය  , 11- ලිපිය


ඔන්න වැඩි කාලයක් ගන්නේ නැතිවම ඊළඟ පාඩමටත් එන්න හිතුවා. ඉක්මනින්ම මේ පාඩම් ටික ඉවර කරමු නේද? 
අද අපි කතා කරන්න යන්නේ Hard disk drive ගැනයි.
මොකක්ද මේ Hard disk එකක් කියන්නේ?
Hard disk අයත් වන්නේ පරිගනකය තුල ස්ථිර ලෙස සවිකර ඇති ඩිස්ක් වර්ගයට (Fixed Disk) මේවා දත්ත ගබඩා කිරීමට ගන්නා බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඇත්තෙන්ම මෙය අයත් වන්නේ මෙමරි වලටමයි. මේවා non-volatile හෙවත් විදුලිය මත රඳා නොපවතින මතකය වේ. මෙහි චුම්බක (Magnetic) කල හැකි රසායන ආලේප කල තැටියක් පවතින අතර ඒහි ඩිජිටල් දත්ත සටහන් කරයි. මේ සඳහා කියවීමට හා ලිවීමට හැකි හිසක් (Read/Write head) ඇත. එමගින් මෙහි දත්ත සටහන් කිරීම හා නැවත කියවීම සිදු කරයි.


Hard disk ඇතුලත උපාංග පිහිටා ඇති ආකාරය ඉහත රූපයෙන් බලන්න.

පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයේ හාඩ් ඩිස්ක් කීපයකි. මේවා නම් විකිපීඩියාවෙන් බලන්න වුවද ඔබට හැකිය.

මේවා අතරින් දැන් දක්නට ඇත්තේ පහත ප්‍රමාණවල හාඩ් ඩිස්ක් පමනි.


ATA Hard disk (Advanced Technology Attachment)

මේවා parallel ATA ලෙසද දැන් හැඳින්වේ. බොහෝ කලක් පැවති තාක්‍ෂණයයි. මේවායේ දත්ත හුවමාරුව සඳහා භාවිතා කරන්නේ 40 pin කනෙක්ටරයක් සහිත කේබලයකි. එය පටියක් වැනි කේබල් එකක් නිසා රිබන් කේබල් ලෙසින්ද හැඳින්වේ.

මේ ඒ සඳහා භාවිතා වන කේබල් එකයි.


මෙය 3.5" හාඩ් ඩිස්ක් එකක් හා කේබල් එකකි. ලැප්ටොප්/නෝට්බුක් සඳහා යොදාගන්නා 2.5" හාඩ්ඩිස්ක් සඳහා ඇති කනෙක්ටරයේ පින් 44ක් ඇත. ඒයට හේතුව ඒවාට විදුලිය සැපයෙන්නේද එකම කනෙක්ටර් එකෙන් වීම නිසාය. මේ එවැන්නකි.


SATA Hard disk (Serial Advanced Technology Attachment)

මෙවා 2003 දී හඳුන්වා දෙන ලදී. දැන් නිශ්පාදනයේ පවතින සියල්ල SATA ය. මේවා ඉහත වගුවේ ඇති ප්‍රමාණ සියල්ලෙන්ම නිපදවේ. දැනට SATA SATA revision 3.0 භාවිතා වන අතර එහි දත්ත සම්ප්‍රේශන වේගය 6 Gbit/s වේ.

මේ එහි නියම රූපයයි.


මේ SATA cable එකයි.



ඉහත රූපයේ වැඩි කනෙක්ශන් ගණනක් ඇත්තේ විදුලි සැපයුමට වන අතර අඩු කනෙක්ශන් ගණනක් ඇත්තේ ඩේටා කේබල් එකටයි. මේවා ලැප්ටොප් සඳහා භාවිතා වන 2.5" හාඩ් ඩිස්ක් සඳහාද වෙනසක් නැත. එනම් ඔබේ ඩෙස්ක්ටොප් එකට හදිසියකට ලැප්ටොප් හාඩ්ඩිස්ක් එකක් සම්බන්ධ කරන්න පුළුවන් Internal disk එකක් ලෙස.


මීට අමතරව හාඩ් ඩිස්ක් ගැන තවත් බොහෝ දේ මේ පාඩම් යටතේ ඉදිරියේ කියවෙනවා. පාටිශන් කිරීම, ෆෝමැට් කිරීම, ජම්පර් සෙටින්ග්ස් ඊට ඇතුලත්. මෙම පාඩමෙන් මම බලාපොරොත්තු වූයේ හාඩ් ඩිස්ක් එකක් භෞතික වශයෙන් හඳුන්වා දෙන්න පමණයි. තවත් විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.



එහෙනම් අදට පාඩම ඉවරයි.සදා ජය​......

1 comment:

  1. good post දැනුම බෙදා ගැනීම හොද දෙයක්

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.