සම්මත සමාජයෙ අසම්මත ප්‍රේම වෘතාන්තය…

Blue Is the Warmest Color 2013 (18+) 

                                     
කස්ටියට බලන්න මේ පාර අරගෙන ආවෙ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.9 හිමිකරගිමින් 2013 වසරේ ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් සුපිරි සලරැවක්. බයිස්කෝප් ගැන හොදට දන්න කස්ටියනම් මේ සලරැවගැන විස්තර දන්නවා ඇති. මොකද සම්මානයට පාත්‍රවුන කාලයෙ ලංකාවෙ පුවත්පත්වලයි ගොසිප් වෙබ්අ ඩවිවලයි මේ ගැන විස්තර පලවුනේ හිටු කියලා. 

ඊට කලින් කියන්න ඕනෙ උඩ 18+ කියලා දාලා තිබුනට මේක 21+ චිත්‍රපටයක්ඒ කියන්නෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.
මෙහි කතාව දිවයන්නෙ දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්වන ඇඩෙල් කියන ගෑණුළමයා වටා. මේ ඇඩෙල් තමන්ගෙ පාසලේම ඉන්න තෝමස් කියලා පිරිමිළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා. හැබැයි තෝමස් තමන්ගෙ අවශ්‍යතාවයන් ඉටුකරගත්තට පස්සෙ ඇඩෙල්ව අතාරිනවා .තමන්ට හැමදෙයක්ම නැතිවුනා කියලා ඇඩෙල් දුක්වෙනවා. මේ අතරතුරේ ඇඩෙල්ට අහම්බෙන් වගේ එමා කියන ගෑණුළමයව හම්බෙනවා. එමා ටිකක් අමුතු කෙනෙක්. කෙල්ලෙක් උනාට වැඩකරන්නෙ හරියට කොල්ලෙක් වගේ. ඉතින් කාලයක් යනකොට ඇඩෙල් සහ එමා හොද මිතුරියන් බවට පත්වෙනවා. ඒ යාළුකම කෙමෙන් කෙමෙන් ආදරයකට හැරෙනවා.මෙන්න මෙතන ඉදන් එමා සහ ඇඩෙල්ගෙ අසම්මත ආදර කතාව තමයි ඉදිරියට ඇදෙන්නෙ. කෙටියෙන් කියනවනම් මේක ඇවිල්ලා ආදරය, වෛරය, විරහව, කාමය, යුතුකම් සහ වගකීම් ගැන කියවෙන නුතන සමාජයට ගැලපෙන විචිත්‍රවත් ෆිල්ම් එකක් විදිහට හදුන්වන්න පුලුවන්.......
         ♬♬♬ ♬♬♬ ♬♬♬  පහලින් බාගන්න එහෙනම්  ♬♬♬ ♬♬♬ ♬♬♬
මෙන්න එහෙනම් බාගන්න
                            
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                             
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                      මම එහෙනම් යනවා....ඔයාලගේ අදහස් මේ පොස්ට් එකට එක් කරන්න......                                  ඔයාලට ජයෙන් ජය!!!!!!!              
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon