MoneyBookers හෙවත් Skrill

Moneybookers

Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි...

 මුලින්ම www.Moneybookers.com සයිට් එකට යන්න.

 signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත

ඉතා වැදගත් -

මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා. මම කට්ට කාපු නිසා කියන්නේ. නමුත් Moneybookers ලගේ සර්විස් එකේ තියන කොලිටිය දැක්කේ එතකොට.

Title එක තෝරන්න.

ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න.

Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න.

මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න.

18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්‍රමයට.

ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න.

ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් මම කරලා නැහැ.

මම කලේ මගේ HNB එකවුන්ට් එක ඇඩ් කරපු එක. බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්.

ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න

HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න

next කරන්න

Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න.

next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ.

දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්.

ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්‍රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න. මම මුලින්ම ගත්තේ $30ක්, ඒකට $32.28 ක් ගියා. ඒ දවස් වල රේට් එක රු.128 ක් විතර HNB එකට තුන්දාස් අටසිය ගානක් ආව හියටම ඇවිත් තිබුණ මට ගාන හරියටම මතක නැහැ.

withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න.

ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ.

Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න.

Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්‍රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ.


 MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

 __________________________________________________

  ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.



මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න.

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින්  හොයාගන්න. click here to see swift codes

බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.


 ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි. comment ekak dalama yanda>>

_________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers