චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා!

December 24, 2014
The Hero of Color City (2014)

              


කොහොමද ඔයාලට. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා මෙයාල මේ කරන්න යන උතුම් වැඩේට දායකත්වය දෙන්න. ඒ වැඩේ මොකද්ද කියල කථාව බලලම දැනගන්න.........
මේ කථාවේ තියෙන දේ මම කෙටියෙන් කිව්වොත්, මේ කථාවේ ඉන්න පාට කූරූ කීපයක් එකතු වෙලා තමන් මුලින් වැරදියට වටහාගෙන හිටපු ඇදලා ඉවර නොකරපු චිත්‍රයකට වර්ණ දෙන සිද්ධි පෙලක් තමා තියෙන්නේ. එයා රජ කෙනෙක් ගේ පින්තූරයක්. හැබැයි එයාට කටක් ඇදල නැති නිසා කථා කරන්න බෑ. ඒත් එයාගේ පුංචි පියාඹන යාළුවා එයා කියන්න හදන දේ තේරුම් අරගෙන වැඩ කරනවා. 

දවසක් මෙයාල වර්ණ නගරයට ඇවිත් තමන්ව වර්ණ ගන්වගන්න කාගෙන් වත් උදව් ඉල්ල ගන්න බැරිඋණ වර්ණ ඇල්ලට ගිහින් ඒක ගලාගෙන යන එක නවත්තලා වර්ණ ඇල්ලෙන් වර්ණ ගන්වගන්න හදනවා. නමුත් එයාලට ඒක කරගන්න බැරිවෙනවා.වර්ණ නගරයේ අය මේ ඇල්ලෙනුයි තමන්ගෙ වර්ණ රැක ගන්නේ. මේ ඇල්ල වහපු නිසා මේ පාට කූරු වල වර්ණය ටිකෙන් ටික අඩුවෙලා යනවාත ඒක නවත්තන්න යන්න බ්ලූ, ග්රීන්, බ්ලැක්, වයිට්, රෙඩ් කියන අය ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත් මේ අතරෙදි මේකට යන්න බයෙන් හිටපු යොලෝ කියන කෙනාටත් අහම්බෙන් මේ ගමනට සම්බන්ධ වෙනවා. මෙයාල බෝට්ටුවකින් මුහුද හරහායි යන්නේ..........
ඉතිරි හරිය කථාව බාලම බලන්න. මෙයාලට ඉදිරියට හමුවන අය. මෙයාලට මේ ගමන අතරෙදි වෙන දේවල් ගැන එහෙම. ඇත්තටම මේ කථාව හරිම ලස්සනයි. මම හිතනවා ඔයාලත් මේකට කැමති වෙයි කියලා. සම්පූර්ණ 3D වලින් වර්ණවත්ව නිර්මාණය කරපු මූවී එකක්. මේ අවුරුද්දෙයි රිලීස් උණේ. උපදේශාත්මකයි. මේ කථාවෙන් බොහෝ දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. එහෙනං නැවත හමුවෙමු..........
මෙන්න එහෙනම් බාගන්න.

සිංහල උපසිරසි මෙතනින් බාගන්න.


එහෙනම් යාළුවනේ මම යනවා.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!


Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon