මෙන්න තවත් තෙලුගු ෆිල්ම් එකක්

Paisa (2014) 



               
චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම්.
යම් පළාතක ඡන්දයක් තියෙනවා. ඒ පළාතේ සභාපති තනතුරට. මේ ඡන්දෙට වැඩ කරලා ඇමති තනතුර බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් පොරොන්දු වෙනවා ඒ පළාතේ සභාපති වෙන්න ඉන්න කෙනාට කෝටි පනහක් දෙන්න. ඒ ඡන්ද වැඩකටයුතු වලට. කොහොම හරි මේ සල්ලි ප්‍රවාහණය කරන්නේ හොරෙන්. 

ඒ වගේම නූර් කියලා මුස්ලිම් ගෑනු ලමයෙක් ඉන්නවා. එයාගේ පවුලේ සහෝදරියෝ 6ක්, සහෝදරයෝ දෙන්නෙක් වගේම අම්මත් ඉන්නවා. මේ අය ජීවත් වෙන්න යාදේව් කියලා කෙනෙක්ගෙන් ණයක් ගන්නවා. යාදේව් මෙයාලා ණය නොදෙන හන්දා නූර්ව රාත්‍රී නැටුම් ශාලාවකට යවලා නූර් මඟින් ඒ සල්ලි ටික අරගන්න උත්සාහ කරනවා. ඒත් ඩුබායි වල ඉදන් එන නාකි මනුස්සයෙක්ට මෙයාව බන්දලා දෙන්න හදනවා. ඒ ණය ඕනෙත් නෑ කියලා. කොහොම හරි නූර් ආදරේ කරනවා ප්‍රකාශ් කියලා කෙනෙක්ට. ප්‍රකාශ් කියන්නේ සල්ලි මත්තමෙ මැරෙණ කෙනෙක්. සල්ලි කිව්වොත් ඕනම දෙයක් කරයි. ඔය අතර ප්‍රකාශ් පොඩි සෙල්ලමක් දාලා කෙල්ලෙක්ව යාලු කරගන්නවා. ප්‍රකාශ් එයාට කියන්නේ ස්වීටි මැඩම් කියලා. ප්‍රකාශ් ස්විටි මැඩම්ව යාලු කරගන්නේ ආදරේ කරන්න නෙමේ. එයාගෙන් සල්ලි ගන්න. ප්‍රකාශ්ට මේ ගැන අහන්න ලැබිලා නූර්ව මේ යාදේව්ගෙන් බේරගෙන එක්කරගෙන යනවා. මේ යන අතරතුර යාදේව්ගේ මිනිස්සු ප්‍රකාශ් සහ එයාගේ අනිත් යාලුවෝ දෙන්නයි, නූර්ගේ පස්සෙනුයි පන්නනවා. ඉතින් කරන්න දෙයක් නැති හංදා ප්‍රකාශ් කරන්නේ නවත්තලා තියෙන වාහනයක් බලෙන් අරගෙන යන එක. ඔහොම ගිහින් වාහනේ නවත්තලා බලද්දි පිටිපස්සේ තියෙන්නේ හරියටම කෝටි පනහක සල්ලි. 
:D ඉතිං කෝටි පනහ වාහනේට ආවේ කොහොමද, නූර්ට යාදේව් මොනවා කරයිද, කෝටි පනහ හොරකම් කරා කියලා මේ ප්‍රකාශ්ට අර ඇමති තනතුර බලාගෙන ඉන්න කෙනා මොනවා කරයිද, ඒවගේම අර ස්විටි මැඩම්ට මොනවා වෙයිද, සල්ලි වලට මොනවා වෙයිද…. බලන්න කියලා ආරාධනා කරනවා.:D
 ///////// එහෙනම් පහලින් බාගන්න \\\\\\\\\\\
මෙන්න හෙනම් බාගන්න
             
 සිංහල උපසිරසි මෙතනින් බාගන්න
              
( සිංහල උපසිරස බයිස්කෝප් වෙතිනි )
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon