Header Ads

Wordpress වලින් blog එකක් හදන හැටි මුල සිට සරලව (1)

                     
මතකයිනේ ඉතින් මගේ යාළුවන්ට මන් කලින් blogger එකෙන් blog එකක් හදන හැටි කියාදුන්නා.ඔන්න දැන් කියාදෙන්න හදන්නේ wordpress වලින් blog එකක් හදන හැටි.මේක blogger වලින් හදනෝ වගේ ලෙසිනම් නැ.ඒ වගේම එච්චර අමාරුත් නැ.ඔන්න එහෙනම් පටන් ගමුකො නේද?
මුලින්ම කියන්න ඕනා wordpress වල blog හදන්න එක host කරන්න ඕනා.බය වෙන්න දෙයක් නැ මොකද ඕන තරම් free hosting plan දෙන site තියෙනවා.මන් පහලින් එයින් site කීපයක් දාන්නම්කො.blogger වලට වඩා ගොඩක් වැඩ wordpress වල තියෙනවා.කරලම බලමුකෝ එනම්
මුලින්ම මේ hosting plan එකක register වෙන්නකෝ.
hostinger
t56
ඔය උඩ දුන්න ලින්ක් දෙකෙන් කැමති එකකින් ගිහින් register වෙන්න.මන් ඔයාලට ඔය උඩ එකෙන් හදන හැටි කියා දෙන්නම්.හැම එකේම වගේ කරන්න තියෙන්නේ එකම විදිහට.
තව දෙයක් සමහර වෙලාවට free hosting දෙන අයගේ wordpress වල අලුත් update නැ.එක නිසා සිංහල අකුරු පෙන්නේ ???????? ඔන්න ඔහොම.එක හදාගන්න හැටි පස්සේ කියා දෙන්නම්.හැබැයි ඔය උඩින් දීල තියෙන ලින්ක් එකෙන්නම් ඒ ප්‍රශ්නේ නැ.එකේ අලුත් update එක තියෙන නිසා ලස්සනට සිංහල වැඩ කරනෝ.

හරි දැන් ඔයා ඔය ලින්ක් එකෙන් ගිහින් හරියට email එහෙම ගහල මතක ඉන්න password එකකුත් ගහල register වෙන්නකෝ එතන තියෙන ඔක්කොම පුරවන්න.ඊට පස්සේ ඔයා ඒ දුන්න email එකට mail එකක් එයි ඒ account එක activate කරන්න කියල.ඔයා ඒ එයාල එව්වා ලින්ක් එකෙන් ගිහින් account එක activate කරගන්න.ඒ ලින්ක් එකෙන් ගියගමන් account එක activate වෙනෝ.
ඊට පස්සේ ඔයා ඒ site එකට log වෙන්න අර ඔය register වෙනකොට ගහපු username එකයි password එකයි ගහල.
ඔයා account එකට log උනහම උඩ menu එකේ ඇති Home,Hosting,Domains......ඔය විදියට.එකේ hosting කියන එකේ new account කියන එකට යන්න.
එතකොට එයි free,premium,business කියල තුනක්.එකේ free කියන එක ඔයා ඔර්දෙර් කරන්න.
මේවයේ දෙන්නේ subdomain ඒක නිසා එතන ඔයාගේ domain එකට දාන ඕනි එක ගහලා password එක ගහල ආයිත් යට එකෙත් password එක ගහලා continue දෙන්න.
ඊළගට එන page එකේ අර එයාල දීල තියෙන අකුරු ටික හරියට type කරල i agree to the terms and conditions කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ click කරල හරිය දාන්න.ඊට පස්සේ order කියන එක දෙන්න.
දැන් ඔයාගේ account එක හැදිලා තියෙයි.
දැන් ඔයාගේ ඒ අඩුව එක උඩ click කරහම තියෙයි auto install කියල එකක් එක දෙන්න.
දැන් එන page එකේ ඇති search කරන්න එකක්.එකේ wordpress කියල search කරන්න.එකේ තියෙන wordpess කියන එක click කරන්න.ඔකෙන්ම් දැන් ඇත්තේ 4.0 ඊට වැඩ වැඩි එකක් තිබ්බත් අව්ලක් නැ :D වැඩ එකක් තියෙනොන්ම් එක දෙන්න.
දැන් administrator username,administrator password කියන ඒවට ඔයා කැමති දෙකක් දාල blog එකේ නමත් කැමති එකක් දාල install දෙන්න.
දැන් blog එක හදලා ඉවරයි.ටික වේලාවකින් ඒ page එක රෙෆේෂ් කරලා බලන්න වැඩේ හරි ගිහින් තියෙයි.

මෙතනින් පස්සේ කරන්න ඕන ඉතුරු ටික හෙට දාන්නම් යාළුවේ.දැන්නම් ඇති වගේ නේද.වැඩේ හොදයින්ම් comment එකක් දාලම යානොද පුලුවන්නම්.




1 comment:

  1. නියම වැඩක් සහෝ ඔහොම යන්

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.