Computer Hardware පාඩම -13

Computer Hardware පාඩම -13 (Hard disk drive-02)



ඉතින් යාලුවනේ Computer Hardware පාඩම,පාඩම් මාලාවේ දහතුන් වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි  දොලහම   ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ  දොලහම බලාගන්නකෝ.

හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න. 
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි. 
  • 1024byte = 1 KB (kilo byte)
  • 1024 KB = 1 MB (Mega byte)
  • 1024 MB = 1 GB (giga byte)
  • 1024 GB = 1 TB (tera byte)

මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.

භ්‍රමණ වේගය RPM (Revolution per minute) 
ඇතැම් අය මෙය  rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.

Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ. 
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.

දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක  platter එකේ  සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.

SATA ඩිස්ක් එකක Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.

SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්. මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ කිසිම චලනය වන කොටසක් නැත. වේගය අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.


හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers