මෙන්න කාර්ටුන් චිත්රපටි වලට ආස අයට

How to Train Your Dragon 2 (2014)

                            
Cressida Cowell තමයි මුලින්ම මකරුන් හා වයිකින්වරුන් එක්කොට සිහින දැක්කේ, නමුත් 2003 වසර වෙන විට ඔහු How to Train Your Dragon නමින් ඒ හීනය අපිත් එකක් බෙදාගන්නවා. ඇති සාර්ථක ලෙස අලෙවි වීමත් එකක් How to Train Your Dragon මේ වනවිට ග්‍රන්ථ 11 ක් කතා මාලාවක් බවට පත් වෙලා තියනවා. හැබැයි How to Train Your Dragon ගැන අපි බොහොම දෙනෙක් දැනගන්නේ How to Train Your Dragon (2010) සිනමා නිර්මාණයත් එකක්. මේ වනටිට IMDB දර්ශකයේ 8.2 ක් වගේ ඉහල අගයක් බලාගෙන හොඳම චිත්‍රපට 250 තුල 152 තැනට මුල් සිනමා නිර්මාණය පත්වෙලා තියනවා. වියදම වෙන්නේ මිලියන 165ක් එයින් මිලියන 495 කට ආසන්න අදායමක් උපයාගන්න DreamWorks Animation සමාගමේ මකර
කෙලිය සමත් වෙනවා. ඒ සාර්ථකත්වයත් එක්කම ටෙලි කතා මාලාවක් හා කෙටි චිත්‍රපට ගණනක් බිහිවන්නේ කතා මාලාවේ ස්ථාවරය මොනවට පැහැදිලි කරමින්.

ඔන්න ඔහොම තමයි How to Train Your Dragon 2 සඳහා අඩිතාලම වැටෙන්නේ.  Dean DeBlois මෙවරත් අධ්‍යක්ෂක පුටුවට එන්නේ මිලියන 145ක් වියදම් කරන්න බලාගෙන, පහුගිය වතාවට වඩා අඩු මුදලක් ඒක ඇත්තටම. මෙවර අදායම මිලියන 592 කට ආසන්න වීමෙන් පේනවා නෙව සාර්ථකත්වය. ඒ මුදලින් මෙවර IMDB අගය 8.3 ක් වෙනවා හොඳම 250 තුල 192 වන ස්ථානය තමයි මේ වනවිට මකර කෙලිය හිමි කොටගෙන තිබ්බේ. මෙවරත් Jay Baruchel, Cate Blanchett, Gerard Butler, Jonah Hill, Christopher Mintz-Plasse හා තවත් විශාල හඬ නළු නිලි පිරිසක් මේ කාර්යය පසුපස ඉන්නවා.
2010 චිත්‍රපට වෙනකොට හිකප් පොඩි වයිකින්ග් කොලුවෙක්, අම්මා නැහැ තාත්තා තමයි මගේ නායකයා බොහොම කලකිරුණු ජිවිතයක් ගත කල වගේ මතයි. කොහොම නමුත් හිකප් මකරෙක් දඩයම් කරන්න ගිහින් වුන ලොකු සිදුවීම් සමුදායක් එකක් ඔහුගේ හොඳ මිතුරා බවට නිශා ම්කරෙක් පත්වුණා හැටිත්. මකරුන් හා බද්ධ වෛරයෙන් උන්න ගම්මානය මකරුන් හා සමාදාන උන හැටිත් මතක ඇති කියල හිතනවා.
විකාර ගොඩක් කිව්වා එකේ දැන් කතාව් පැත්තට එන්නම්, දැන් හිකප් අවුරුදු 20 ක තරුණයෙක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ටුත්ලස් එක්ක රට තොට ගවේෂණය තමයි දවසම කරන්නේ. කොහොමෙන් කොහොම හරි හිකප් ගවේෂණ ච්රිකාවක් ගිහින් ඉන්නා අතරේ ඔහුගේ විශේෂ මිතුරිය එනවා ඔහු බලන්න, තමුන් මගේ නායකයා කරන්න පියාගේ ඇති අරමුණ එහෙමත් කියල කට ගන්න වෙන්නේ නැහැ යමක් දකිනවා හිකප්. ඉතින් දෙන්නා යනවා ඒ මොකද්ද බලන්න, හිතුවා වගේ නෙමෙයි ඔන්න මෙන්න විනාස වුන බලකොටුවක් හිමෙන් වැහිලා සාමාන්‍ය හිම නෙමෙයි අමුතුයි. එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා මකරුන් දෙන්නගෙන් එක මකරෙක් කොටු කරගන්න බලකොටු වැසියන් සමත් වෙනවා. ඉතින් හිකප් ගිහින් ඒ උදවිය එකක් කතා කරනවා වැඩි හිතහොදක් නැති උනත් මාරක හමුදාවක් හදන ඩරගෝ බ්ලඩ්ෆිස්ට් නම් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. කොහොම නමුත් එතනින් පැනගන්න හිකප් හා පිරිස මගට ගිහින් කිව්වා විතරයි හිකප්ගේ පියා කලබල වෙනවා, ඒ නපුරක් ලග එන බව දැනගැනීමෙන්.
මොකද්ද මේ නපුර ? කවුද මේ ඩරගෝ බ්ලඩ්ෆිස්ට් ? මේ කතාවේ දී හිකප් හට හමුවෙන විශේෂ විශේෂ පුද්ගලයා කවුද ? කතාවේදී ඔහුට අහිමිවෙන විශේෂ පුද්ගලයා කවුද ? ඇල්ෆා ජීවින් යන කවුද? මකර රැළේ හෙට දවස තීරණය කරන්න කවුද? මේ එකී නොකී ප්‍රශ්න සියල්ල විසදා ගන්න නම් බලන්න වෙනවා........

 +++++++++++ එහෙනම් පහලින් බාගන්නකො +++++++++
මෙන්න එහෙනම් බාගන්න
                       
සිංහල උපසිරසි මෙතනින් බාගන්න 
                       
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
         තවත් මේවගේම සලරුවකින් හමුවෙමු......ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!
                                      animated-thank-you-image-0061   

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.