Spy (2015) -අමුතුම ඔත්තුකාරි Direct Download


IMDb දර්ශකයේ ක්‍රියාදාම, කොමඩි සහ අපරාධ ලෙස වර්ගීකරණය කරනු ලැබූ විනෝදයෙන් එකදිගට බලන්න පුලුවන් සිනමා පටයක් තමයි මම අද අරගෙන ආවෙ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාවත් මතක් කරන ගමන් සිනමාපටයේ වගතුග ගැන හොයල බැලුවොත්,
2015 ජූනි 5 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1 යි මිනිත්තු 57ක් පුරා දිවෙන මෙම සිනමාපටය Paul Feig නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිතය The Heat (2013)St. Vincent (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Melissa McCarthy විසින් රංගනයෙන් ධායක වන අතර සෙසු චරිත වලට Jude Law-බ්‍රෑඩ්ලි ෆයින් ලෙසත් Rose Byrne-රයිනා බොයනාව් ලෙසත් Jessica Chaffin-ෂැරෝන් ලෙසත් Miranda Hart නැන්සි ලෙසත් Jason Statham-රෙක් ෆෝඩ් ලෙසත් රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම මේ සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.4/10 වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 95%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
CIA විශ්ලේෂකයෙක් වන “සූසන් කූපර්” ඇගේ සමස්ථ වෘත්තීය කාලයම වැය කලේ බිම් මහලේ පරිඝණකයක් ඉදිරිපිට ඉඳගෙන රහස් ඔත්තුකරුවන්ට තොරතුරු ලබාදෙමිනි. ඇය සමඟ එකට වැඩ කරමින් කාර්‍යාංශයෙන් පිටත ක්ෂේත්‍රයේ, ඉහල තාක්ෂණික උපකරණ මෙන්ම සැඟවුනු රහස් උපකරණ පාවිච්චි කරමින් ඉන්න රහස් ඔත්තුකරුවා වන්නේ “බ්‍රෑඩ්ලි ෆයින්”. සූසන් කියන්නෙ බ්‍රෑඩ්ලිව අනතුරු වලින් වලක්වමින් ඔහුට තොරතුරු සපයන ආරක්ෂක දේව දූතයෙක් වගේ. කෙසේ වෙතත් ඇමරිකාවට තර්ජනයක් වන න්‍යෂ්ටික බෝම්බයක් විකිණීම සම්බන්ධයෙන් කෙරෙන මෙහෙයුමක් අතරතුර බ්‍රෑඩ්ලිව “රයිනා බොයනාව්” නැමැති බල්ගේරියානු ආයුධ ගනුදෙනුකාරියක් විසින් ඝාතනය කරනු ලබනවා. කෙසේ හෝ රයිනාට CIA හි සියලුම රහස් ඔත්තුකරුවන් ගැන තොරතුරු ලැබී ඇති අතර ඇය අනිත් අයවත් ඝාතනය කරනවා යයි තර්ජනය කරනවා. මේ හේතුවෙන් CIA එකට රයිනා පසුපස ලුහුබදින්න යැවීමට රහස් ඔත්තුකරුවෙකු නොමැති වීම මත සූසන් බ්‍රෑඩ්ලි වෙනුවෙන් පලි ගැනීමට රයිනා පසුපස යාමට අවශ්‍ය බව පවසමින් කෙසේ හෝ ඇගේ ඉහල නිලධාරිනියව කැමති කරගන්නවා. ඒ ආකාරයට සූසන් වෙස්වලාගත් (වෙනත් කෙනෙකු ලෙස අනන්‍යතාවය වෙනස් කරගෙන) නියෝජිතයෙකු ලෙස ඇගේ පළමු මෙහෙයුමට පිටත් වනවා. ඉතිං මේකෙදි සූසන්ට රයිනාව ලුහුබැඳ යාමට හැකිවේවිද, රයිනාගෙන් ඇගේ න්‍යෂ්ටික බෝම්බය තියෙන තැන අනාවරණය කරගත හැකි වේවිද, බෝම්බය විකුණන එක නතර කරගැනීමට හැකිවේවිද යන්න ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් පහල ලින්කුවෙන් Direct බාගන්න...

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers