ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්


What Is This Virus

Image result for What Is This pc Virus

මොකක්ද මේ වෛරස් කියන්නේ?

සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන  ඕනෑ
එපාකම්වලට භාවිත කිරීම, පරිගණකයේ හිස්ව ඇති drive space තාවකාලිකව භාවිතා කිරීම, නොයෙකුත් ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙන්වීම මේවා අතර විශේෂයි. ඇත්තට ම මේවා අනවශ්‍ය තැරැුව්කරුවකු හෝ දුෂ්ඨයෙකු ලෙස ක‍්‍රියාකරයි. ඔබ තුළ නොරිස්සුම් ස්භාවයක් ඇති කරයි. සමහර අවස්ථාවල කළකිරීමට හෝ අලස බවට ඔබේ හිත පත්කරන්නට තරම් මේවා සමත් වෙනවා.

වෛරස් නිර්මාණය කරන්නේ කවුද ? කුමන අරමුණු සඳහා ද?


වෛරස් ඉතා සියුම්ව හා ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව නිර්මාණය කරනු ලබනව. කළින් සඳහන් කළ පරිදි අපේ පරිගණකය තුළට රිංගාගෙන අනිසි ක‍්‍රියාකාරකම් කිරීම වෛරස්වල ප‍්‍රධාන අරමුණයි. වෛරස් නිර්මාණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් හි අරමුණ මුදල් උපයා ගැනීමයි.

මොනවද ඒ?

සමහර වෛරස් නිපදවන්නන් විසින් අපේ පරිගණකය ග‍්‍රහණයට නතු කර ගන්නවා. අපට ඒක දැනෙන්නේ නැහැ. නමුත් අපේ පරිගණකය විවිධ වෛරස් මෘදුකාංග මගින් ඔවුන්ගේ ජාලයට ඈඳාගනු ලබනවා. පසුව එම ජාලය ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරනවා. ඔබට නොදැනීම ඔබේ පරිගණකය විශාල ජාලයකට අයත් ජාලයගත පරිගණකයක් බවට පත්වෙනවා. සමහර අවස්ථාවල ඔබට දැනිල ඇති ඔබේ ඉන්ටර්නෙට් වේගය ඉතා අඩු අවස්ථාවන්. ඒ ඔබේ පරිගණකය හරහා ඔවුන් අන්තර්ජාල වේගය භාවිත කරන අවස්ථාවන්. අපි එය bandwidth භාවිතා වීම ලෙස හඳුන්වනව. එපමණක් නොවෙයි,

මොනවගේ දත්ත ද අපෙන් සොරා ගන්නේ?


ඔබේ නම, ගම, රහස් මුරපද (passwords) ඔබේ mail addresses (contacts list), දුරකථන අංක මේවා පහසුවෙන් සොරාගනු ලබනවා. සමහර විට ඔබ කිසිදිනක නොහඳුනන ආයතන, පුද්ගලයන් ගෙන් ඔබට mail ලැබිල ඇති. ඒ ඔබේ යහළුවෙකුගෙන් හෝ සේවාදායකයෙකුගෙන් ඔබේ ලිපිනය සොරා ගැනීමෙනි. සමහර කණ්ඩායම් මේ mail address සහ දුරකථන අංක සොරකම්කර ඉතාම ඉහළ වටිනාකම්වලට විකුණනු ලබනවා. ඒ වගේ සමහර ආයතන නීත්‍යානුකූලයි.

