අපි හැමෝටම වැදගත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා RUN Commands

November 26, 2015 2

අපිට බොහෝ වටිනා පරිගණකයේ විවිධ වීශේෂිත වැඩ කරගැනීම සදහා Run විධානයන්


භාවිතා කිරීමට සිදුවෙනවා. අද අපි පෙන්නලා දෙන්නේ ඒ ඒ කටයුතු කර ගැනීම සදහා ඔබට බොහෝ වටිනා Run Commands  කිහිපයකි.

Google Chrome Hidden Game | Google Chrome එකේ හැංගිලා තියන Game එක

November 26, 2015 3

හුගකලෙකින් ලිපියක් දැම්මේ.දාන්න බැරි උන නිසා Main Adminගෙන් සමාවත් ඉල්ලනවා.
ඔන්න යාලුවනේ මම ඔයාලට ගේනවා අලුත් Trick එකක්.. :D
ඔයාලට කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න පට්ට ‍ගේම් එකක් තියනව  ඒ තමයි google chrome hidden game  එක. හරි මෙහෙමයි මේ ගේම් එක run කරන්නෙ ඔයා කමති site එකකට යන්න ගිහින් ඔයගෙ machine එකේ internet disconnect කරන්න. දැන් ඔයා ගියපු page එක refresh කරන්න දැන් මෙහෙම එකක් එනවනේ.

සේට් වෙලා ගේම් ගහන්න - GTA San Andreas මල්ටිපේලේයර් - SAMP

November 26, 2015 8

ඔන්න ඉතිං හැමෝටම අලුතින් මොනාහරි අලුත් දෙයක් දෙන aluthtricks.com එකෙන් ලංකාවෙ ඉන්න ගේමර්ස්ලට අලුත්ම දෙයක් දෙන්න හිතුනා... මේක ගැන කියනවනම් හුඟක් දෙනෙක් මේකෙ සිංගල් පේලේයර් මොඩ් එක පේලේ කරල තියනව කියල මං හිතනව. ඉතිං ගේම් එක ගැන කියවොත් ගේම් එකේ නම GTA San Andreas. ඔන්න ඉතිං නම කියුවම හුඟක් කස්ටිය දන්නවනේ... ඉතිං අද අපි දෙන්න යනනෙ ඔය ගේම් එකේ Multiplayer Mod එක ගැන තමයි මේ කියන්නෙ. ඉතිං අපේ කස්ටිය එකතු වෙලා මේ SA-MP ගේම් එක රට Server එකක පේලේ කරනව. ඉතිං අපිත් එකක් පේලේ කරන්න කැමති අයට මේ පෝස්ට් එකෙන් සෙට් වෙන හැටි කියල දෙනව. ඉතිං මෙහෙමයි මුලින්ම කරන්න තියෙන්නෙ.

Samsung Gear VR - අලුත්ම භාණ්ඩේ

November 25, 2015 0
ඔයගොල්ලෝ දන්නවනේ. Samsung Gear VR 2014 ඉස්සෙලම නිකුත් උනා. ඒවගේම දැන් එක අලුත් කරලා අලුත්  Samsung s6 ෆෝන් එකට හරියන විදියට හදලා. බලන්නකෝ කොහොමද කියලා. 




කොහොමද ? පිස්සු හැදෙයි. video බලන්න්නනම් සුපිරි.

එහෙනම් මම යනවා.  ඒ ගමන් මගේ site එකටත් ගිහින් එන්න.

GTA V Download – Offiial - GTA V අලුත්ම ගේම් එක බාගන්න.

November 25, 2015 2
ඔන්න GTA V හෙවත් Grand Theft Auto 5 කියන්නේ හැමෝම දන්නා රොක්ස්ටාර් වල අලුත්ම ගේම් එක. ඉතින් ගේම් එක ගැන කිව්වොත් එක තමයි Rockstar North එකෙන් ගහපු අලුත්ම ගේම් එක. 14 අප්‍රේල් 2015 මේක PC version එක නිකුත් උනා. අනිත් ගේම් එක වගේ නෙවෙයි,  මේක ඇත්තම වගේ සුපිරි graphics තියනවා. බලන්නලෝ මේකේ grapics හොදද කියල.


 


Grapics වගේ තමයි මේක play කරන්න හොද system requirements හෙවත් පද්දති අවශ්‍යතා ඕනි. බාන්න ඉස්සෙල්ල පහත system requirements තියනවද බලන්න.

Minimum


CPU:
Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
CPU Speed:
Info
RAM:
4 GB
OS:
Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
Video Card:
NVIDIA GeForce 9800 GT 1GB / AMD Radeon HD 4870 1GB (DX 10, 10.1, 11)
Sound Card:
Yes
Free Disk Space:
65 GB

Recommended

CPU:
Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
CPU Speed:
Info
RAM:
8 GB
OS:
Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
Video Card:
NVIDIA GeForce GTX 660 2GB / AMD Radeon HD 7870 2GB
Sound Card:
Yes
Free Disk Space:
65 GB

පහල ලින්ක් එකෙන් සම්පුර්ණ ගේම් එක බාගන්න.


හරි...ඒ ගමන් මගේ site එකටත් ගිහින් එන්න.


 ."සිංග්ලිෂ් "වලින් ටයිප් කර සිංහලෙන් ඉක්මනින් ලියන්න.

."සිංග්ලිෂ් "වලින් ටයිප් කර සිංහලෙන් ඉක්මනින් ලියන්න.

Anonymous November 25, 2015 10




 සිංහලෙන් යුනිකෝඩ් අකුරු ටයිප් කරන්න ඉතාමත් ලේසියෙන් පුළුවන් ."සිංග්ලිෂ් "වලින් ටයිප් කර සිංහලෙන් ඉක්මනින් ලියන්න.
.
පියවර:-
1.- Google Tools මෘදුකාංගය අමුණා ඇති ලින්ක් න් ඩවුන්ලෝඩ් කරගන්න>>http://www.google.com/intl/si/inputtools/windows/
2.- එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.
3.-ඉන්පසු එය පරිගණකයේ ස්තාපනයාවේ ,සක්රීනය වී ඇතිබව පරිගණකයේ ඔරලෝසුව ඇති ස්ථානයේ අලුතෙන් පැමිණ ඇති අයිකනයෙන් තහවුරු කරගන්න.
4.- දැන් අකුරු කරවිය යුතු ඕනෑම ස්ථානයට පිවිසෙන්න.
5.- දැන් සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න.
6.-ජය වේවා !
මෙම වීඩියෝවෙන් කරන හැටි බලාගන්න https://www.youtube.com/watch?v=5ekbIG55zRA

( සැ.යු. සිංහලෙන් යුනිකෝඩ් අමාරුවක් නැතිව ලේකනය කිරීම පිණිස මෙය උදවුකරගන්න .ගැටළුවක් ඇත්නම් .විමසන්න.)

බයිට් එකට fun එකට online photo edit කරන පහසුම විදිහක්.....

Anonymous November 24, 2015 1
  

අපි කව්රුත් කැමතියිනේ අපේ යාළුවෙක්ව බයිට් එකට එහෙමත් නැත්නම් fun එකට photo එහෙම edit කරන්න. ඒත් ගොඩක් දෙනා හිතන් ඉන්නේ එකට photoshop ගැන එහෙම ලොකු දැනුමක් ඕනේ කියලා. ඇත්තටම එහෙම නෑ. දැන් ඔයාට පුළුවන් තත්පර 15ක් වගේ ඇතුලත ඔයා කැමති කෙනෙකුගේ මුහුණක් දාලා අපි උඩින් පෙන්නලා තියෙනවා වගේ තව ගොඩක් ක්‍රම වලට funny face editing කරන්න. මේකට ඔයාට software බාන්න ඕනෙත් නෑ. මේක online වෙන වැඩක්.

අපි බලමු කොහොමද කරන්නේ කියලා... මුලින්ම ඔයා කරන්න ඕනේ අපි පහලම දීලා තියන link එකට යන එක. ඒ ගියාම ඔයාට මේ වගේ පිටුවක් එයි.

හරි දැන් මේ පිටුවේ තියෙනවා එක එක edit ක්‍රම. ඒ කිව්වේ සත්තුන්ගේ ඇඟවල් වලට මූණ එකතු කරන්න, playboy වගේ magazine වල cover page වලට මූණ දාන්න, සුපිරි තරු වල t-shirt වලට මූණ දාන්න වගේ. ඔයා එතනින් කැමති විදිහක් තෝරන්න. එතකොට මේ වගේ පිටුවක් එයි.
මේකේ upload කියන තැනට ඔයාට ඕනේ photo එක තෝරලා දෙන්න. දැන් තත්පර 15ක් විතර යද්දී වැඩේ හරි. ඔයාට තියෙන්නේ save කරගන්න විතරයි... එහෙනම් fun එකටත් එක්ක කරලා බලන්නකෝ....

මෙන්න යන්න ඕනේ link එක >>>>>  Funny Face Edit
DDoS attack එකක් කියන්නේ මොකක්ද?

DDoS attack එකක් කියන්නේ මොකක්ද?

Anonymous November 19, 2015 2
                                   ddos සඳහා පින්තුර ප්‍රතිඵල


DDoS ( distributed denial-of-service) attack එකක් යනු වෙබ් අඩවියක් සම්බන්ධ  සේවාදායකයක්  වෙබ් අඩවියේ පරිශීලකයින් හා සම්බන්ධ වීම අවහිර කිරීමේ ක්‍රියාවලියක්.
DDoS attack එකක් පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් භාවිතා කර ක්‍රියාත්මක කරන අතර බොහෝ විට මේ සදහා bots වර්ගයේ වැඩ සටහන් යොදාගනී. සාමාන්‍යයෙන් එක් දිනකදී පැයකට  DDoS attack 28 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. බැංකු , credit card payment gateways හා root nameservers මේවායේ ප්‍රධාන ඉලක්කයන් වේ.

DDoS attack එකක් මගින් සිදුකරනුයේ වෙබ් අඩවිය සම්බන්ධ සේවාදායකය වෙත පරිගණක කිහිපයකින්  විශාල ඉල්ලීම් (request)  ප්‍රමාණයක් යවනු ලබයි. එවිට එම ඉල්ලීම් (request) සදහා ප්‍රතිචාර දැක්වීමට සේවාදායකය ක්‍රියාකිරීමට යාමේදී සේවාදායකයේ ක්‍රියාකාරීත්වය වැඩිවන අතර ඉල්ලීම් (request) සදහා ප්‍රතිචාර දැක්වීමට යන කාලය වැඩි වේ. එවිට සේවාදායකයේ ක්‍රියාකාරීත්වය අඩපන වේ (server overload) .  නැවත සේවාදායකය යථා තත්වයට පත්වන තෙක් සේවාදායකය හා සම්බන්ධ වෙබ් අඩවි නිසි පරිදි ක්‍රියා නොකරයි.
ddos_diagram1
                         
DDoS attack එකක් හදුනාගන්නේ කොහොමද ?
  • පරිගණක ජාලයේ වේගය අඩුවේ.
  • සේවාදායකයට සම්බන්ධ වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවීම.
  • ඕනෑම වෙබ් වෙබ් අඩවියක්  වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම.
  • spam වර්ගයේ  ඊමේල් විශාල සංඛ්‍යාවක් ලැබීම.
  • අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීම.
  සාමාන්‍යයෙන් DDoS attack වර්ග පහත පරිදි වෙන්කර දැක්විය හැක.

01. ධාරිතාවය/පරිමාව පාදක කරගත් ප්‍රහාර (Volume Based Attacks) UDP flood attack , ICMP flood attack හා spoofed-packet flood attack වැනි ප්‍රහාරයන් මේ ගණයට වැටේ. මෙවැනි ප්‍රහාරයක අරමුණ වෙබ් අඩවියක /සේවාදායකයක bandwidth  එක ඉහළ දැමීමයි.

02. ප්‍රොටොකෝල් ප්‍රහාර (Protocol Attacks)
මෙවැනි ප්‍රහාරයකින් සිදුවන්නේ සේවාදායකයක සම්පත් හෝ firewalls, load balancers වැනි අතරමැදි උපාංග විශාල වශයෙන් භාවිතා කිරීමයි. මෙහිදී තත්පරයකට Data Packets විශාල ප්‍රමාණයක් ඉල්ලනු ලබයි.  S YN floods, fragmented packet attacks, Ping of Death, Smurf DDoS වැනි ප්‍රහාර උදාහරණ ලෙස දැක්විය හැක.
03. යෙදුම් සම්බන්ධ ප්‍රහාර (Application Layer Attacks).
මෙහිදි සිදුවන්නේ Apache හෝ Windows server එක පාදක කරගෙන  ප්‍රහාරයක් සිදු කිරීමය. මෙවැනි ප්‍රහාරයක අරමුන web server එක  crash කිරීමය.
  DDoS attack වර්ග UDP Flood
 මෙවැනි ප්‍රහාරයක් සිදුවන්නේ  User Datagram ප්‍රොටොකෝලය (UDP) හරහාය. මෙහිදී random ports වෙත විවධ වර්ගයේ UDP packet යැවීම මගින් ප්‍රහාර සිදුකරයි.  මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුකරනු ලබන අතර    සේවාදායකය සැම විටම අදාල ports සමග ඇති යෙදුම් පරීක්ෂාකර පිවිසිය නොහැකි packet වෙත පිළිතුරු සපයයි. මෙම ක්‍රියාවලියේදී සේවාදායකයේ සම්පත් වැඩි වශයෙන් භාවිතා කරන අතර අවසානයේ සේවාදායකය වෙත බාධා පැමිණේ.
ICMP (Ping) Flood
මෙහිදී  ICMP Echo Request (ping) packets විශාල ප්‍රමාණයක් ප්‍රහාරයට ලක්වන සේවාදායකය වෙත යවනු ලැබේ. මෙවැනි ප්‍රහාරයකදී සේවාදායකයක  outgoing හා  incoming bandwidth එක ඉහල යන  අතර අවසානයේ සේවාදායකය ක්‍රියාත්මක වීම මන්දගාමී වේ.
  SYN Flood
 මෙවැනි ප්‍රහාරයක්  දුර්වල TCP   සබදතා ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරයි. මෙහිදී  SYN requests විශාල  ප්‍රමාණයක් යවනු ලබන අතර බොහෝ විට ව්‍යාජ IP ලිපිනයන් මේ සදහා භාවිතා කරනු ලබයි. සේවාදායකය මෙලෙස ලැබෙන requests සදහා ප්‍රතිචාර දැක්වීමට බලාසිටින අතර නව සම්බන්ධතා සදහා සදහා සේවාදායකය ප්‍රතිචාර නොදක්වයි. අවසානයේ සේවාදායකය බිදවැටීමකට ලක්වේ.
Ping of Death
මෙවැනි ප්‍රහාරයක් ක්‍රියාත්මක කරන්නා විසින් එකවර pings විශාල ප්‍රමාණයක් සේවාදායකය වෙත යවනු ලබයි. IP packet එකක උපරිම packet length එක බයිට් 65535  කි.  Ethernet එකක උපරිම packet length එක 1500 කි.  මේ හේතුව නිසා විශාල   IP  packet  කුඩා කොටස් වශයෙන් බෙදා වෙන් කරනු ලබයි.  ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නා විසින් බයිට් 65535 ට වඩා IP  packet  භාවිතා කිරීමෙන් IP  packet  ප්‍රමාණය අවසන් කරනු ලබයි.  මේ නිසා සේවාදායකයේ  memory buffers ප්‍රමාණය අවසන් විම නිසා  වෙනත් IP  packet  සදහා ප්‍රතිචාර දැක්වීමට නොහැකි වේ. අවසානයේ සේවාදායකය බිදවැටීමකට ලක්වේ.
