මෙන්න ඔයාලට ගොඩක් වටින Shortcut ටිකක්

Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න                                                        Shortcut හදමු….                                                      


මම මේ ලිපිය ලියල ගොඩක් කල්.කලින් බ්ලොගර් වලින් තිබුන බ්ලොග් එකේ තිබිල මේක කියවපු අයත් ඇති.කියවපු නැති අයට ඔන්න ආයෙත් දැම්ම.මම මේ කියන්න යන්නෙ පරිගණකය 
Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදාගන්න විදියක් ගැන.Shut Down Shortcut එක එහෙමනම් හදන විදිය දන්න අයත් ඇති.Restart , Sleep , Lock , Hibernate Shortcut හදන විදියනම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති.දන්න නොදන්න හැමෝම කියවල බලන්නකෝ….

දැන් ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එකක් හදල ඉවරවෙලා අනික හදන්න.

╰☆╮Shutdown Computer

    Shutdown.exe -s -t 00


╰☆╮Restart Computer

    Shutdown.exe -r -t 00

╰☆╮  Lock Computer

  Rundll32.exe User32.dll,LockWorkStation

 ╰☆╮ Hibernate Computer

  rundll32.exe PowrProf.dll,SetSuspendState

╰☆╮ Sleep Computer

  rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0


හරි දැන් ඩෙස්ක්ටොප් එකේ Right Click කරල  New → Shortcut කියන එක ක්ලික් කරන්න.




දැන් පහල රූපයෙ තියනවා වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.රූපයෙ ලකුණු කරල තියන තැනට කලින් කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න........
ඊට පස්සෙ Next බටන් එක ක්ලික් කරන්න.එතකොට පහල රූපයෙ විදියට එයි.එතනට Shortcut එකට දාන නම දීල Finish බටන් එක ක්ලික් කරන්න.






දැන් හරි.Shortcut එක උඩ Double Click කරල බලන්නකෝ.ආ කියන්න අමතක උනා ඔයා හැම කෝඩ් එකටම වෙනම Shortcut හදන්න ඕනෙ හොඳද? එක Shortcut එකකින් වෙන්නෙ එක වැඩක් විතරයි.ShutDown එකේ කෝඩ් එක දාල හැදුවොත් ඒකෙන් ShutDown වෙනව විතරයි......


Shortcut එකට Icon එකක් දාගන්න විදිහ…

ඔයා හදපු Shortcut වලට icon දාන්න ඕනෙනම් මුලින්ම Icon එක උඩ Right ක්ලික් කරල Properties වලට යන්න.එතකොට පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් එයි.ඒකෙ Change Icon කියන තැන ක්ලික් කරන්න.





ඊට පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් එයි.ඒකෙ Browse කියන තැන ක්ලික් කරල ඔයාට ඕන Icon එක තෝරල දෙන්න.




මෙන්න මේ පහලින් තියන ලින්ක් එකෙන් Icons ටිකකුත් බාගන්න.
                                 
වෙන ඕනම පින්තූරයක් Icon එකක් විදියට ගන්න ඕනෙනම් මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න. මේකෙන් png/jpg File Icon විදියටත් Icon File jpg/png විදියටත් සේව් කරගන්න ලේසියෙන්ම පුළුවන්.

                                 





එහෙනම් වැඩේ හරිනෙ නේද? ඔන්න මම ගියා එහෙනම්.......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!           

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers