"ඉදිරියට යන්න නම් සටන්කරන්න"කොරියන් ෆිල්ම් එකක්

Snowpiercer (2013)

                                            
මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් එකේ 80% ආසන්න ප්‍රමාණයක් රූගතකරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපිට නම් කිසිම වෙනසක් තේරෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වගේ තමයි. කොරියානු නිකුතුවේදී සහ ඇමරිකානු නිකුතුවේදී පිළිවෙලින් ඇ.ඩො. මිලියන 80.2ක් සහ 171,187ක් උපයාගැනීමට මේ සුපිරි චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා.
ඒ වගේම IMDB වල 7.0ක සහ Rotten Tomatoes වල 95%ක ඉහළම අගයන් ගන්නත් හැකිවෙලා තියනවා.


මේකෙ කතාව යන්නේ මෙහෙමයි.. ගෝලීය උණුසුම නවත්තන්න විසඳූමක් විදිහට රටවල් 79ක් විසින් CW-7 කියලා කෘතිම සිසිලන රසායන ද්‍රව්‍යක් ඉහළ වායුගෝලයට මුදාහරිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මුලු ලෝකෙම හිමෙන් වැහිලා ගිහින් හැමදෙයක්ම විනාශවෙලා යනවා. මේකෙන් බේරුණ ටික දෙනෙක් අරුම පුදුම, සුපිරි කෝච්චියක වැසියන් බවට පත්වෙනවා. මේ කෝච්චිය තමයි “Snowpiercer” කියලා කියන්නේ. මේ කෝච්චියේ ඉදිරි කොටසේ ඉන්න අය ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන නමුත් කෙළවර කොටසේ ඉන්න අය ඉතාම දුක්බර ජීවිතයක් ගතකරනවා. මේ නිසා කෙළවර කොටසේ සිටින කර්ටිස් කියලා කෙනෙක් අනිත් අයගේ සහයෝගය ඇතිව කෝච්චියේ ඉදිරියට යන්න හදනවා. එයා හදන්නේ මේ කෝච්චියේ අයිතිකාර විල්ෆ්‍රඩ් කියන කෙනාව මුණගැසීමටයි.
ඉතින් මේ අයට ඉදිරියට යන්න පුළුවන් වෙයිද? මේ කෝච්චිය සුපිරියි කියන්නේ ඇයි? ඉස්සරහදී මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්, වල් කෑලි මොනවත්ම නෑ......කතා ඇතිනේ........
                 $$$$$$$$$$$$$$$$   පහලින් බාගන්න එහෙනම්      $$$$$$$$$$$$$$$$ 
මෙන්න එහෙනම් බාගන්න
                          
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                             
( සිංහල උපිසිරසි බයිස්කෝප් වෙතිනි )
මම එහෙනම් යනවා.....ඔයාලගේ කාලයෙන් සුළුවෙලාවක් වෙන් කරලා මේ පොස්ටුවට අදහස් එක්කරන්න.....                                             ඔයාලට ජයෙන් ජය!!!!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon