Sunday, September 20, 2015

ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා..




බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද (python) ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි. 

විශාල සර්ප වර්ග




බෝවා කොන්ස්ට්‍රික්ටර් (Boa constrictor): වාර්තාගත උපරිම දිග අඩි 14ක් පමණ
කොළපැහැ ඇනකොණ්ඩා (Green anaconda - Eunectes murinus): වාර්තාගත උපරිම දිග අඩි 20ක් පමණ
ආසියාතික පිඹුරා (Asiatic reticulated python-Python reticulatus): වාර්තාගත උපරිම දිග අඩි 23ක් පමණ

අඩි 25ක් පමණ දිගින් යුතු ඇනකොණ්ඩාවන් ගැන වාර්තාවී ඇතත් සාමාන්‍යයෙන් පිලිගන්නා ආකාරයට ලොව දිගින් වැඩිම සර්ප වර්ගය වන්නේ ආසියාතික පිඹුරාය. එහෙත් මහතින් හා ශක්තියෙන් වැඩිම සර්පයා වන්නේ ඇමේසන් වනයේ ඇනකොණ්ඩා වර්ගයයි. 


ටයිටැනබෝවා

ටයිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශාල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.

අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයතනයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ...

Read More

Share this

0 Comment to "ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා.."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.