Header Ads

මෙන්න තවත් පට්ට හින්දි ෆිල්ම් එකක්

F.A.L.T.U (2011)                

                          
මේ චිත්‍රපටය ටිකක් විහිළු පැත්තට බර එකක්. ඒත් සමාජයට හොඳ පණිවිඩයකුත් දෙනවා කියලා මම විශ්වාස කරනවා. මේකට IMDB අගය 4.4/10 ක් ලැබිලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිත Jackky Bhagnani, Puja Gupta, Chandan Roy Sanyal සහ Angad Bedi විසින් නිරූපණය කරනවා. මේක මුල ඉඳලා අග වෙනකන්ම කිසිම පාළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කිව්වොත් 2006 වසරෙදි තිරගත වුණු Accepted කියන හොලිවුඩ් චිත්‍රපටයෙ කතාවට ගොඩක් සමානයි. කතාව ගෙතෙන්නෙ යාළුවො හතරදෙනෙක් වටා. රිතේශ් (Jackky), නැන්ජි (Angad) සහ පූජා (Puja) කියන 3 දෙනා ඉස්කෝලෙ විභාග වලදි හැමදාම අඩු ලකුණු තමයි ගන්නේ. එයාලගෙ අනිත් යාළුවා විෂ්ණු (Chandan) එයාගෙ තාත්තගෙ පීඩනය නිසාම ඉහළ ලකුණු අරන් හොඳ කැම්පස් එකකට තේරෙනවා. ඒත් අනිත් අයට බැරි වෙනවා. ඒ නිසා මේ අයට ගෙවල් වලින් විසුමක් වෙන්නෙ නෑ. අපේ වගේම තමයි.... මෙයාලා ගෙවල් වලින් බේරෙන්නම බැරි නිසා එයාලව රවට්ටන්න බොරු නමක් දාපු කැම්පස් එකක ලියුමක් පෙන්නලා ඒකට තේරුණා කියනවා. ඒත් එයාලට ඒකෙන් බේරෙන්න වෙන්නෙ නෑ. තාත්තලා අම්මලාට කැම්පස් එක බලන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ මෙයාලට කැම්පස් එකක් හදන්න වෙනවා. ඒත් කරදරනම් අඩු වෙන්නෙ නෑ. එයාලට වෙන මේ කරදර මොනාද, එයාලා ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙ නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
එයාලා බොරු නම් ගොඩක් එකතු කරලා කැම්පස් එකට දාන නමේ වචන වල මුල් අකුරු එකතු වුණාම තමයි FALTU කියල හැදෙන්නේ. කැම්පස් එක හැදුවටත් පස්සෙ තමයි එහෙම කෙටිනමක් හැදෙනව කියල එයාලා දැනගන්නේ. ප්‍රශ්නෙ වෙන්නෙ අහම්බෙන් වගේ ඒකට තේරුමකුත් තියෙන එක. හින්දි භාෂාවෙන් FALTU කියන්නෙ ”ප්‍රයෝජනයක් නෑ” කියන එක. එහෙනම් මේ කැම්පස් එකෙන් නම වගේම ඇත්තටමත් ප්‍රයෝජනයක් නැද්ද කියල බලලම තේරුම් ගන්නකෝ..............
              ::::::::::::::::::::: එහෙනම් පහලින් බාගන්න ::::::::::::::::
මෙන්න එහෙනම් බාගන්න 
                  
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                   
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                    එහෙනම් මම යනවා........ ඔයාලගේ අදහස් දන්න අමතක කරන්න එපා හොදද?                                                                         ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!
                                         animated-thank-you-image-0199                     

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.