මෙන්න ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක්

The Two Faces Of January ( 2014 )

                    

IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 11 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. ත්‍රාසජනක ගණයට ගැනෙන මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනේ 2014 අගෝස්තු 28 වෙනිදායි. චිත්‍රපටිය හොඳ පිටපතක් එදාම අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනත් ඒකට ගැලපෙන උපසිරැසියක් නිකුත් වෙලා තිබුනේ අදයි. මෙහි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ්ගෙ චරිතය Lord of the Rings චිත්‍රපටි මාලාවේ Aragorn ගෙ චරිතය රඟ දැක්වූ Viggo Mortensen විසිනුත් කොලේට් ගේ චරිතය Spider Man චිත්‍රපටි මාලාවේ Mary Jane Watsonගෙ චරිතය රඟ දක්වපු Kirsten Dunst විසිනුත් රයිඩල්ගේ චරිතය Robin Hood (2010)චිත්‍රපටියේ Prince John ගෙ චරිතය රඟ දැක්වූ Oscar Isaac විසිනුත් රඟ දක්වනවා.




කතාවත් චුට්ටක් කියන්නම්. 1962 වසරේදි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ් නැමති පුද්ගලයා තම සුන්දර තරුණ බිරිඳ වන කොලේට් සමග ග්‍රීසියේ සංචාරයක යෙදෙනවා. එහිදී ඔවුන්ට රයිඩල් නැමති සංචාරක මගපෙන්වන්නෙක්ව මුණ ගැහෙනවා. මේ රයිඩල්ගේ පියා චෙස්ටර් ‍වගේ හැඩරුව තියෙන පුද්ගලයෙක් කියලයි රයිඩල් කියන්නේ. කොලේට් ගේ සුන්දරත්වයට සහ ‍චෙස්ටර්ගේ මුදල් වලට වහ වැටෙන රයිඩල් ඔවුන්ට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එහිදී රයිඩල් ගැන පැහැදෙන චෙස්ටර් සහ කොලේට් යුවල රයිඩල්ටයි ඔහු‍ගෙ මිතුරියකටයි රෑ කෑමකට ආරාධනා කරනවා. ඉතින් රෑ කෑම ඉවර කරලා රයිඩල් ඔහුගෙ පෙම්වතියව ඇරලවන්න යනකොට ඒ කුලී රියේ තිබිලා කොලේට් ට අයිති අත් පළඳනාවක් හමු වෙනවා. ඒක නැවතත් කොලේට් ට ලබා දෙන්න ඔවුන් නැවතිලා ඉන්න ‍හෝටලයට යන රයිඩල්ට දකින්න ලැබෙන්නේ හීනෙකින්වත් නොහිතපු දර්ශණයක්. ඒ චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව හෝටලයේ කොරිඩෝව දිගේ ඇදගෙන යන දර්ශණයක්‍. බැලූ බැල්මට මොකක් හරි කාරණයක් නිසා චෙස්ටර් අමාරුවේ වැටිලා වගෙයි..
ඉතින් යාළුවනේ ඇයි චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව ඇදගෙන යන්නේ?ඒ අප්‍රාණික මිනිහා මිය ගිහින් ද? ඒ දර්ශණය දකින රයිඩල් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? රයිඩල් ඇත්තටම මේ මැක්ෆාර්ලෑන්ඩ් යුවලට ලං වෙන එකේ පරමාර්ථය මොකක්ද? ඇත්තටම රයිඩල්ගෙ තාත්තා චෙස්ටර් වගේද? නැත්නම් ඒක රයිඩල් මෙයාලට ලං වෙන්න කියන බොරුවක්ද? කියලා කතාව බලලම දැනගන්න.......
              +++++++++ ඔන්න එහෙනම් පහලින් බාගන්නකො ++++++++++  
මෙන්න බාගන්න
                       
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                     
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                        එහෙනම් ඔයාල කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකො.......                                                                            ඔයාලට ජයෙන් ජය!!!!!!!!
                                        animated-thank-you-image-0035
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon