අන්තර්ජාල බැංකු ගිණුමක් සදා ගැනීම . (payza ) How To Create Payza Account..

payza ගිණුමක් හදාගන්න හැටි තමයි කියන්න යන්නේ. ඉස්සරලම  www.payza.com කියන වෙබ් අඩවියට ගිහින් sign up බොත්තම ඔබන්නකෝ. මේ විදියට තමයි ඊළඟ ජනේලය එන්නේ. 

 අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති. personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ. මේ විදියට තමයි අලුත් ජනේලය විවුර්ත වෙන්නේ. 

 අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ.මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය සත්‍යාපනය කරන්න තියෙන්නේ. මේවා ඉතින් නොදන්නා කෙනෙක් නැනේ. ඔය ටිකත් කරලා ඉවර උනාම අන්තර්ජාල බැංකු ගිණුම හදල ඉවරයි. ඊට පස්සේ තමයි මුදල් හොයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ. මේ පහලින් දල තියෙන්නේ මගේ payza ගිණුමට ගියාම පෙනෙන විදිය. මම උපයපු මුදල් ලබාගත්තු විසතර ටිකකුත් තියනවා. ශේෂය නම් ටිකක් අඩුයි. මම මුදල් ලබාගත්ත නිසා ලඟදි දවසක. මේකත් බලල පොඩි අදහසක් ගන්නකො. 

  අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify). payza ගිණුම verify කිරීම ගැන තමයි කියන්න හදන්නේ. verify කිරීම අවශ්‍ය වෙන්නේ payza ගිණුමෙන් neobux වලට සල්ලි දාන්න ගියාම තමයි. නමුත් verify නොකර payza ගිණුමේ තියන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කියන එකත් දැන ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ payza ගිණුමේ main menu එකට ගියාම එකේ තියනවා account verification කියල එකක්. ඕකට ගියාම පෙන්නන විදිය තමයි පහල දල තියෙන්නේ.(ඔය තියෙන්නේ මගේ payza ගිනුමනේ. මගේ payza ගිණුම verify කරලා තියන නිසා තමයි ඔය උඩින්ම තියෙන්නේ Congratulations,your payza account has been succefully verifide කියල ) මේකෙදි අපිට බාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. option A ,option B කියල

 Option A (Bank Transfer or Bank Wire (SWIFT) Deposit) කියන එකනම් අපිට කරන්න වෙන්නේ නැ. මොකද ලංකාවේ ඉඳල මේ ක්‍රමයට පිටරටට සල්ලි යන්න දෙන්නේ study (මේක සිංහලෙන් type කරන්න මම දන්නේ නැනේ) කටයුතු වලට විතරයි. නමුත් සමහර බැංකු වලින් නම් යවනවලු.. එත් හොරෙන් තමයි. මොකටද ඉතින් හොර වැඩ කරන්නේ නේද?



Option B තමයි තියෙන්නේ (Credit Card Validation ) මේකෙදි වෙන්නේ අපි අපේ credit card එකේ තොරතුරු ලබා දුන්නහම payza ආයතනයෙන් අපි ලබා දුන්න තොරතුරු නිවැරදිද කියල බලල , අපි ලබා දුන්න card එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඊට පස්සේ අපෙන් අහනවා ඒ කපා ගත්තු ගැන කීයක්ද කියල.



Credit card එකක් නම් ඉතින් මාසේ අන්තිමට එන bill එකේ මේ ගැන සඳහන් වෙලා තියනවා.ඒ ගැන නිවැරදිව ලබා දුන්නහම තමයි අපේ payza ගිණුම ස්ථිර කරන්නේ. credit card එකේ අන්තර්ජාල ගෙවීම ක්‍රියාත්මක කරලා තියෙන්නත් ඕනේ.. මේකන් අදාල බැංකුව හරහා කරගන්න පුළුවන්.



මොනවා උනත් ඉතින් මේක බලන 90%ක් දෙනාටම credit card නැනේ, ගන්න හැකියාවකුත් නැ. මොකද credit card එකක් කියන්නේ ණය පතක් නේ. ඉතින් ඔය ණය පත් දෙන්නේ රුපියල් 15000ට වැඩි ස්ථිර පඩියක් තියන අයට විතරයි.
මේකටත් තියනවා ක්‍රමයක් බැරපතක් (Debit card ) ලබාගන්න එක internet ගෙවීම් කරන්න පුළුවන් හොඳම debit card එක දෙන්නේ HNB bank එකෙන් තමයි. මේක ගන්න නම් ඉතින් cccount එකක් තිබුනම ඇති.මේකෙත් internet ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියල Bank එකට කියන්න ඕනේ. ඔය විදියට තමයි payza ගිණුම verify කරන්න වෙන්නේ.. ටිකක් කරදර වැඩක් නේද?

ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා වෙරිෆ්ය් කරන තවත් විදියක් ගැන කියන්න. එකට නම් රියදුරු බලපත්ත්‍රයක් තිබුනම හොඳටම ඇති

අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify) 2 Payza verify සම්බන්දව ලියවුනු කලින් ලිපියේ විදියට verify කර ගන්න බැරි උන අයට තමයි මේ ක්‍රමය... මේක අලුත් ක්‍රමයක්. payza ගිණුම verify කර කන්න බැරුව ඉන්න කාලේ අහම්බෙන් තමයි මේ විදිය හම්බුනේ. මමත් payza ගිණුම verify කලේ මේ ක්‍රමයට තමයි. .



හැබැයි මේ ක්‍රමයට නම් පාස් පොර්ට් එකක් හරි රියදුරු බලපත්තරයක් හරි ඕනේ වෙනවා.. ඊට අමතරව ලිපිනය තහවුරු කර ගන්න මොකක් හරි ලියවිල්ලක් ඕනේ... phone bill ,light bill ,wathura bill වගේ එකක්



මුලින්ම payza ගිණුමට log වෙලා පහලම තියනවා support කියල එකක්., ඔන්න ඕකට යන්න ඕනේ.ඊට ඊට පස්සේ ඔය රුපයේ තියන විදිටයට Send us a support ticket කියන එක තෝරන්න. 

  


ඊට පස්සේ එන ජනේලයෙන් Submit Verification Documents යටතේ තියන Submit Personal Account ID documents කියන එක තොර ගන්න ඕනේ

  ඊට පස්සේ එන්නේ ඔය ඊළඟ රූපේ තියනවා වගේ ජනෙලයක් තමයි. 

 ඔන්න ඔය විස්තර ටික පුරවල යවපුවම.. ඒ විස්තර නිවැරදියි කියල ආයතනය විසින් තීරණය කරනවානම් දවස් දෙක තුනකින් payza account එක verify කරනවා.



පහත කරුණු ගෙන සැලකිලිමත් උනොත් අනිවාර්යෙන්ම payza account එක verify කර ගන්න පුළුවන් ඔයාලට



1 Full name විදියට ඔයාල මේ සඳහා බාවිතා කරන බලපත්ත්රයේ තියන නම.

2 payza ගිණුම සැදීමට බාවිතා කරපු e -mail ලිපිනය.

3 Account වර්ගය (payza ගිණුමට ඇතුල් උනාම දකුණු පැත්තේ ඉහල කෙලවරේ ඇත)
4 ජිවත් වෙන රට
5 රියදුරු බලපත්ත්‍රයේ හෝ ගමන් බලපත්ත්‍රයේ පැහැදිලි scan කරපු copy එකක් ( රියදුරු බලපත්ත්‍රයේ නම් දෙපැත්තම scan කරලා එක image එකක් විදියට හදල upload කරන්න. අනිත් එකෙත් එහෙමම තමයි. )
6 ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් scan කරලා upload කරන්න.(වතුර, විදුලි, දුරකථන හෝ එවැන්නක බිල්පතක්.බැංකු pass book එකක මුල් පිටුව වගේ එකක් )
7 subject එකට දාන්න account verification
8 massage එක ඉතින් සුද්දට දුක හිතෙන්න කියන්න මට account එක verify කරන්න වෙන විදියක් නැ. ඒ නිසා මේ document බලල verify කරලා දෙන්න කියල ලියන්න. තව ඉතින් දුක හිතෙන මොනවා හරි ලියන්න.

_________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner



මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

5 comments:

  1. ikmanata udaw ona 0789048834 call karanna plaz

    ReplyDelete
  2. ikmanata udaw ona 0789048834 call karanna plaz

    ReplyDelete
  3. thanks mcn.verify karaganna beruwa hiti oka.onna ada mama document tika yeuwa mcn kiyapu widihata.tiyana hema magulakma yawala suddata edenna toke ekakuth dunna.balamu mokada wenne kiyala

    ReplyDelete
  4. paypal wala Sri Lanka kiyala hzduwoth salli receive karanna Puluwanda? Payza Country ekata api mokadda danne?

    ReplyDelete
  5. Watina deyak kiyala Dunne thanks

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.