මෙන්න ඔයාලට මගෙන් සුපිරි කොමඩි ෆිල්ම් එකක්

Chef (2014) මම කැමති විදියට …

                                         
මේකේ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ Jon Favreau. එච්චර ප්‍රසිද්ධ නැතිවුණාට සමහර අයට මතක ඇති. Iron Man චිත්‍රපටවල Happy Hogan ගේ චරිතයට පණ පොවන්නේ මෙයා තමයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Jon Favreau ගේම තමයි. එයා හැරුණම මේ චිත්‍රපටයේ Emjay Anthony, John Leguizamo, Sofía Vergara අදී රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න Scarlett Johansson සහ Robert Downey Jr. ද මේ චිත්‍රපටයේ සුළු චරිත දෙකක් සඳහා දායක වෙනවා. IMDb අගය 7.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ.

කතාව ගැන කියනවනම් :----                                                                                                       කාල් කැස්පර් කියන්නේ සූපවේදියෙක්. අපි හැමෝම දන්න විදියට චෙෆ් කෙනෙක්. මෙයා දික්කසාද වෙලා ඉන්නේ. ඒ වගේම පුතෙකුත් ඉන්නවා. මෙයා සේවය කරන අවන්හලේ මෙයාගේ කෑම ගැන පරීක්ෂා කරන්න පරීක්ෂකවරයෙක් එනවා. මේ එන කෙනා කාල්ගේ කෑම ගැන හොඳක් නම් කියන්නේ නෑ. මේ ආහාර පරීක්ෂකයා කාල්ට අපහාස වෙන විදියට මේක ට්විටර් එකේ දානවා. කාල් ඉතින් ට්වීටර් එකේ ලියාපදිංචි වෙලා මේක කියවලා බලනවා. එයා නොදන්න කමට පෞද්ගලික පණිවිඩයක් කියලා හිතලා අර පරීක්ෂකයාට බැනලා ප්‍රසිද්ධියේ පළ කරනවා. මේ සිද්ධිය නිසා කාල්ට තරහා ගිහින් රස්සාවෙනුත් අස් වෙලා ඉද්දී පරීක්ෂකවරයා ඉන්න අවන්හලට ගිහින් පිස්සෙක් වගේ බැන වදිනවා. මේ නිසා එයාට සමාජයට මූහුණ දෙන්න බැරිව රැකියාවක් හොයාගන්න බැරිවෙනවා. මෙහෙම ඉන්න අතරේ මෙයා බිරිඳගේයාළුවෙකුගෙ උදවුවෙන් ලොරියක කෑම විකුණන ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙයාගේ උදවුවට ඉන්නේ පුතයි මාටින් කියලා යාලුවෙකුයි. මේ කට්ටිය කෑම ලොරියේ ගත කරන සුන්දර ජීවිතය තමයි මේ කථාවේ දැක්වෙන්නෙ.                                                                ලස්සන කතාවක්. හොඳ හොඳ සිද්ධි ටිකක් තියනවා. හැමෝටම බලන්න කියලා යෝජනා කරනවා.......   
              $$$$$$$$$$$  පහලින් බාගන්න එහෙනම්  $$$$$$$$$$$$
මෙන්න එහෙනම් බාගන්න
                      
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                     

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මම යන්නයි හදන්නේ.....ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවට දාගෙනම යන්න....එහෙනම් මම යනවා...                                                   ඔයාලට ජයෙන් ජය!!!!!!!! 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.