"ඝාතකයා අප අසලම විය හැකියි" පට්ට Horror ෆිල්ම් එකක්.

Housebound (2014)

ඔන්න යාළුවනේ මම ඔයාලට ටික දවසකට පස්සේ ගෙනවා සුපිරිම Horror ෆිල්ම් එකක්…ඉතින් ඔයාලා බලලා තියනවනේ Wrong Turn 1,2. අන්න ඒක වගේ තමයි මේ ෆිල්ම් එකත්....හැබැයි Wrong Turn 1,2 එක තමයි හොදම...අනිත් ඒවානම් එච්චර වැඩක් නෑ....අඩුම තරමේ නමටවත්…ඒක නිසා එකයි දෙකයි කිවේ….හරි….මේ ෆිල්ම් එක රිලිස් උනේ මේ අවුරුද්දේ…දවස හරියටම මතක නෑ. කොහොම හරි අලුත් නේ…ඒ ඇති…හැබැයි මෙකේ Wrong Turn වගේ ආයේ අහන්න දෙයක් නැ…...


බලලම තීරනය කරන්නකෝ…මෙකේ  6.9/10-IMDb විශාල ලකුනු සංඛ්‍යාවක් ලබා ගන්න සමත් වෙච්චි ෆිල්ම් එකක් තමා මේක…සාමාන්‍යයෙන් මෙච්ච්රට ලකුනු ගනනක් Horror මූවී එකක් ගන්නෙත් කලාතුරකින්…හොද කතාවකුත් ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.අධ්‍යක්ෂවරයා ලෙස Gerard Johnstone කටයුතු කරල තියෙනවා.අධ්‍යක්ෂවරයා හිතලා තනිකර මොලයෙන් ගේම ගහල තියෙනව කියල පේනවා.ඒ ගේමට රංගනයට දායක වෙන  Morgana O’Reilly (Kylie), Rima Te Wiata (Miriam Bucknell), Cameron Rhodes (Dennis) යන අය හොද සාදරනයක් කරල තියෙනවා.මිනිත්තු 109 ක් පුරා දිවෙන මෙය කුතුහලයෙන් එකදිගටම බලන්න පුලුවන්..........
රෑටනම් බලන්න සෙට් වෙන්න එපා ඔන්න.පොඩි එවුන් ඒක්ක බලන්කොට ටිකක් සැලකිලිමත් වෙන්න…බය වෙන්න එපා එහෙම කිව්වට මෙකේ කිසිම වැඩිහිටි දර්ශනයක් නෑ. පවුලේ සේරටම බලන්න පුලුවන්. මෙකේ කපා කොටා ගන්න සිද්දි ඇතුලත් වෙලා තියන නිසා එහෙම කිව්වේ. දැන්න ඉන්න එවුන්ටනම් ඕවා මොනවද…රස කර කර බලයි......
හරි දැන් කතාව පැත්තට යමුකො…..කයිලි කියන්නේ මැදි වියේ වගේ පසුවන තරුනියක්.කතාව ආරම්භ වෙන්නේ මෙයා බැංකුවක් කඩන්න ගිහින් පොලීසියට මාට්ටු වෙනවා…ඉන් පස්සේ එයාට දඩුවම විදිහට කයිලිට එයාගේ අම්මගේ නිවසේ මාස අටක කාලයක් නිවාස අඩස්සියේ ඉන්න සිද්ද වෙනවා.මෙයා ඉතින් කැමැත්තකින්නම් නෙමේ එහාට යන්නේ..කයිලිගේ අම්මා දෙවෙනි වරටත් විවාහයක් කරගෙන ඉන්න නිසාදෝ වෙන්න ඇති.ඉතින් කයිලිගේ අම්මා ඉන්න නිවසනම් හොල්මන් ගුහාවක් වගේ ගෙයක්…ඉතින් ටික දවසක් ඔහොම කයිලි ඉන්නකොට මේ නිවසේ යම් යම් අමුතු දේවල් වෙන්න ගන්නවා.මෙයාටනම් මේවා ගානක් නෑ.නමුත් මෙයාගේ අම්ම ඒ ගැන දන්නව ටිකක්…ඒක දැනගන්නේ අත්භුත් සිදුවීම් වලට අයත් වැඩසටහනකට කයිලිගෙ අම්මා කතා කරනවා එයා අහන් ඉදලා…කයිලි ඒක ගැන වැඩිය ගනන් ගත්තෙ නැති උනාට පස්සේ එයාටත් මේ නිවස තුල යම් යම් වූ අත්භූත දේවල් වෙනවා කියලා තේරෙනවා…ඇති… ඔහොම කියන් ගියොත් සෙරම කියවෙනවා…ඔයාලා ඉතුරු ටික ගැනගන්න කතාව බලන්නකෝ.....
               ╰☆╮╰☆╮╰☆╮ පහලින් බාගන්නකෝ එහෙනම්  ╰☆╮╰☆╮╰☆╮      

  මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
භාණ්ඩේ එල නේද යාළුවනේ.....
මොනා නැතත් පට්ට ෆිල්ම් එක මේක...

මම යන්න කියල හැදුවේ යාළුවනේ.....

ඔයාලගේ වටිනා අදහස් මේ ලස්සන ෆිල්ම් එකටත් ගෙන යන්න කියල මම ආරාධනා කරනවා.......
මම එහෙනම් ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers