හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු.
How To Partition Hard Disk
අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් භාවිත නොකර ඩේටා වලටත් හානි නොවි ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එක පාටිෂන්
මේකේ තියෙන වාසි තමා......
- ෆෝමැට් කරන්න ඕන වෙන්නෙ නෑ.
- ඩේටා වලට හානියක් නෑ
- සොෆ්ට්වෙයා එකක් නොවන නිසා අනවශ්‍ය ප්‍රශ්නත් නෑ
මේක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඇඩ්මිනිස්ටර් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නම ඕනේ.....
දැන් මුලින්ම Computer Icon එක උඩ Right Click කරලා Manege> වලට යන්න...
එතකොට ඒවි Computer Management වින්ඩෝ එක....එතනින් Disk Management තෝරන්න.
එතකොට එනවා මැෂින් එකට කනෙක්ට් කරලා තියෙන සියළුම හාඩ් ඩිස්ක් වල විස්තර.......
එතනදි ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.
එතකොට මේ පහල රූපේ වගේ වින්ඩෝ එකක් එයි...එතනදි වෙන් වෙන්න ඕන සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න......
ඒක දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න....එතකොට අර කලින් හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated Space කියලා තියේවි...
ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න...
( මෙම පොස්ටුව උපුටා ගැනීමකි )
ඔයාලාග් වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා...
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!
Post a Comment