මෙන්න තවත් පට්ටම පට්ට film එකක්

Jarhead 2: Field of Fire (2014) 




Jarhead (2005) ලෙසින් ඒ චිත්‍රපටයට කලින් තවත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියනවා. කොහොම වුණත් මුලින් ගේන්න වුණේ මේක. Action ලෙස තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ .අධ්‍යක්ෂණය Don Michael Paul විසින්. Cole Hauser, Jason Wong, Asen Asenov, Daniel Coetzer වැනි අය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම කියන්න ඕන Stephen Lang ද මෙහි උසස් හමුදානිලධරයෙක් විදියට රංගනයෙන් දායක වෙනවා. Terra Nova කතමාලාව සහ  Avatar, Conan the Barbarian  වගේ චිත්‍රපටවලදී ඔහුව මතක ඇතිනේ. Universal Pictures නිෂ්පාදනයක්. තවම නිල වශයෙන් නිකුත් වී නැති නිසා IMDb අගයක් නම් දැක්වෙන්නේ නෑ. පළමු චිත්‍රපටයටත් 7.1 ක් වගේ අගයක් ලැබිලා තියෙන නිසා අනිවාර්‍යයෙන්ම මේ චිත්‍රපටයටත් ඒ හා සමාන අගයක් ලැබිය යුතුමයි.



මේකයි කතාව. Jarheads කියලා කියන්නේ ඇමරිකානු මැරීන් සෙබළුන්ට කියන තවත් වචනයක්. ඇෆ්ගනිස්ථානයේ සැපයුම් කළමනාකරණ හමුදා ඒකකයේ ඉන්න ක්‍රිස් මෙරිමට් සහ සෝටෝ, ඩැනී, කෙට්නර්, ලී යන මැරීන් සෙබළු කණ්ඩායම සහ කලීඩ් කියන ස්වදේශික භටයෙකුට භාර වෙනවා සැපයුම් ප්‍රවාහන මෙහෙයුමක්. මේ මෙහෙයුමේදී ඔවුන්ට මුණගැහෙනවා නාවික හමුදා  සීල් සෙබළු කණ්ඩායමක් .කණ්ඩායමක් කිවුවට එතන ඉන්නේ සෙබළු දෙන්නයි, ඇෆ්ගන් තරුණියකුයි විතරයි. මෙයාලත් මේ ගමනට එකතු වෙනවා. ඔය අතරේ එයාලට සැඟවී සිට තලෙයිබාන්වරු ප්‍රහාරයක් එල්ල කරනවා. අර සීල් සෙබළු දෙන්නට පැවරෙන කාර්‍යය තමයි ඇෆ්ගනිස්ථානයට අලුත් බලාපොරොත්තුවක් දෙන අනූෂ් කියන අර තරුණිය ආරක්ෂිතව අරගෙන යන එක. ඒ වගකීම ගන්න ක්‍රිස් මෙරිමට්ගේ කණ්ඩායමටත් සිද්ධ වෙනවා. ඔය විදියට විවිධ බාධක මැද්දේ ක්‍රිස් මෙරිමට් සහ ඔහුගේ කණ්ඩායම තම රාජකාරිය ඉටු කිරීමට කැපවෙලා  ක්‍රියා කරන හැටි තමයි මේ චිත්‍රපටය පුරා දිවෙන්නේ.


<<<<<<<<<<< පහලින් බාගන්නකො ෆිල්ම් එක >>>>>>>>>>>>>>> 

මෙන්න බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 

( සිංහල උපසිරසි baiscope වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.