Windows දාල ඉවර වුනහම Hard එක Partition වලට කඩන්නේ මෙන්න මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද කියාදෙන්නේ windows install කරාට පස්සේ අපේ hard එක partition වලට කඩන හැටි.මේක එච්චර අමාරු නැ.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ.

මුලින්ම desktop එකේ හරි start menu එකේ හරි තියෙන my computer එක උඩ right click කරන්න.

එතකොට ඇති manage කියල එකක්.ඒක click කරන්න.
දැන් මේ පහල රූපේ වගේ එකක් එයි.

එකේ disk managment කියන එක click කරන්න.එතකොට ඔයාගේ hard එකේ දැනට තියෙන partition ටික පෙනෙයි.

ඔයා ඔයාගේ ඒ partition වල වැඩියෙන්ම free space එකක් තියෙන partition එක උඩ right click කරන්න

දැන් එකේ ඇති shrink volume කියල එකක් ඒක දෙන්න.එතකොට මේ පහල රූපේ වගේ එකක් එයි.

දැන් ඔයා එකේ ඔය තියෙනෝ නේද අංක වගයක් වෙනස් කරන්න පුළුවන් එකක්.ඒකෙන් ඔයා ඒ partition එකෙන් ගන්න ඕන space එක දීල shrink කියන එක දෙන්න.
දැන් චුට්ට වේලාවකින් ඒ partition එකෙන් ඒ ඉඩ අයින් වෙලා ඒක වෙනම තියෙයි.ඔයා දැන් ඒ space එක දෙන්න හදන්නේ e partition එකටනම් e එක උඩ right click කරල extend volume කියන එක දෙන්න.දැන් ඒ space එකෙන් ඔක්කොම e එකට දෙනොන්ම් එහෙන්ම extend කරන්න.නැත්නම් ඕන ප්‍රමාණය විතරක් දෙන්න.

එහෙමත් නැත්නම් ඔයා ඒ space එකෙන් අලුත් partition එකක් හදනවනම් ඒ space එක උඩ right click කරල new simple volume කියල තියෙන එකෙන් හදන්න අලුත් partition එකක්

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මොනවා හරි ගැටළු තියෙනවනම් අහන්නකෝ....................................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.