" Hacker " ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු.

Hacker කෙනෙක් වෙන්නේ කොහොමද?


තොරතුරු තාක්ෂණ ලෝකයේ බොහෝ දෙනා කතා වන වචන දෙකක් තමයි Hacking සහ Hacker කියන්නේ. Hacking සහ Hackers ල නිසාම තාක්ෂණ ලෝකය නිරන්තරයෙන්ම කැළඹීම් වලට ලක්වෙනවා. බොහෝ රටවල් තම රහස් දත්ත Hackers ල ගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ සෙයින් උත්සහ දරනවා. නමුත් ඉතා සියුම් ආරක්ෂණ සිදුරක් තුලින් රිංගා සියලුම දත්ත මිනිත්තු කිහිපයකින් තමා සතු කර ගන්නා අති දක්ෂ ,සුපිරි ගනයේ Hackers ලා ලොව ඕනැ තරම් සිටිනවා.........


ඒවගේම තොරතුරු තාක්ෂණ ලෝකයේ සැරි සරණ බොහෝ දෙනා තමා Hacker කෙනෙක් ලෙස හඳුන්වා දීමට කැමැත්තක් දක්වනවා. එයට හේතුව නම් Hacking යනු ඉතා ආකර්ශනීය වගේම නිර්භීත වික්‍රමයක් වන නිසායි. නමුත් අපි හැමෝම Hackers ල නම් නොවෙයි. එහෙත් ඔබටත් Hacker කෙනෙක් වීමේ ආසාව හා උනන්දුව ඇත්තම් ඔබටත් පසුවෙන්ම Hacker කෙනෙක් වෙන්න පුළුවන්.

එලෙස ආසාව හා උනන්දුව තියෙන ඔබට අද සිට ඉදිරියට මම ලිවීමට යන සටහන් මාලාව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි. මෙම සටහන් මාලාව සමඟ රැදී සිටීමට ඔබට ආරාධනා කරමින් ප්‍රථම සටහන මෙලෙස ආරම්භ කර සිටිනවා.

Hacker කියන්නේ කුමක්ද?

ලෝකයේ ‘Hacker’ යන වචනයට බොහෝ තේරුම් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ අර්ථ දැක්වීම් කැටි කර ගත කල කියවෙන්නේ ‘Hacker’යනු තාක්ෂණික නිපුණත්වයෙන් හා ප්‍රවීණත්වයෙන් සම්පුර්ණ වූ ප්‍රශ්න විසදීමේ කැමැත්ත හා ප්‍රබෝධය ඇති හා සිමා ඉක්මවා කටයුතු කිරීමට හැකි යන්නයි. නමුත් ඇත්තටම ඔබට Hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් පහත අර්ථකතන දෙක බොහෝසෙයින් අදාළ වෙනවා.

මුල් යුගයේ ARPAnet පර්යේෂණ සහ දශක කිහිපයක් අතීතයේ පළමු Sharing Mini Computer සිට ඇති දක්ෂ Programmers ලාගෙන් හා Networking Wizards ලා ගෙන් පරිපුර්ණ වූ සභාග සංස්කෘතියක් , සමාජ සමුහයක් පැවතෙනවා. මෙම සමාජ සංස්කෘතියේ පුද්ගලයන් තුලින් මෙම ‘Hacker’ යන වචනය උපත්තිය ලැබුවා. Hackers විසින් අන්තර්ජාලය ගොඩ නැගුවා. Hackers විසින් අදටත් පවනින Unix මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලැබුවා. Hackers විසින් World Wide Web (www) නිර්මාණය කරනු ලැබුවා. ඔබත් මෙම සංස්කෘතියේ කොටස් කරුවෙක් නම් , ඔබත් මෙයට දායකත්වය දක්වා ඇත්නම් සහ මෙහි සිටින අතිකුත් මිනිසුන් ඔබ කව්ද කියා දන්නවා වගේම ඔවුන් ඔබට ‘Hacker’ කියා අමතනවා , ඔබ ‘Hacker’ කෙනෙක්.

Hacker කෙනෙකුගේ මනස Software-Hacker සංස්කෘතියට පමණක් සිමා වී නැහැ. මෙම Hacker ආකල්පය ඉලෙක්ට්‍රොනික් විද්‍යාව , සංගීතය වැනි වෙනත් දේවල් සමඟ මුසු කල පුද්ගලයින් ලොව සිටිනවා. සැබවින්ම ඔබට මෙය ඕනෑම විද්‍යා හෝ කලාවක ඉහලම තලයේදී සොයා ගත හැකියි. Software Hackers මෙවැනි වූ පිරිස් අතුරෙන් බොහෝ විට හඳුනා ගැනීමට ලක්වෙන අතර ඇතැම් අයගේ අදහස් අනුව Hacker ස්වභාවය ඇත්ත වශයෙන්ම ඔවුන් වැඩ කටයුතු කරන මාධ්‍යයෙන් සම්පුර්ණයෙන්ම ස්වාධීන වෙනවා. නමුත් මෙතැන් සිට ආරම්භ කරන්නා වූ සටහන් මාලාව මුලික වශයෙන් Software Hacker කෙනකු තුල තිබිය යුතු දක්ෂතා, නිපුනතා සහ හැසිරීම් පිළබඳ සාකච්චා කෙරෙනු ලබනවා.

ඒවගේම තමන් Hacker කෙනෙක් යැයි ලොවට හඬ නගා කීමට උත්සහ කරන පිරිසකුත් අප අතරම සිටිනවා. ඇත්තටම ඔවුන් Hackers ල නම් නොවෙයි. බොහෝ නවයොවුන් වියේ පසු වන්නන්, දුරකථන පද්ධතියක් ක්‍රියා වන ආකාරය සොයා ගත් පමණින් හා පරිගණකයක ක්‍රියාකාරීත්වය බිඳ දැමීමෙන් ඔවුන් Hacker කෙනෙක් යයි හඳුන්වා දීමට පෙළඹෙනවා. නමුත් ඇත්තම Hackers ල එවැනි පිරිස් හඳුන්වන්නේ ‘Crackers’ නමිනුයි. සැබෑ Hackers ල, Crackers ල ගැන සිතන්නේ ඔවුන් කම්මැලි, වගකීමක් නොමැති , දක්ෂ කමින් අඩු පිරිසක් ලෙසයි. අවසනාවන්ත ලෙස බොහෝ ජනමාධ්‍ය වේදීන් හා රචකයන් ‘Hacker’ යන වචනය Crackers ල හඳුන්වා දීමට යොදා ගැනෙන අතර එයින් බොහෝ පිරිස් මුලා වෙනවා.

Hackers සහ Crackers අතර මුලික වෙනස නම් Hackers විසින් දේවල් ගොඩ නඟන අතර Crackers විසින් ඒවා බිඳ දැමීමයි.......


ඇත්තටම ඔබට Hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඉදිරියත් මෙම සටහන් මාලාව සමඟ රැදී සිටින්න. නමුත් ඔබට Cracker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔබ, ඔබ හිතන තරම් Smart පුද්ගලයෙක් නොවන බව පමණයි......

එහෙනම් Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියල දැනගත්තානේ.....
එහෙනම් මම දැන් යන්නයි හදන්නේ.....
ඔයාලට මේ පොස්ට් එක පොඩ්ඩක් හරි වැදගත් උනානම් අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!!!
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!


Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon