ඔයාලගේ මැෂින් එක e-threats වලට නතු වෙලාද බලමුද?

පරිගණකයේ වයිරස් ඇත්දැයි දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්‌.          
                  




ඉතින් යලුවනේ අද කියල දෙන්නේ ඔයලගෙ computer එක​ වයිරස් ආසදනයකට ලක්වෙලාද යන්න දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්‌.
BitDefender QuickScan කියලා කියන්නේ අපේ පරිගණකය ඔවුන්ගේ cloud සමග සම්බන්ද කරමින් පරිගණකය scan කර e-threats වලට නතු වෙලාද කියන එක දැනගන්න පුළුවන් advanced online tool එකක්. ඇත්තටම මෙය බාවිතය හරිම සරලයි.
ඕනේ වෙන්නේ පුංචි  browser plugin එකක් ඔබේ web browser එකට ස්ථාපිත කිරීම පමණයි.  අනෙක් online virus scanners වලට වගේ අමතර මෘදුකාංග download කරන්න ඕනේ නැහැ.

ඉතින් මෙය ආරම්බ කරන්න කරන්න තියෙන්නේ  BitDefender QuickScan වෙබ් අඩවියට ගිහින් “Scan Now” කියල තියෙන button එක ක්ලික් කරන එකයි. එසැනින්ම ඔබට දැක ගණන පුළුවන් පොඩි popup window එකක් සමග මෙම Scan එක run කිරීමට අවශ්‍ය browser extension එක. එය install කරගන්න.මෙය කිරිමට යන්නේ විනාඩයක් වගේ පොඩ් කාලයක්.

Scan එක අවසානයේ ඔබේ පරිගණකය කිසිදු බලපෑමකට නතු වී නොමැතිනම් කිසිදෙයක් හමු නොවූ බව දන්වමින් පණිවිඩයක් ද ඔබේ පරිගණකය යම් බලපෑමකට ලක් ව ඇති නම් ඔබේ පරිගණකය යම් ආසදනයකට ලක්ව ඇති බවත් එය ඉවත් කිරීමට අවශ්‍ය බව දක්වමින් පණිවිඩයක් ඔබට දැක ගන්නට පුළුවන්. මෙම Scan එකෙන් මුලිකවම සොයාබලනුගේ ක්‍රියාත්මක වෙමින් පවතින malwares, rootkits සහ keyloggers පිලිබදවයි.


        

එහෙනම් මම යනවා......ඔයාලට ජයෙන් ජය!!!!!!!

animated-thank-you-image-0195    

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon