මෙන්න ඔයාලට මගෙන් ක්‍රියාදාම චිත්‍රපටියක්

Memories (2013) 

            
ඔන්න මං තවත් නිර්මාණයක් අරන් ආව. මේක මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරපු crime thriller වර්ගයේ සිනමා නිර්මාණයක් imdb අගය 7.9/10 ලෙස සඳහන් කර ගන්න තරම් මේකෙ කතාව හොඳ මට්ටමක තියෙනව.රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම්,හින්දි ,දමිල කියන භාෂා 3නේම චිත්‍රපටිවල රඟපාන ජනප්‍රිය නලුවෙකු වන Prithviraj Sukumaran. Aurangzeb(2013), Mumbai Police(2013), Urumi(2011) ඇතුලු ජනප්‍රිය චිත්‍රපටි රාශියක ප්‍රධාන චරිත ඔහු විසින් නිරූපණය කරල තියෙනවා.ඒ ඇර වෙනත් චරිත රඟපාන අයනම් වැඩිය ජනප්‍රිය අය නෙවෙයි.
ඒ කොහොම උනත් චිත්‍රපටියනම් මුල ඉඳන් අන්තිම මොහොත දක්වාම කෘතුහලය රැඳෙන අයුරින් හොඳට කරලා තියෙනවා .
මේකෙ කතා තේමාව ගත්තොත් මිනිස්සුන්ගෙ අමිහිරි මතකයන් වලට මුහුන දෙන ආකාර වල විවිධත්වය තමයි සාකච්චා කරලා තියෙන්නෙ. සමහරු ඒව වෛරයන්ට පෙරලගන්නවා සමහරු ඒව අමතක කරන්න විවිධ දේ වලට ඇබ්බැහි වෙනවා .සමහරු ආගමානුකූලව ජීවත්වෙලා හිත හදාගන්නවා . ඒ මොනවා කලත් ඒ මතකයන් හැමදාම හිතේ නොමැරී ජීවත් වෙනවා. සතුටු මතකයන් ගත්තාමත් එහෙමයි ඒ මතකයන් අපේ හිතේ බොහෝ කල් රැඳිලා තියෙනව.දැන් දාර්ශනික කතා ඇති .කතාව ටිකක් කියන්නම්කො සෑම් කියන්නෙ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක් ඒත් තරුණ කාලෙදිම රස්සාවෙන් අයින්වෙලා බිබී පිස්සු නටනවා. ඒ එයාගෙ දරුවයි නෝනයි මැරුනු දුකට.මේ අතරේදී පොලිසියට විසඳගන්න බැරි එක සමාන ආකාරයෙන් වෙන මිනීමැරීම් කීපයක් විවිධ ප්‍රදේශවලින් වාර්ථා වෙනවා.පොලිසියට මේවා විසඳගන්න අපහසු නිසා මේකට සම්බන්ධ වෙන්න කියලා පොලිසියෙ ඉන්න කාලෙ සෑම්ගෙ ලොක්ක උන මෙනන් සෑම්ගෙන් ඉල්ලනවා මුලදි අකමැති උනත් දිගින් දිගටම ඉල්ලන නිසා ඔහු මේ ගැන හොයලා බලන්න එකඟ වෙනවා. එතනින් පස්සෙ කතාව ඔයාල මේක බලලම දැනගන්නකෝ.එහෙනම් කතාව ඇතිනේ...පහලින් ගිහිල්ල බාගන්නකො එහෙනම්......

            @@@@@@@@  පහලින් බාගන්න එහෙහ්නම්  @@@@@@@@
මෙන්න එහෙහ්නම් බාගන්න

                           
සිංහල උපසිරසි මෙතනින් බාගන්න

                            

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                                  එහෙනම් මම ගියා......ඔයාලට ජයෙන් ජය!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.