"මීයගෙයි පුසගෙයි සෙල්ලම්"මෙන්න අපේ පොඩි කස්ටියට

Tom And Jerry The Lost Dragon (2014) 


                                

ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබාලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි කාලේ මේ වගේ කාටුන් කොයිතරම් බලල ඇතිද? ඒත් දැන් බලනවද, නැහැ නේද?නමුත් පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් මේ ජීවතේ තවත් මොනවද නෙහ්. සතුට තමයි හැමදේටම වැදගත් වෙන්නේ.
ඒකාකාරී ජීවිතෙන් මිදිලා වෙනසක් දකින්න නම් මේ වගේ කාටූන් එකක් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. අනික ලොකු කුඩා හැමෝටම මේ වගේ කාටුන් එකක් බලලා සතුටු වෙන්න පුළුවන්.....

ඔන්න ඉතිං එකමත් එක කාලෙක කුඩා ගම්මානයක අථීනා කියලා ගැහැණු ළමයෙක් උන්නා. එයා සත්තුන්ට හරිම ආදරෙයි. ඒ නිසා එයා කිසිම පිළිසරණක් නැති සත්තු එයාගේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයට අරගෙන එනවා. ඒ වගේ දෙන්නෙක් තමයි මේ ටොම් සහ ජෙරී කියන්නේ. තවත් ගොඩාක් සත්තු ඉන්නවා.

ඩිසෙල්ඩා කියන්නේ මන්තරකාරියක්, කෝල්ඩෝෆ් කියන්නේ ගම්මානය ආරක්‍ෂා කරන්න ඉන්න මන්තරකරුවා. මේ දෙන්නා කාලයක් තිස්සේ තරහින් ඉන්නේ. ඩිසෙල්ඩා ට ඕනේ කරනවා ගම යටත් කරගන්න, ඒත් ඊට කලින් කෝල්ඩෝෆ්ව පරාජය කරලා ඉන්න වෙනවා, ඒකට එයාට තියෙන මන්තර බලය අඩු නිසා එයා ඒ වෙනුවෙන් පිළියම් සොයනවා. ඒ මකර බිත්තරයක් හොයාගෙන ඒ මකරාගේ ගින්දර වලින් තවත් ශක්තිමත් වෙලා කෝල්ඩෝෆ් ව පරාජය කරන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්. මේ බිත්තරේ අථීනා ට ලැබෙනවා. මකර පැටියා එයාගේ මධ්‍යස්ථානයේ තමයි හැදෙන්නේ. මේ අතරේ ටොම් සහ ජෙරී පිස්සු නටනවා, වෙනදා වගේම අපේ බබාලට හිනා වේවි බලන්න පුළුවන් ඔන්න.....
                 ♣♣♣♣♣♣♣♣♣♣♣ පහලින් බාගන්න එහෙනම්  ♣♣♣♣♣♣♣♣♣♣♣♣
මෙන්න එහෙනම් බාගන්න
                        
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                       
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මම එහෙනම් යනවා.....මේ ෆිල්ම් එකටත් ඔයලාගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා....                         ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!                            
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers