මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක්

The Sacrament (2014) 

                       
ඉතිං යාළුවනේ. IMDb වෙබ් අඩවියේ 6.2/10 ක ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටි සත්‍ය සිදුවීමක් (ඇත්තටම මේක ඛේදවාචකයක්) මුල් කරගෙන නිපදවූවක්. 2014 වසර් මැයි 01 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ඇමරිකාවේ ප්‍රදර්ශනය වීම ඇරඹුනේ. මෙහි ප්‍රධාන චරිතය වන පියතුමාගේ චරිතය රඟ දක්වන්නේ No Country for Old Men (2007)Oz the Great and Powerful (2013)The Odd Life of Timothy Green (2012) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන Gene Jones විසිනුයි. සම්මාන දෙකකට නාම යෝජනා ලබපු මේ අපූරු චිත්‍රපටිය තවත් සම්මානයක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

කතාවේ මුල ටිකත් කියන්නම්. පැට්‍රික් කියන්නේ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් ඔහුගේ සහෝදරිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් එයින් ගැලවෙන්න කියලා වෙලා කාටවත් හොයා ගන්න බැරි තැනකට ගිහින්. ඒත් හදිසියේම ඇය ඉන්න තැන ගැන කියලා පැට්‍රික්ට ඇය ලියුමක් එවනවා. ඇයව ආපහු ගෙදර එක්කරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පැට්‍රික්, VICE නැමති මාධ්‍ය ආයතනයේ සිටින සෑම් ටර්නර් නැමති වැඩසටහන් ඉදිරිපත් කරන්නා සහ ජේක් නැමති කැමරා ශිල්පීයා සමග ඇය සිටින තැන සොයා යනවා. එහිදී ඔවුන්ට අත් විඳින්න වෙන්නේ හීනෙන්වත් නොසිතූ අත්දැකීමකටයි.
ඉතිං යාළුවනේ. වැඩි විස්තර කියන්නෙ නෑ. මොවුන්ට අත්විඳින්න වෙන සිදුවීම් සියල්ලම චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. හැමෝ‍ටම ජයවේවා!!!

+++++++++ එහෙනම් පහලින් බාගන්න ++++++++++
මෙන්න එහෙනම් බාගන්න
                       
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                             
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.