"යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට"

22 Jump Street (2014) 

           
ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET කියලා ඔය වගේ දිගට ඇදිලා යනවා. මේ චිත්‍රපටියේ අගදී ඒ ඉදිරියට එන චිත්‍රපටි වල තේමාව බලාගන්න ඔයාලට පුලවන්.

මේ 22 Jump Street කියන්නේ මේ අවුරුද්දේ එළියට ආපු ක්‍රියාදාම, විහිළු කියන කොටස් වලට දාන්න පුළුවන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරන්නේ Phil Lord සහ Christopher Miller විසින්. නිෂ්පානයෙන් සහ රංඟනයෙන් දායක වෙනවා Jonah Hill සහ Channing Tatum. මේක ලියලා තියෙන්නේ Michael Bacall, Oren Uziel සහ Rodney Rothman. මේක චිත්‍රපටිය පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම රූපවාහිනියේ විකාශනය වෙච්ච කතාමාලාවක් තුළින්. මේ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට නිකුත් උණේ මේ අවුරුද්දේ (2014) ජූනි 13 වෙනිදා Columbia Pictures සහ Metro-Goldwayn-Mayer විසින්. මේ චිත්‍රපටියට කාගෙන්වත් බැණුම්නම් මේ වෙනකම් අහන්න ලැබුලා නෑ. ඒ වගේම ඩොලර් මිලියන 324කට වඩා උපයලා බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිහින් තියෙනවා. මේකේ තුන්වෙනි චිත්‍රපටිය, ඒ කියන්නේ 23 JUMP STREET චිත්‍රපටිය මේ වෙද්දී ගොඩනැගෙමින් පවතිනවා, Lord සහ Miller නිෂ්පාදකයින් විදිහට ඉදිමින්.
2014 සැප්තැම්බර් 27 වෙනිදා වෙද්දී මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 191.1ක් උතුරු ඇමරිකාවේදීත්, ඩොලර් මිලියන 133.3ක් අනිකුත් රටවලදී හොයාගෙන, ලෝකෙන්ම ඩොලර් මිලියන 324.4ක ආදායමක් උපයාගෙන තියෙනවා. මේ චිත්‍රපටිය පෙන්වපු පළවෙනි දවසේ ආදායම ඩොලර් මිලියන විසිපහක්.
කතාව පොඩ්ඩක් කියන්නම්.
දෙපාරක්ම උසස් පාසලට ගියාට පස්සේ, ලොකු අවස්ථාවක් ලැබෙනවා නිලධාරී ෂැමිඩ්ටයි ජෙන්කෝටයි එයාලට රහස් මෙහෙයුමක නිරත වෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන පාසලක. හේතුව තමයි වයිෆායි කියලා මත්ද්‍රව්‍යයක් ඒ පාසලේ ගෑණුළමයකේ පාවිච්චි කරලා මියගිහින් තියෙනවා. ඉිත්න මේ ගැන හොයන්න මේ දෙන්නා ඒ පාසලට යනවා. මෙයාලට තියෙන්නේ එකම එක සාක්කියයි. ඒ තමයි මේ මැරුණ ගෑනු ළමයා කෙනෙක්ගෙන් මේ වයිෆායි කියන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් අරගන්න එක. නමුත් මෙයාලට මේ ගෑනු ළමයගේ මූණ විතරයි පේන්න තියෙන්නේ මේ පින්තූරේ. අනිත් කෙනාගේ මූණ පේන්නේ නෑ. ඉතින් මෙයාලා පාසල ඇතුළට ගිහින් හොරෙන් මේ ගැන විස්තර හොයන්න ගන්නවා......
වැඩිය කියන්නේ නෑ. මොකද එහෙම කියන්න ගියොත් ඇත්තටම කොටසින් කොටස කියවෙනවා. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. විනාඩි 112ක් පුරාවට දිවෙන මේ කතාවේදී ඔයාලට කම්මැලිකමක් දැනෙන්නම් නැතිවෙයි කියලා මට හොඳටම විහ්වාසයි.........
..෴..෴..෴ ..෴..෴..෴  පහලින් බාගන්න එහෙනම් ..෴..෴..෴ ..෴..෴..෴ 
මෙන්න එහෙනම් බාගන්න
                           
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                          
සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
   මම එහෙනම් යන්නයි හදන්නේ.ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවටත් එක කරන්න එහෙනම්.....                                                 එහෙනම් මම ගියා                                                                                                         ඔයාලට ජයෙන් ජය!!!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers