මෙන්න Captain America Film එක

මෙන්න Captain America: The Winter Soldier (2014)

  

කතාව ගැන කියනවනම් මෙහෙමයි.. “කැප්ටන් ඇමරිකා ගැන දැනගෙන හිටියත් එයාගේ අතීතය ගැන අපි ඒ හැටි දන්නේ නැහැනේ. ඒ වගේම එයා මුල් වතාවට හයිඩ්‍රා බලය පරාද කලාට පස්සේ මොනාද උනේ කියලා අපි දන්නේ නැහැනේ.
මේ සිනමපටයේදී වෙන්නේ ඊට පස්සේ සිදුවුණ සිදුවීම් සමග වර්තමාන සිදුවීම් ගලපාගෙන කතාව ඉදිරියට අරන් යාමක්.. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් නැරඹුවානම් දැනටමත් ඔයාලා දන්නවා ශිල්ඩ් අභ්‍යන්තරයෙම තමයි හයිඩ්‍රා පිලලය වැඩිලා තිබුනේ කියල. ඒ සිදුවීම් ආරම්භ වෙන්නේ කොහොමද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. කැප්ටන් ඇමෙරිකා එහෙම නැත්තම් ස්ටීව් රොජර්ස්ව මරන්නයි ශිල්ඩ් එකේ ඉදපු ඒත් හයිඩ්‍රා පාක්ෂිකයින් ඔට්ටුවෙන්නේ. අහ් ඊට කලින් අධ්‍යක්ෂ නික් ෆියුරිට වෙඩි තියනවා අන්තිම මොහොතේදී නික් ෆියුරි විසින් කැප්ටන්ට යමක් අන්තර්ගත පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා කියනවා. සිද්දිය පටන් ගන්නේ අන්න එහෙමයි. ඔය අතරෙදි මෙතෙක් ඔබ නොදන්නා චරිතයක්ද කතාවට පැමිණෙනවා. පියාබන්න පුළුවන් උපකරණයක් පැලදගත්තු කෙනෙක් එයාගේ නම ෆැල්කෝන්…ඒ වගේම අමතක කරන්නම බැහැ නතාෂා රමනොව්ෆ්. ඔව් එයත් ඉන්නවා. ඇය වෙනුවෙන් ඉදිරියේදී වෙනම සිනමාපටයක් නිර්මාණය කරන්න මාවල් ආයතනය තීරණය කරලා තියනවා කියල ආරංචියකුත් තියනවා. ඉතින් එයා කැප්ටන් ඇමෙරිකා එක්ක මොනාද මේ කරන්නේ…? ඔයාලට මතක ඇති පළමු සිනමපටයේදී කැප්ටන්ගේ හිත ගත්තු යුවතිය පෙගී, එදා යානය කඩන් වැටුනට පස්සේ පෙගීට මොකද උනේ.. ඒ වගේම කැප්ටන් අමෙරිකාගේ පැරණි මිතුරෙක්, මියගියා කියලා හිතන් හිටපු කෙනෙක්. ප්‍රධානම හතුරෙක් විදියට මේකෙදි එලියට එනවා.. ඇයි එයා හතුරෙක් වෙලා තියෙන්නේ…? අහ් ඒ වගේම ඉහල අහසේ සිට අපේ පුංචි ශ්‍රී ලංකාව ඉතාම කදිමට පෙන්නුම් කරන දර්ශනයකුත් තියනවා. විස්තර ටිකක් උඩින් උඩින් කිවුවට හැම දේම කියන්න හිත නැහැ.


 *මෙන්න එහෙනම් බාගන්න

  *සිංහල උපසිරසි මෙතනින් බාගන්න

( උපසිරසි   Baiscope  වෙතිනි )


මෙන්න Scene Shots ටිකක්













No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.