භයානක දේවලූත් සිදු කරනවා, credit card අංක" credit card information ආදියත් සොරා ගන්නවා. එපමණක් නොවෙයි, අපි බලන වෙබ් අඩවි මොනවද?, අපි වෙබ් අඩවි සමග කරන ගනුදෙනු මොනවාද? කොයි වගේ වෙබ් අඩවිවලට ද කැමැති ද? වැනි දේවලූත් හොරෙන් බලාගැනීම වැනි දේවල් වෛරස් මගින් සිදුකරනව. මේවා behavior tracking නමින් හඳුන්වනු ලබනව. මේ සියලූම දත්ත ඔවුන් එක්රැුස් කරගැනීමෙන් පසු ඒවාට කුමක් කරයි ද? අන්තර්ජලය හරහා ම විශාල වටිනාකම්වලට විකුණනු ලබනවා. මුදල් දී මේවා ගන්නත් පිරිසක් සිටිනවා. එසේ නම් තත්ත්වය භයානකයි. අපිව මුලූමනින් ම ආක‍්‍රමණය කර අවසන්. අපේ පෞද්ගලිකත්වයටත් බාධා පැමිණිලා. මේ තමයි තාක්‍ෂණ දියුණුවත් එක්ක අපිට මුහුණ දෙන්නවෙන ගැටලූ.

වෛරස් අපිට ලැබෙන්නේ කොහොමද?


හරිම සරලයි. පරිගණකය යනු යන්ත‍්‍රයක්. එය ක‍්‍රියාකරවන්නේ අප විසින්මයි. අපි එයට ඇතුළත් කරන දත්ත මගින්මයි වෛරස් ඇතුළු වෙන්නේ. කොහොමද ඒ? බොහෝ විද්වතුන් කියන්නේ වෛරස් ඇතුළු වන්නට ප‍්‍රධාන හේතුව එකක් නොසැලකිල්ල, අනෙක නොදැනුවත්කම කියලයි.

එයින් අදහස් වෙන්නේ අප විසින් ම අපේ පරිගණය තුළට වෛරස් ඇතුළු කිරීමක් ද? ඔව් අපි විසින්මයි වෛරස් ඇතුළු කරගනුයේ. යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කර එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට පෙර ඒ පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍යයි. නමුත් පරිගණක ක‍්‍රියාකරවන්නන්ගෙන් 60% ක් 70%ක්ම ඒ පිළිබඳව නිවැරැුදි දැනුමක් නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳවත් දැනුමක් නැහැ.

මේ නොදැනුවත්කම්වලින් වෛරස් නිපදවන්නන් අවස්ථා වාදීව පළ ලබනවා.

කොහොමද ඒ?

උදාහරණයකට ඔබට ලැබෙන mail සියල්ල ම ඔබ දිගහැර බලනවා නේද? ඇයි? ඔබ තුල පවතින කුතුහලය සහ නොසැලකිල්ල නිසයි. මේ එක් ප‍්‍රධාන ක‍්‍රමයක් වෛරස් ඒ තුළ සැගවිලා පරිගණකයට ඇතුළු වෙන. සමහර අවස්ථාවල දී mail open කිරීමේ දී වෙබ් අඩවියකට හෝ කිහිපයකට ඇතුළුවීම ඇරඹෙනව. social වෙබ් අඩවිවලට යාළුවන්ගෙන් ලැබෙන invites හොඳ උදාහරණක්. හොඳින් අධ්‍යයනයක යෙදිල බැලූවොත් බොහෝ social වෙබ් අඩවි තේරුමක් නැහැ. එහෙම නැත්තම් ආගම්වාදී, ජාතීවාදී කරුණු තමයි සාකච්ඡා කරන්නේ, සමහර විට අදාළ වෙබ් අඩවිය නොදැන ම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙනත් පුද්ගලයන් විසින් වෛරස් බෙදාහැරීම සිදුකරනව.

තවත් වෛරස් ඇතුළුවන ක‍්‍රමයක් විදියට ගීත, වීඩියෝ එහෙම නැත්තම් පින්තූර බාගන්න යන අවස්ථා. හරිම ලෙහෙසියෙන් මේවා එක්ක වෛරස් මලූ පිටින් පැමිණෙනවා. නමුත් මේ සෑම අවස්ථාවක දී ම නොවුනත් බොහෝ විට ඔබෙන් විමසීමක් කරනව ” ඕනෑ ද? එපා ද?” කියල. කාලයක් තිස්සේ අත්හදා බැලීම් කර අපිව හොඳින් අඳුනන වෛරස්වලින් අපිට බේරෙන්නත් පහසුම නැහැ. නමුත් ඔබට අන්තර්ජාල බාගත කිරීම්වලදි නොමිලේ ලැබෙන massages, request හෝ like ගැන සැලකිලිමත් වුනොත් මේ වෛරස්වලින් වළකින්න පුළුවන්.

උදාහරණයකට ඔබට යම්කිසි ගීතයක් බාගත කරන්න අවශ්‍ය වෙනව, ඒ පිළිබඳව search කර බැලූවොත් අදාළ ගීතය සඳහා වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. එයින් official වෙබ් අඩවිය පමණක් භාවිත කරන්න උත්සාහ ගත යුතුයි. අතර මැදි වෙබ් හරහා යනවිට තමයි වෛරස් ඇතුළුවන්නේ.

ඒ වගේම නොමිලේ බාගන්න software, මේවා හරිම ප‍්‍රවේසමෙන් කළ යුතුයි. කෙසේ හෝ නිල වෙබ් අඩවිය මගින් පමණක්  ඕනෑ කරන software පමණක් ගන්නට වග බලාගන්න.

මේ වෛරස් මගින් අපට වෙළෙඳ දැන්වීම් පෙන්වීමත් කරනවා. ඒකත් එක වෛරස් වර්ගයක්. අපිට අවශ්‍ය නැතත් අපේ screen එක එක පැතිවලින් වෙළෙඳ දැන්වීම් පෙන්වනවා. හරිම කරදරයි. එපමණක් නොවෙයි, සමහර අවස්ථාවල අසභ්‍ය දර්ශන සහිත දැන්වීම්, වීඩියෝ දැන්වීම් පවා මේ එක්ක පෙන්වනව.

තවත් අවස්ථාවල දී විවිධ වර්ගයේ toolbar ලැබෙනවා. අතපසුවීමකින් click, install කළහොත් අපේ browser හි default toolbar බවට පත්වෙනව. මේවා ඉවත් කිරීම හරිම අපහසුයි. ඒ toolbar හුඟක් භයානකයි. මොකද බොහොමයක් toolbar මගින් අපේ ක‍්‍රියාකාරකම් බලන් ඉන්න පුළුවනි.

මේ ලිපිය කියවන විට ඔබට පැහැදිලි එක කරුණක් වෙන්නේ අන්තර්ජාලයෙන් මගින් වෛරස් බොහොමයක් ඇතුළත්වන බව. නමුත් USB, CD මගිනුත්, අවශ්‍ය software ඇතුළත් කිරීමේදීත්  විශේෂයෙන් crack කර install කරනු ලබන හොර කොපි මගිනුත් වෛරස් එනවා.

පරිගණක තුළ ඇයි මේ වෛරස්වලට ඉඩකඩක් තියෙන්නේ?

වැදගත්ම ප‍්‍රශ්නයක්, මොකද මේ වෛරස් එහෙම නැත්තම් අනවශ්‍ය software පරිගණකයෙන් භාරගන්නේ කියන එක. ඒකට ප‍්‍රධාන හේතුවක් විදියට ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්තම් OS එහි තිබෙන අඩුපාඩු (සිදුරු) පෙන්වන්න පුළුවනි. ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතියේ තිබෙන සිදුරුවලින් මේ වෛරස් ඇතුළු වීමෙන්පසු ක‍්‍රියාත්මක වේ. වෛරස් නිපදවන්නන් හරිම දක්‍ෂයි. ඔවුන් මේ සිදුරු හරියටම අඳුරනව. ඒ වගේම ඉක්මනින් පැතිරෙන්නත්, අසුනොවී සැගව සිටින්නත් වෛරස් සමත්. OS පමණක් නොවෙයි දෝෂ සහිතව ලියන ලද අප විසින් භාවිත කරන  ඕනෑම මෘදුකාංගයක් නිසා වෛරස් ඇතුළු වෙනවා. උදාහරණයකට games පෙන්වා දෙන්න පුළුවනි. සමහර games ම තමයි වෛරස් එකක් විදියට ක‍්‍රියාකරනුයේ. මේ සිදුරු එහෙම නැත්තම් නිවැරැුදිව code නොකළ මෘදුකාංගවල දෝෂ bug ලෙස හඳුන්වනු ලබනව.

සිදුරු bugs නැති මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නැද්ද?

වෛරස්වලින් වැළකී සිටින්න නම් අපි bugs සිදුරු නැති OS සහ software භාවිතා කළයුතු වෙනවා. එනම් හොර කොපි භාවිතය නතර කරනව යන්නයි. නිතරම update කරන ලද windows භාවිතය අත්‍යවශ්‍යයි. ඒ වගේම genuine software භාවිත කරන්න  ඕන. එවිට වෛරස්වලට රිංගන්න අපහසුයි. නමුත් ඒකට ලොකු වියදමක් දරන්නට සිදුවෙනව. ඒ නිසා අපි නිතරම patch, windows update, service pack භාවිතා කරන්න  ඕන. software වුනත් අලූත් version භාවිත කිරීම තමයි සුදුසු ම.

ඇන්ටි වෛරස් හෙවත් Virus Guard ටම්රා

වෛරස් පාලනය කරන්න පුළුවනි, නමුත් නවත්වන්න බැහැ කියන එක ඔබ අවධාරණය කරගත යුතුයි. කොහොම වෙතත් මේ වෛරස් පාලනය සඳහා security virus guard නැත්තම් virus guard වලට ලොකු දෙයක් කරන්න බැහැ. මේවායින් කෙරෙන්නේ අපේ පරිගණකය තව ටිකක් සෙමින් වැඩකිරීම විතරයි. ප‍්‍රායෝගිකව බැලූවොත් virus guard කරන්නේ නිපදවන දිනය දක්වා සොයාගත් ප‍්‍රසිද්ධ වෛරස් පමණක් අල්ලා ඉවත්කිරීම පමණයි. නමුත් එදිනට පසුව ඇතිවන වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. බොහෝවිට වෛරස් විසින් virus guard ට මුලින්ම attack හෙවත් පහර දී පරිගණකයට ඇතුළු වෙනව. එහෙම නැත්තම් update වීම වළක්වනව.

සමහර අය පරිගණයකට virus guard එකක් හෝ කීපයක් ම දමාගන්නව. සමහර ඒවා trial version. බොහෝ විට මේ virus guard තමයි වෛරස් බවට පත්වන්නේ. සෑමවිට ම එක් virus guard ක් අනෙක් virus guard ය වෛරස් එකක් විදියට තමයි හඳුනා ගන්නෙ. ඒ නිසා virus guard දාගන්න විටත් සැලකිලිමත් වෙන්න  ඕන.

පහත උපදෙස් අනුගමනය කිරීම මගින් වෛරස් මගින් සිදුවිය හැකි විශාල හානි මගහරවා ගන්න පුළුවනි.

සියලූම වැඩසටහන් හා OS update කිරීම.
Crack කරපු software භාවිත නොකිරීම.
Microsoft Security Essentialist ස්ථාපනය. (වෙනමම virus scanner අවශ්‍ය නොවේ)
Administrator ලොගින් භාවිතයෙන් වැළකීම. සෑම විටම සාමාන්‍ය user account වැඩ කිරීම.
Internet explorer වෙනුවට Google Chrome හෝ Mozilla Firefox භාවිතය.
Java ස්ථාපනයෙන් වැළකීම.
Java Script, web browser මගින් disable කිරීම හෝ noscript, firefox හා chrome සඳහා භාවිතය.
USB හි auto run disable කිරීම.
නොදන්නා link click කිරීමෙන් වැළකීම.
Software/drivers බාගත කිරීම සඳහා අදාළ නිල වෙබ් අඩවිය පමණක් භාවිත කිරීම.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers