මෙන්න ඔයාලට මගෙන් ලස්සන නාට්‍යමය චිත්‍රපටයක්

A Long Way Down (2014) 

                                         
එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා………ඒත් එතකොට ඔහු පමා වැඩියි” මම අද අරන් ආව චිත්‍රපටියේ කොටසක් උපුටා දැක්වුවේ,
සියදිවි නසා ගැනීම කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නොවන බව දැක්වීමටයි. අපිට මේ ලැබී ඇති සුන්දර ජීවිතය, විනාශ කර නොගත යුතු බැව් කියවෙන චිත්‍රපටියක් තමා මම අද අරගෙන ආවේ.

මේ චිත්‍රපටියේ කතාව දෙසට මඳක් අවධානය යොමු කළොත්, මෙහි කතාව ගෙතී ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සහා කරන සිවු දෙනෙකුගේ, අපුරු හමුවීමක් පිළිබඳවයි. ප්‍රථමයෙන්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හතර වන මාර්ටින්, මෞරීන්, ජේජේ සහ ජෙස් එකිනෙකාව හමුවන්නේ උස කුළුණක් උඩදීයි. හමුවූ පසුවයි ඔවුන් දැන ගන්නේ, ඔවුන් සිවු දෙනාම මෙතනට පැමිණ ඇත්තේ, කුලුණෙන් පහළට පැන සියදිවි නසා ගැනීමට බව. කෙසේ වුවත් එක්තරා ගිවිසුමක් උඩ, ඔවුන් සියදිවි නසා ගැනීම, සති හයකට කල් දමා ගන්නවා. ඉන් පසු ඔවුන්ගේ ජිවිත ගෙවී යන්නේ කෙලෙසද යන්න වටා තමා මේ චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ.
තව දෙයක් කියන්න ඕන. මෙය නාට්‍යමය (Drama) අකාරයේ චිත්‍රපටියක්. එබැවින්, අපේ සමහර යාළුවො බලාපොරොත්තු වෙන විදියේ කුතුහලය, සටන් නම් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ජීවිතයට යමක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. ඒක නිසා කැමති යාළුවො විතරක් මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා අරාධනා කරනවා........
                 ~~~~~~~~~~  පහලින් බාගන්නකො එහෙනම්  ~~~~~~~~
මෙන්න එහෙනම් බාගන්න
                   
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                 
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
             එහෙනම් මමය යනවා....ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවට මතක් කරලා දාන්න...                                                           ඔයාලට ජයෙන් ජය!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon