මෙන්න මැක්සා ෆිල්ම් එකක්.........

Blended (2014)

                  
ඔන්න මුල ඉදන් ඉවර වෙනකම්ම, comedy category එකට අයත් වන ‍ෆිල්ම් එකක් බැලුවේ. ඇත්තටම මේක ලස්සන ‍ෆිල්ම් එකක්. සමහර තැන්වල මට හිනාව පාලනය කරගන්නත් බැරි වුනා. මේක comedy ගනයට අයත් වුනාට, කුතුහලයෙන් බලන්න පුළුවන් ‍ෆිල්ම් එකක්. ඒ වගේම Adventure පැත්තටත් මේක ටිකක් අයත් වෙනවා. Frank Coraci විසින් තමයි මේ අමුතු ‍ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.IMDB rate එක 6.5 වගේ අගයක් අරන් තියෙන්නේත් මේ ‍ෆිල්ම් එකේ තියෙන සාර්ථකත්වය නිසාමයි. ප්‍රධාන නළුවා තමයි, අපි කවුරුත් දන්න Adam Sandler තවත් හොදට හිතාගන්න පුළුවන්නේ ‍ෆිල්ම් එක කොහොමද කියලා. ඒවගේම Drew Barrymore, Kevin Nealon, Terry Crews, Wendi McLendon-Covey වගේ නළු, නිළි පිරිසක් මේ ‍ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.
තිරගත වෙන්න පටන් ගත් දවසේ ඉදන්, මේ වෙනකොට $46,142,813 වගේ ආදායමක් මේ මූවී එකෙන් ලැබිලා තියෙනවා. අපි කවුරුත් දන්න Vernon brothers ආයතනය විසින් තමයි, මේ මුවී එක ලොව පුරා බෙදාහරින්නේ.
කතාව ගැන කියනවනම්, ලොරන් සහ ජිම් කියන්නේ, පවුල් දෙකක දෙන්නෙක්, මේ දෙන්නා අහම්බෙන් තමයි, මුණ ගැහෙන්න ලැබෙන්නේ. ඒ දෙන්නාට, නොසිතු විදිහට අප්‍රිකා සංචාරයක් යන්න ලැබෙනවා. එතනින් එහාට ඉතින් මම කියන්නේ නෑ. මොකද කතාව කිව්වොත් ඔයාලගේ කුතුහලය නැතිවෙනවනේ. මොනවාවුනත් ඇත්තටම මේ ‍ෆිල්ම් එක නම් නියමයි, කියලා කෙටියෙන් කියන්න පුළුවන්.
හරි එහෙනම්, හැමෝටම මේ ‍ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා, කොමඩි බලන අය නම් අනිවාර්යයෙන් බලන්න.
     ======= පහලින් බාගන්නකො =======
මෙන්න එහෙනම් බාගන්න
                          
උපසිරසි මෙතනින් බාගන්න
                                
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.