මෙන්න අපෙන් තවත් පට්ට ෆිල්ම් එකක්

Heropanti (2014) 



        


චිත්‍රපටයේ නම Heropanti අධ්‍යක්ෂණය Sabbir Khan නිෂ්පාදනය Sajid Nadiadwala ගෙන්. හින්දි සිනමාවට අලුත්ම මුහුණු දෙකක් හඳුන්වාදෙමින් 2014 මැයි 23 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ, Tiger Shroff, Kriti Sanon, Prakash Raj, Vikram Singh යන නළු නිළි කැල. මෙහි සංගීත නිර්මාණය Sajid-Wajid ගෙනි.මේ වන විට මෙහි ඇතුළත් ගීත සියල්ලම වගේ ඉතාම ජනප්‍රියයි. ඒ වගේම සියලුම ගීත වලට උපසිරැසි ලබා දීලයි තියෙන්නේ. ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් තමයි හිටියේ. ඉතින් තවත් පමා නොකර කියන්නම් කතා සාරාංශය කෙටියෙන්.
චිත්‍රපයට පටන් ගන්නේ විවාහයකින්. ඒත් ඒ විවාහය අතර මඟ නතර වෙනවා. හේතුව සුපුරුදු පරිදි කෙල්ල පැනලා යන නිසා තමයි. ඒත් ඒ කෙල්ලගේ තාත්තා, එයත් සුපුරුදු පරිදිම දරුණු මැරයෙක් තමයි. ඒත් මේ තාත්තා තමන්ගේ මල්ලිලා ටිකත් එක්ක එකතු වෙලා, කෙල්ලව දහ අතේ හොයනවා. හොයාගන්න ලැබෙන්නේ නැහැ. කෙල්ලව උස්සපු කොල්ලගේ යාළුවෝ ටිකව මේ තාත්තා උස්සගෙන ඇවිත් එයාගේ ගෙදර නවත්තගන්නවා. ඒ අතර ඉන්නවා. බබ්ලූ කියලා නාහෙට අහන්නේ නැති හාදයේකුත්. ඉතින් මේ යකා මේ තාත්තව වටේ යවනවා බොරු කිය කිය. මොකද බබ්ලූට ඕන වෙලා ආදරේ කරලා විවාහ වෙන්න තහනම් මේ ගමේ ඉන්න කෙල්ලෙක්ව හොයාගන්න. ඉතින් බලන්නකෝ එහෙනම් කතාව කොහොමද කියලා. පටලැවෙන විදියට කතාව කිව්වේ ඇයි කියලා බලලාම දැනගන්න.

පහලින් එහෙනම් බාගන්නකො
මෙන්න එහෙනම් බාගන්න
                            Image result for download icon
උපසිරසි මෙතනින් බාගන්න 
                      Image result for download icon
( උපසිරසි බයිස්කෝප් වෙතිනි ) 
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon