Header Ads

මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}


මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම වයිරස් ගාර්ඩ් එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:( හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...

හරි පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

වැදගත්: මේකේ Patch ෆයිල් එක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුලුවන් වයිරස් එකක් කියලා. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මමත් පාවිච්චි කරන්නෙ මේක. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඕනම Patch.exe එකක් Keygen.exe එකක් ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා. සමහර ඒවා වල ඇත්තටම වයිරස් තියෙනවා. සමහර ඒවා වලින් අපිට කිසිම හානියක් නෑ. ඉතින් අපි දැන ගන්න ඕන හොඳ නරක අඳුන ගන්න.


Internet Download Manager 6.19 Build 9




නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය. (පහල රූප බලන්න)




1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ Patch.exe එක කොපි කරගෙන ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරේට දාන්න. C:\Program Files (x86)\Internet Download Manager OR C:\Program Files\Internet Download Manager

3.) ඊට පස්සෙ Patch එක රන් කරන්න. Vista / Win7, 8 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පලවෙනි රූපයේ විදියට මුලින් REG බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුව Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ ඕපන් වෙන ඩයලොග් බොක්ස් එකෙන් IDMan.exe එක තියෙන තැනට ගිහින් ඒක දෙවන රූපයේ විදියට කරන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු..


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

5 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.