"සහෘද ප්‍රේමය උදෙසා"මෙන්න ත්‍රාසජනක කතාවක්

Falcon Rising (2014) 

                                           
මේ Falcon RIsing කියන චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ ෆවේලා කියන බ්‍රසීලයේ තියෙන නගරයක සිඳුවෙන යම්කිසි කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Michael Jai White. මෙයා Arrow ටීවි කතාමාලාවේ Ben Turner චරිතයට, The Dark night (2008)Blood and Bone (2009), Undisputed 2: last man standing (2009), Mortal Kombat: Legacy රූපවාහිනී කතාමාලාවේ, All legend of Bruce Lee කතාමාලවන්හි Ali චරිතයට
Justice League වාගේ ජනප්‍රිය කතාමාලාවන් රාශියකට චරිත පණපොවා තිබෙනවා. මොහු රංගන ශිල්පියෙක් විතරක් නොව, ලේඛකයෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් ද වෙනවා.

මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, මේ චිත්‍රපටියේ
අධ්‍යක්ෂක වෙන්නේ Ernie Barbarash.
චිත්‍රපටිය ලිව්වේ Y.T. Parazi.
නිෂ්පාදනය කරේ Shahar Stroh සහ Etchie Stroh.
ප්‍රධාන චරිත වෙන්නේ Michael Jai White, Neal McDonough සහ Laila Ali
චිත්‍රපටිය දිවෙන කාලය විනාඩි සීයයි.
කතාව මෙහෙමයි.
ෆවේලා කියන්නේ කලින් කිව්වා වගේම බ්‍රසීලයේ තියෙන නගරයක්. මේ නගරය පිරිලා තියෙන්නේ කුඩු ව්‍යාපාරකයින්ගෙන්, ගණිකා ව්‍යාපාරිකයන්ගෙන්, මිණීමරුවන්ගෙන්. ඉතින් මේ ෆවේලා කියන නගරය දුප්පත් නගරයක්. මේ නගරයට උදව් කරන්න ඇමරිකාවේ සින්ඩි චාප්මන් කියලා කෙනෙක් ස්වේච්ඡාවෙන් යනවා. මෙයා ජෝන් ෆැල්කන් චාප්මන්ගෙන් අක්කා. ජෝන් කියන්නේ හමුදාවේ ඉදන් අයින් වෙච්ච කෙනෙක්. යුද්දේදී ඇතිවෙච්ච යම් ගැටළුකාරී තත්වයන් නිසා මෙයාගේ මනස අවුල් ජංජාලයක් වෙලයි තියෙන්නේ. මේ මනුස්සයා කරන්නේ උදේ ඉදං රෑ වෙනකං බොන එකමයි. ඒ යුද්දේදී තමන්ගේ සගයන් අමානුෂික ලෙස මියගියපු දුක දරාගන්න බැරිනිසා වගේම එයාට ඒක ලොකු හිසරදයක් නිසා. සින්ඩි ෆවේලා වලට ගියාට පස්සේ දවස් කිහිපයකින් ජෝ්ට ඇමතුමක් එනවා බ්‍රසීලයේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්, ඒ එයාගේ අක්කට දරුණු විදිහට පහර දීමක් සිඳුවෙලා කියලා. ජෝන් ඒ ගමන්ම බ්‍රසීලයට ගමන් කරනවා. බ්‍රසීලයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉන්නේ ජෝන් සමඟ හමුදාවේදී එකට වැඩකරපු මැනී කියලා කෙනෙක්. ඉතින් මැනී මෙයාට උදව් කරනවා ෆවේලා වලට යන්න. සින්ඩිට සිද්ධ වෙච්ච මේ අපරාධය ගැන හොයාන්න ඒ රටේ ඉන්න පරීක්ෂකයෙක් වන තියාගෝට බාරදෙනවා. තියාගෝ පොලිස් නිලධාරිිනියක් වන කටරීනා ද සිල්වාට මේ ජෝන් ගැන බලාගන්න කියලා බාරදෙනවා.
ජෝන් කටරීනාත් එක්ක සින්ඩිගේ අපරාධය සිද්ධ වෙච්ච තැනට යනවා. ජෝන්ට ඕන කරන්නේ දැන් මේක කරේ කවුද කියලා දැනගන්න. ඔය අතරේදී සින්ඩිගේ කරේ තිබුණ මාලේ කෙනෙක් දාගෙන ඉන්නවා දකිනවා. ජෝන් ඒ කෙනාගෙන් ප්‍රශ්න කරද්දී සින්ඩිගේ ඩයරියක් ජෝන්ට ඒ කෙනා දෙනවා. හැබැයි ඒ වගේම එයා කියනවා එයාගේ නංගී මරීයා දැන් දවස් කීපයක ඉදන් අතුරුදහන් කියලා. ඒ වගේම පොලිස් නිලධාරිිනියත් කියනවා ෆවේලා වල පොඩි ළමයි කිහිප දෙනෙක්ම මේ විදිහටම අතුරුදහන් වෙලා කියලා. ඉතින් ජෝන් එයාගේ වැඩ පටං ගන්නවා. ඒ තමන්ගේ සහෝදරියට සිඳුවුන අපරාධය ගැන හොයාගන්න. නමුත් සිද්ධ වෙන්නේනම් ලොකුම ලොකු වෙනස්ම ආකාරයේ දෙයක්. මොකද අතරමඟදී ජෝන්ට දැනගන්න ලැබෙනවා සින්ඩි සමාජ සේවිකාවක් විදිහට ෆවේලා වල හිටියට සින්ඩි වෙන විදිහක යම් පරීක්ෂණයක් ෆවේලා වල සිඳුකරපු බවට. ඉතින්…
බලන්න මොකක්ද මේ පරීක්ෂණය සින්ඩි කරපු කියලා. ඒ වගේම සින්ඩිට මොකද උණේ, මරීයාට මොකද උණේ, ෆවේලා වල අනිත් දරුවන්ට මොකද උණේ, ජෝන්ට මොකද වෙන්නේ, අවසානය කොහොම වෙයිද කියලා........
              ❤❤❤❤❤❤❤❤❤  එහෙනම් පහලින් බාගන්න ❤❤❤❤❤❤❤❤❤
මෙන්න එහෙනම් බාගන්න 
                    
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                   
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

            එහෙනම් මම යනවා....ඔයාලගේ අදහස් එකතු කරන්න අමතක කරන්න එපා.....                                                                ඔයාලට ජයෙන් ජය!!!!!!                                                                                                             ❤❤❤

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.