මෙන්න හොල්මන් වලට ආස අයට හොල්මන් ෆිල්ම් එකක්

August 27, 2014

Leprechaun: Origins (2014)

             

විනාඩි 90ක් පුරා දෙවන මේ කතාව සැක් ලිප්වොස්කි විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. හැරිස් විල්කින්ස්න් තමයි මේ සිතුවමේ කතාව ලියන්නේ. කොහොම නමුත් මේ චිත්‍රපටියේ WWE චරිතයක් වන හෝර්න්ස්වොගල් කියලා අපි wwe එක ඇතුලේ හඳුනන කුරුමිට්ටත් රඟපානවා. ගොඩක්ම කියන්න ඕන මේ චිත්‍රපටිය WWEලගේ එකක්. ඒවගේම Leprechaun කියන කතාමාලවේ හත්වෙනි කතාව තමයි මේ චිත්‍රපටිය...... 
කලින් කීවා වගේම WWE Studiosලායි Lionsgateලයි එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය කරන්නේ.
කතාව ගෙතෙන්නේ මෙහෙමයි. හතර දෙනෙක් එනවා යම්කිසි ගමකට. ඒ විනෝදය ලබන්න විතරක් නෙමෙයි. යම්කිසි පර්යේෂනාත්මක වැඩකටත් එක්කයි මේ හතර දෙනා එන්නේ. හැබැයි මේ හතර දෙනා හිතන්නේ මේ ගමේ කවුරුවත් නෑ කියලා. ඒත් මේ අය නොදන්න එක දෙයක් මේ ගමේ තිබුනා. ඒ තමයි මේ ගමේ මිනිස්සු ඉන්න එක. හැබැයි ඒවගේම ඒ ගමේ මිනිස්සු විතරක් දන්න, පිට කවුරුවත්ම නොදන්න එක දෙයක් තිබුනා. ඒ ගමට ඇතුලුවෙන හැම පිටස්තරයෙක්ම ආපහු යන්නේ නෑ කියන එක. මේ හතර දෙනා ඒ ගැන මොකවත්ම දන්නේ නෑ. ඉතිං, මෙයාලා ගමට යද්දී බාර් එකක් තියෙනවා දකිනවා. හතර දෙනා බාර් එකට ගිහින් ගම ගැන එක එක ඒවා කියද්දී ගමේ මනුස්සයෙක් හේමිෂ් කියලා මේ අයත් එක්ක කතාවට වැටෙනවා. ඒ අඳුරගැනිල්ලෙන් හේමිෂ් මේ අයට නවතින්න තැනක් ලෑස්ති කරලා දෙනවා. කොහොමහරි රෑ වෙද්දී එක එක සද්ධ ඇහෙන්න ගන්නවා. එක ගෑණු ලමයෙක් ජනේලේ ගාවට ගිහින් බලද්දී තේරුම්ගන්න බැරි විදිහේ දෙයක් ජනේලෙන් එකපාරටම එහාපැත්තට යනවා. ඔහොම සිඳුවීම ගලාගෙන යද්දී මෙතන ඉන්න තව කෙනෙක්ට තේරුම්යනවා මේ හොල්මන, නැත්නම් මේ අමුතු සතා එන්නේ රත්‍රං පස්සේ කියලා. ඉතිං රත්‍රං පැලදගෙන ඉන්න අය පස්සේ විතරක් ඇයි මේ සතා එන්නේ?, මොකක්ද ඒකට හේතුව?, ඇයි හේමිෂ් මේ කට්ටියට උදව් කරන්නේ?, කොහොමද මේ සතාව නතර කරන්නේ?, කොහොමද මේ අය බේරෙන්නේ? එක ඔයාලම බලන්නකො එහෙනම්.......
&&&&&& ඔන්න එහෙනම් පහලින් බාගන්නකො &&&&&&&
මෙන්න බාගන්න 
                 
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                              
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
              එහෙනම් මං යනවා.......ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon