මෙන්න තවත් වාසි හින්දි ෆිල්ම් එකක් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Tuesday, August 26, 2014

මෙන්න තවත් වාසි හින්දි ෆිල්ම් එකක්

Filmistaan (2014) 


                        

මෙන්න එහෙනම් අදත් අපේ යාළුවන්ට මම තවත් අලුත් ෆිල්ම් එකක් ගෙනවා....වැඩි කතා නැතුව අපි  කතාව පැත්තට හැරෙමුකෝ.

මේක imdb අගය 7.1ක් ලබාගන තියෙන චිත්‍රපටියක්. අපිට වැඩිය දැකලා පුරුදු නළු නිලියෝ ටිකක් නම් නෙවෙයි ඉන්නේ. කතාව තියෙන්නේ සනී අරෝරා කියන පුද්ගලයෙක් ගැන. එයා පුංචි කාලේ ඉදලම රගපෑමට ගොඩක් කැමති කෙනෙක්. හැබැයි එයා යන හැම ඔඩිෂන් එකකින්ම එයාව ප්‍රතික්ෂේප වෙනවා. අන්තිමට කොහොමහරි එයාට සහය අධ්‍යක්ෂක වරයෙක් හැටියට වැඩ කරන්න ලැබෙනවා. අපි දන්න හැම නළුවෙක්ම වගේ සහය අධ්‍යක්ෂකවරයෙක් විදයට ඉදල දැන් ඔය ඉන්න තත්වයට ඇවිල්ලා ඉන්නේ කියලා තමයි එයාලා කියන්නේ. ඉතිං කොහොමහරි මේ සනී ඇමරිකානු චිත්‍රපට කණ්ඩායමක් එක්ක පකිස්ථාන දේශසීමාව ආසන්නනයේ රූපගතකිරීම් වලට යනවා. ඒ අතරෙදි  මුස්ලිම් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් එයාව පැහැරගෙන යනවා. අර ඇමරිකානුවෝ වෙනුවට වැරදිලා. ඉතිං මේ ත්‍රස්ත වාදීන් සනීව තියාගන්නවා ඇමරිකානුවන්  ටික අල්ලගන්නකන්. මෙහේදී මෙයාව ගිහින් නවත්වන්නේ ඉන්දියාවෙන් හොන් චිත්‍රලටි ගෙනල්ලා පෙන්වන ගෙදරක. ඉතිං කතාව බාගෙන බලන්නකෝ, සනීට මෙතනින් බේරිලා යන්න පුළුවන් වෙයිද කියලා. හාස්‍ය පිරුණු ඉතාම හොද අර්ථයක් සහිත කතාවක් තමයි මේක.

  _-_-_-_-_-_-_-_- එහෙනම් පහලින් බාගන්නකො -_-_-_-_-_-_-_-

මෙන්න එහෙනම් බාගන්න

                          

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

                           

(සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                        එහෙනම් නැවත හමුවනතුරු ජය….෴෴

No comments:

Post a Comment