Header Ads

Skype ගැන ඔබ නොදත් බොහෝ දේ.


කොහොමද ඉතින් යාලුවනේ ඔයාලා හැම කෙනෙක්ම වගේ skype පාවිච්චි කරනවනේ  ඔන්න මම අද හිතුවා ඔයාලට skype ගැන ටිකක් කියන්න මේක ටිකක් දිගයි ස්කයිප් වල  ආරම්භය පටන් ගත්ත විදිහ හැම දෙයක්ම තියෙනවා කියවල බලන්නකෝ....

රැහැන් යොදා ගෙන දුර සිටින අය සමග කතා කිරීම වෙනුවට රැහැන් රහිත ක්‍රමයට දුර සිටින්නන් සමග කතා බහ කිරීමේ තාක්ෂණයක් හෙවත් සෙලියුලර් දුරකථන තාක්ෂනය 1973 දී මාටින් කුපර් විසින් සොයා ගන්න ලදී මෙමෙ සෙලියුලර් දුරකථනයෙන් කතා බහ කරන්නන් ගණන කෝටි 30ක් දක්වා වැඩි විය, ඉන් අවුරුදු 25කට පසුව 1998දි  අන්තර්ජාලය යොදා ගනිමින් දුර සිටින්නන් සමග කතා බහ කිරීමේ තාක්ෂනය (VoIP) ජානුස් ෆ්‍රිස් සමග නිකලස් සෙන්ස්ට්‍රොම් විසින් 2003 වසරේදී සොයාගන්න ලදී. මේ ක්‍රමයට කතා බහ කරන සෙනග කෝටි 30ක් දක්වා වැඩි වුයේ ඉන් ඖරුදු 10කට පසු එනම් 2014 දිය මෙසේ එකොලොස් වාස සපුරන අන් කිසිවක් නොව ස්ක්යිප්ය..

මේ ගෙවී යන 2014 වසර ස්කයිප් සේවයේ එකොලොස් වසර සම්ප්‍රාප්තිය පණක් නොව කෝටි 30ක් දෙනා එය භාවිතා කිරීමද සනිටුවහන් කරයි. එය අද ලොව වේගයෙන්ම ජනප්‍රිය වන සන්නිවේදන ක්‍රමයකි. ස්කයිප් සේවය එකොලොස් වසරක් තිස්සේ, ලෝකයාට මිනිත්තු ට්‍රිලියන 1.4ක් කතා බහ කිරීමට ඉඩ සලස්වා තිබේ. මේ කතා බහ දෙදෙනෙකු අතර පමණක් සිදුවුයේ නම් ඒ දෙදෙනාගේ කතා කාලය අවුරුදු 26 ලක්ෂයකි. එනම් අද අවසන් වෙන ඒ කතාව පටන් ගෙන තිබිය යුත්තේ දැන් වදව ගොස් ඇති මමත් හස්තීන් මේ ලෝකයේ ජිවත් වූ කාලයේදීය..

ස්කයිප් උප්පත්ති කතාව 
               වසර 2000දි ස්වීඩනයේ ටෙලි ටු(Tele 2) නම් දුරකථන සන්නිවේදන සමාගමේ සේවය කල ස්වීඩන් ජාතික නිකලස් සෙන්ස් ට්‍රොම්, ඩෙන්මාර්ක් ජාතික ජානුස් ෆ්‍රිස් යන දෙදෙනා හොද මිතුරන්ව සිටියහ. දිනපතා බන්ඩ විකිණිය හැකි වෙබ් සේවාවක් ඉක්මනින් පටන් ගන්නට ටෙලි ටු සමාගමේ අයිතිකර ජැන් ස්ටේන්බෙක්ට ඕනෑ විය. එයට අවශ්‍ය වැඩසටහන් ලිවීමටත් එය පවත්වාගෙන යාමටත් තාක්ෂණ දනුමැති අය බදවා ගැනීමට වුවමන විය ටෙලි ටු සමාගමේ උසස් නිලදාරීන් හැම උත්සුක උනේ දක්ෂයින් සොයන්නටය එස්තෝනියාවේ සිටි ටෙලි ටු සමාගමේ අලෙවි කලමනාකර වරයා එස්තොනියාවෙන් මෙවැනි අය සොයා ගැනීමට වෙහෙසුණි.. 


එස්තොනියාවෙන් මේ වන විට පැවතියේ සෝවියට් අධ්‍යාපන කරයි ඒ යටතේ සෑම දෙදෙනෙකුටම තාක්ෂණික අද්‍යාපනය ලැබී තිබුනත් රෑකියා තිබුනේ නැත. අඩු පඩියට දක්ෂයින් සොයා ගත හැකියා කියා සිතුවේ එනිසා ය. පුවත්පත් දැන්වීමක් පළ කෙරිණ. ජාන් තාලින්, ප්‍රීට් කසෙසලු සහ ආටි හෙයින්ලා යන එස්තොනියානු මිතුරන් තිදෙනා දැන්වීමට ප්‍රතිචාර දැක්වුහ. මෙම මිතුරන් තිදෙනා විශේෂ දක්ෂතා පෙන්වූ අය වුහ.සෝවියට් කාලයේ තිබු ෆිඩොනෙට්(Fidonet) නම් අන්තර්ජාල වැනි පරිගණක ජලය සමග මොවුන් වැඩ කලේ පාසල් සමයේ පටන්ය. ඔවුන් තාක්ෂණයට ලදී තරුණයෝ වුහ..

ටෙලි ටු සමාගමේ දැන්වීම දැක ඔවුන් තිදෙනාම අයට ඉල්ලුම් කලේ වැටුප ගැන සිතය.ඒ කාලයේ එස්තෝනියාවේ සාමාන්‍ය මාසික වැටුප වූ ඩොලර් 330ක් , එක් දිනක වැටුප සේ දෙනබව දැන්වීමේ කියා තිබුණි. එහි කොන්දේසි වුයේ, වේගවත් වෙබ් පෝටල් සේවය ඉක්මනින් තැනා දීමයි මිතුරන් තිදෙනා ලෙලි ටු සමාගමට ගොස් වගකීම බාරගත්හ. ටික දිනකින් එස්තෝනියානු තරුණයෝ වැඩ අවසන් කළහ. ඒ අපේක්ෂා කල වේගයටත් වැඩ වේගවත් වෙබ් සේවයක් සැකස දෙමිනි එව්රිඩේ(Everyday.com) ලෙස එම වෙබ් සේවය දියත් කාලාක් මෙන්ම එහි වගකීම් සියල්ලද මොවුන්ට පැවරුණි. ඒ සමගම ටෝයිවෝ අනස් නම් තවත් එස්තොනියනුවෙක් මේ වැඩේට සම්බන්ද කලගත්හ. එහෙත් ටික කලකින් වෙළද ප්‍රශ්න විසදාගත නොහි, එව්රිඩේ වෙබ් අඩවිය වස දැමිණි ඊට සම්බන්දව සිටි හය දෙනාටම රෑකියා අහිමි වුණි. ඉතුරු උනේ මිතුරුකම පමණි...

මේ අතර නිකලස් සෙස්ට්‍රොම්, ෆ්‍රිස් සමග එක්ව නව වැඩ සටහනක් අරම්ඹ කළේය එය පරිගණකයකින් තවත් පරිගණකයකට දත්ත හුවමාරු කරන වැඩසටහනකි මෙය පියර් ටු පියර්(P2P-peer to peer) නම් විය. මිතුරන හතර දෙනාම එක්වී මේ වැඩසටහන තවත් දියුණු කාලය.වසර 2000 කාලයේදී එය ලොව වේගයෙන්ම ජනප්‍රිය වූ වැඩසටහන් විය.ෆයිල් ෂෙයාරින් සේවය වන කාසා(Kazza)ය. එය දියත් කල මොහොතේ පටන් සෑම තත්පරයකම පාසාම එය ලොව කොතැනක හෝ කෙනෙක් ඩවුන්ලෝඩ් කර ගැනීම අරබුනි.එකල අන්තර්ජාල තදබදයෙන් බාගයක් ම උපන්නේ මෙම වැඩසටහන් නිසාය. කාසා වැඩසටහන අර්බුද කාරී එකක් වුණි ඊට හේතුව වුයේ මේ හරහා බුද්දිමය දේපල අයිතිය උල්ලංගනය කරමින් චිත්‍රපට ගීත මෙන්ම මෘදුකාංගද හුවමාරු වීමයි ..

මේ නිසා ඇමරිකාව මෙන්ම යුරෝපයද කාසා අයිතිකරුවන්ට එරෙහිව අදධිකරණ ක්‍රියා මාර්ග ගත්තේය. කාසා නිර්මාතෘ වරුන් අත්අඩන්ගුවට ගැනීමට තීරණය කරේය.අන්තිමට එස්තොනියාවෙන් ඉවත්ව ගියා කාසා මධ්‍යස්ථානය ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයකුගේ උදවුවෙන් වනුටු දුපතේ ලියාපදිංචි කළේය.සියලු දෙනාට නරක කාලයක් ලැබුවේය. මේ අර්බුදයෙන් ගොඩ එන්නට ක්‍රමයක් පිලිබදව සිතමින් සිටි තරුණයන් හතර දෙනා අලුත් තාක්ෂණික සැලසුම් කළහ මෙය වයි-ෆයි දුරකථන අතර නොමිලේ සංවාද කළහැකි සේවයකි. මේ සමාගමේ සියලු දෙන එක්ව කාසා අත්හැර අලුත් සේවයට පණ දුන්හ මෙය ස්කයි පියර් ටු පියර්(Sky Peer to Peer) කියාය. ස්කයිප් යන නම එයින් බිදී තැන ගත්තකි. 2003 අගෝස්තු 29 දින ස්කයිප් සේවාව ලෝකයට දියත් කරන ලදී, එදින පමණක් දස දහාස් දෙන එය ඩ්ව්න්ලෝඩ් කර භාවිත කරන්නට පටන් ගති..


මෙමෙ ස්කයිප් වැඩ සටහන වෙශේෂ එකක් වුණි . ඒ නොමිලේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිනිස පමණක්ම නොව. මේ වැඩසටහන ෆයර් වෝල් සියල්ලෙන් රිංගා යා හැකි බැවිනි, හුවමාරු කල දත්ත කිසිවක් කිසි තැනක නොරදෙන බැවිනි...

අන් අය අතට පත්වීම 
               මෙතැන් පටන් ස්කයිප් සේවය දිවුණු උනේය එසේම තරග කරුවන්ද වැඩිවිය සෙනග වේගයෙන් වැඩි උනත් අදායම් වැඩි උනේ සෙමිනි. එවක ස්කයිප් ග්‍රාහකයින් ගණන මිලියන 100ක් වුවත් අදායම විශාල නොවුනි. ඒ නිසා නොයෙක් දෙනාගේ ව්‍යාපාරික ලබා ගන්නට උනි. තම කාර්යාල නඩත්තුව පවා අසීරු වූ තැන ස්කයිප් විකුණා දමන්නට මේ අය සිතුහ. 2005දි ඩොලර් කෝටි 260 කට ස්කයිප් සේවය ඊබේ(eBay) සේවයට විකුණා දැමුහ. එහෙත් සේවකයින් එසේමය විකුණු මුදලින් එස්තෝනියානු තරුණයින් හතර දෙනා ඩොලර් මිලියන 42ක් ලැබුණි ෆ්‍රිස් සහ සෙන්ස්ට්‍රොම් ට මිලියන 400 බැගිනි.., 

මෙතනින් පසුව වුවත් ස්කයිප් තුලින්  ඊබේ සේවයට එතරම් වාසියක් ලැබුනේ නැත.වැඩි කොටස අයිති ෆ්‍රිස් සහ සෙන්ස්ට්‍රොම් ටම නැවත විකුණන්නට ඊබේ ආයතනය වැඩ කළේය. ඉන් පසුව සාමාන්‍ය විදිහට ස්කයිප් ක්‍රියාත්මක විය. එහෙත් එය විකුණා එයින් නිදහස් වීමට ෆ්‍රිස් සහ සෙන්ස්ට්‍රොම් කල්පනා කළහ. වසර 2011දි ඩොලර් කෝටි 850කට ස්කයිප් සේවය මයික්‍රොසොෆ්ට් සමාගමට විකුණුවේය. ඒ මුදලින් වැඩි පන්ගුවක්ම මේ දෙදෙනාට ලැබුණි. එසේම ඒ අය සම්පුර්ණයෙන්ම සමාගමෙන් ඉවත් විය..  එනිසා එදා ස්කයිප් සේවය අරඹ කල කිසි කෙනෙක් දැන් එහි නැත. අද ස්කයිප් යනු මයික්‍රොසොෆ්ට් සමාගමේ තනි බුදලයකි.....


මම හිතනවා ඔයාලා skype ඉතිහාසය ගැන ගොඩක දේවල දැනගන්න ඇති කියල. එහෙනම් මම ගියා අයි මේ වගේ post එකකින් හම්බවෙමු...  වැඩේ හොදනම් share පාරක් දන්න
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.