Header Ads

Computer Hardware පාඩම -14

Computer Hardware පාඩම -14 (Expansion Cards)



ඉතින් කොහොමද යාළුවනේ...මම ඔන්න ටික දවසකට පස්සේ ඔයාලට දෙන්න හදන්නේ Computer Hardware පාඩමපාඩම් මාලාවේ දාහතර වැනි ලිපිය.... ඔයාලා අනිවාරයෙන්ම මුල් ලිපි දහතුනම කියවලා ඇතිනේ...... 
කියවපු නැති අය ගිහිල්ලා ඒ පාඩම් ටිකත් බලන්නකෝ....

මොනවාද මේ Expansion Cards කියන්නේ......
අපි දැන් දන්නවා පරිගනකයේ Main board එක මත ඇති උපාංග වල සීමාවන් ඇති බව. එහි නැති කොටසක් අපට පරිගනකයට සවිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා Main board එකේ ඉඩක් වෙන් කර තිබෙනවා. එම ඉඩ පහසුකම අප Expansion Slot නමින් හඳුන්වනවා. ඒවාට සවිකරන උපාංග අප විසින් Expansion Cards නමින් හඳුන්වනවා. මුල් කාලයේ බොහෝ උපාංග පැමිණියේ Expansion Cards ලෙසයි. නමුත් කල් යත්ම ඒවායින් බොහොමයක් On board (මවුපුවරුව මතම සවිකර) නිකුත් කළා. දැන් අප බහුලව භාවිතා කරනා Expansion Cards ගැන කෙටි විමසීමක් කරමු.

I/O Cards.



මේවා තරමක් පැරණි පරිගනක වල (උදා 80286, 80386, 80486) වල භාවිතා වුන අතර ඉන් පසු ඒවායේ Main board එක මත On board I/O ලෙස දක්නට ලැබේ. Hard disk controllers, Floppy disk controllers, Communication controllers (COM1, COM2), Parallel port (Printer port) බොහෝවිට මේවායේ ඇත. පසු කාලීනව මේවා Main board එකෙන් ඉවත් වුවත් දැනටත් මේවායේ භාවිතයන් ඇත. Main board එකට අලුතින් USB port එකතු කර ගැනීමට. අලුත් බෝඩ් වල IDE connectors ඇත්තේ බොහෝවිට එකකි. ඇතැම් විට එකක්වත් නැත. එවන් අවස්ථාවක අලුත් පරිගනකයට පැරණි IDE device එකක් සම්බන්ධ කිරීමට I/O card එකක් භාවිතා කළ හැක. තවත් මෙවැනි භාවිතා රැසක් ඇත.
උදාහරණ.
PCI-Express I/O card එකක්



අලුත්ම පරිගනක වල ප්‍රින්ටරය සඳහා Parallel port එකක් නැත. එහිදී ඉහත ආකාරයේ කාඩ් එකක් භාවිතා කළ හැක.

Video Card (Display Adapter)
Video card එකක් භාවිතා වන්නේ පරිගනකයේ ප්‍රතිදානය (OUT PUT) Display device එකක් මත (Monitor) ලබා ගැනීමටය. විවිධ slot සඳහා නිපදවුන Video card භාවිතා වුන අතර ඒවායින් ඉතා බහුලව භාවිතා වූ Video card වර්ග 4ක් පිළිබඳව මෙහි සඳහන් කෙරේ.
ISA Video card එකක්




PCI Video card එකක්



AGPI Video card එකක්



PCI-Express Video card එකක්
ඉහත දැක්වෙන්නේ මුල් කාලයේ සිට මේ දක්වා Video cards ආකාර 4කි. මේවායේ උප ආකාර කීපයක් පැවතිනි. උදා AGP 2.0, AGP 4.0 ආදී වශයෙන්. මුල් කාලයේ මේවා Main board එක මත දක්නට නොලැබුන අතර පසුව On board card එකක් ලෙස ඇත. එහෙත් තවමත් මේවා අපේ අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමට බෝඩ් එකේ ස්ලොට් එකක් ඇත. අලුත් පරිගනක ක්‍රීඩා, බහුලව ග්‍රැෆික් භාවිතාවන ප්‍රෝග්‍රම් සඳහා වැඩි ප්‍රෝසෙසින් හැකියාවක් හා වැඩි මෙමරියක් සහිත කාඩ් එකක් යොදාගන්නේ මේ පහසුකම නිසාය. එය ඔබ භාවිතා කරන ගේම් එක හෝ ප්‍රෝග්‍රම් එකේ මැනුවල් එකේ දක්වා ඇති ආකාරයට තෝරා ගැනීමට පුළුවන. සාමාන්‍ය කාර්යාලීය කටයුතු, ඉන්ටර්නෙට් භාවිතය සඳහා On board card එකක් ප්‍රමාණවත්ය.

Sound Card.
Sound card එකක් භාවිතා වන්නේ පරිගනකයක ශබ්ද ප්‍රතිදාන ඩිවයිස් (Sound output device) එක ලෙසයි. මේවාද මුල් කාලයේ පරිගනක වල දක්නට බැලුනේ නෑ. පසුව ISA Bus Sound card Expansion Card එකක් ලෙස භාවිතයට එක් වූවා. මේ එවැනි Sound card එකක්.



ISA bus Sound card එකක්.
මේවායේ අමතරව එක් IDE connector එකක් ඇත. මෙවැන්නක් සවි කිරීමේදී මෙහි IDE port එක භාවිතා කරනවානම් On board හෝ Expansion Card එකේ Secondary IDE port එක disable කළ යුතුය. Games සඳහා භාවිතා කරන Joystick සම්බන්ධ කරන game port එක  Sound card එකේම ඇත.


PCI Sound card එකක්.

ISA වලට පසුව PCI Sound card භාවිතයට පැමිණි අතර ඒවැනි card එකක් ඉහත රූපයේ ඇත. මෙහි IDE connector එකක් දක්නට නැත. මුල් කාලයේ PCI card එකක් නිසා මෙහි game port එක දක්නට ඇත. පසුව game controllers USB භාවිතා කිරීම නිසා දැන් අලුත් කාඩ් වල එය නැත. අලුතින් නිපදවන main board වල on board sound card ඇතත් විශේෂ අවස්ථා සඳහා මෙන්ම තත්වයෙන් උසස් sound effects ලබා ගැනීමට Expansion Card එකක් තවමත් භාවිතයට ගනී......

අදට පාඩම ඉවරයි....
එල නේද පාඩම එහෙනම්....
හොදට තෙරුනානේ....එහෙනම් එච්චරයි....

මම යන්න කියල හැදුවේ යාළුවනේ......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාගෙනම යන්නකෝ....
ඔන්න එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


3 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.