"Send To"එකට අපට අවශ්‍ය Folder එකේ පාත් එක දෙමු.

Windows වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු. 


  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. මොනව  හරි දේවල්  Copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?

  ඒක මග හැරල අපි පෙන් එකට මොනව හරි Send කරනව් වගේ අපිට අවශ්‍ය දේ Copy කරන්න තිබුන නම් ගොඩක් ලේසියි නේද? මම අද කියන්න යන්නෙ කොහොමද "Send To"  එකට අපට අවශ්‍ය Folder එකේ පාත්  එක දෙන්නෙ කියල. 

මම ඒක ඔයාලට පැහැදිලිව කියා දෙන්නම් පියවරෙන් පියවර ......

මුලින්ම මම කියා දෙන්නම් windows 7 අය කොහොමද මේක කර ගන්නෙ කියල. 
Start වලට ගිහින් Shell:Send To කියල Type කරන්න......  
එතකොට ඔයලට මම පහල දාල තියෙන Photo එකේ වගේ දකින්න ලැබෙයි .. 
ඒක Click කරන්න......




ඊට පස්සෙ ඔයාලට පහල Photo එකේ  තියෙනව වගේ Folder එකක් Open වෙයි ඒකෙන් ඔයාලට අනවශ්‍ය ඒව Delete කරන්නත් අවශ්‍ය ඒව එකතු කරන්නත් පුලුවන්........



 ඔයාලට එකතු කිරීමට්  අවශ්‍ය Folder එක Copy කරන්න. ඊට පස්සෙ "Send  To"  ඉහල රූපයේ තිබෙන තැනට පහල Photo එකේ ආකාරයට  Paste Shortcut කරන්න.  මතක තියා ගන්න Paste කරන්න නම් එපා......   




 ඔබට අවශ්‍ය පරිදි ගැලපෙන නමක් දැමිය හැක...... 


කොහොමද වැඩේ හරිම පහසුයි නේද? 


Windows Xp අයටත් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ..... 

Folder Options වලින් Hidden Files show වෙන ආකාරයට  හදා ගන්න.ඊට පස්සෙ Run වලට ගිහින් (Windows Key+R) හෝ Start>>Run වෙත ගොස්  Send To යනුවෙන් Type කරන්න. මේ විදිහට වැඩ කරේ නැත්නම්..... 
C:>>Document and Settings >> My Documents >> Send To වලට ගොස් 
Windows 7 වලදී කල ආකාරයට කරන්න..... 
(C:\Documents and Settings\Default User\Send To  ) 

( වැඩි දැනුවත් වීම සදහා අන්තර්ජාලයේ අඩවියකින් උපුටා ගන්න ලදී. )

කොහොමද යාළුවනේ වැඩේ එහෙනම්.....
සුපිරි නේද?

මම එහෙනම් දැන් යනවා.....
ඔයාලත් මේ පොස්ට් එකෙන් දැනුමක් ලබා ගත්තානම් ඔයාලගේ අදහස් එක කරන්න අමතක අක්රන්න එපා!!!!!

එහෙනම් ඔන්න මම යනවා......
ඔයාලට ජයෙන් ජය!!!!! 


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.