  Slowloris
 Slowloris attack එකක් යනු එක් web server එකක් මගින් ඉලක්ක කරන  ජාලයේ වෙනත් සේවාවන් හෝ ports සදහා  බල නොපාන පරිදී තවත් web server එකක් අඩපන කිරීම සදහා  භාවිතා කරනු ලබන ක්‍රියවක්. Slowloris  web server එකක් මගින් ඉලක්ක කරනු ලබන  web server   එකට අර්ධ වශයෙන් සම්පූර්ණ HTTP headers විශාල සංඛ්‍යාවක් යවනු ලබයි. නමුත් කිසිම අවස්ථාවක සම්පූර්ණ request එකක් යවන්නේ නැත.  ඉලක්කවෙන සේවාදායකය මෙම අසම්පූර්ණ request / සබදතා සියල්ල විවෘත්තව තබා ගනී. අවසානයේ විවෘත්තව තබා ගැනීමට හැකි උපරිම සබදතා ප්‍රමාණය ඉක්මවූ ප්‍රමාණය සේවාදායකයට නව request / සබදතා සදහා ප්‍රතිචාර දැක්වීමට නොහැකි වේ.
  NTP Amplification
 NTP Amplification  attack එකක් මගින් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි Network Time Protocol (NTP)  servers  මගින්  User Datagram Protocol එක භාවිතා කර ඉලක්ක කරන සේවාදායකය වෙත හානි පමනනු ලබයි.   මෙවැනි attack එකක් මගින් විශාල bandwidth එකක් සහිත ඉහළ පරිමාවකින් යුත් DDoS attack එකක් නිර්මාණය කළ හැකිය.
HTTP Flood
HTTP flood DDoS attack එකකදී  ඉලක්ක කරන සේවාදායකය හෝ වෙබ් අඩවිය වෙත HTTP GET හෝ POST requests  යවනු ලබයි. මෙවැනි attack එකක් සිදුකිරීමට යන bandwidth  එක අඩු අගයක් ගනී. මෙවැනි attack එකක්  botnet එකක්   උපයෝගී කරගෙන ක්‍රියාත්මක කරයි. මෙවැනි attack එකකදී  වඩාත් ඵලදායි වන්නේ ඉලක්ක කරන සේවාදායකය හෝ වෙබ් අඩවිය එක් request එකක් සදහා උපරිම සමිපත් ප්‍රමාණයක් වෙන් කර ඇති විටය.  උදාහරණයක් හැටියට Apache web server එක සාමාන්‍යයෙන් 2GB දක්වා වූ requests ප්‍රමාණයක් හසුරවනු ලබයි. මේ අගයට වඩා වැඩි requests ප්‍රමාණයක් ලැබුණුවිට web server crash වේ.
  Zero-day DDoS Attacks Zero-day Attack යනු නොදන්නා හෝ නව ප්‍රහාරයක්ය. යෙදුමක හෝ මෙහෙයුම් පද්ධතියක පවතින සංවර්ධකයන් විසින් හදුනා නොගත් දුර්වලතාවයක් නිසා මෙවැනි ප්‍රහාර එල්ල වේ .
Google Chrome බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්න

Google Chrome බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්න

Anonymous November 19, 2015 0

Google Chrome බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්නට අළුතෙන් extension එකක්.


Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ  ඩේටා ඉතුරු කරගන්නට  Data Saver (Beta)  නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා. 
මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ් පිටු සංකෝචනය කර ලබාදේ. මෙම  extension එක incognito mode භාවිතා කරන විට හා SSL (HTTPS) encryption හාවිතා කරන වෙබ් අඩවි මතදී නම් ක්‍රියා කරන්නේ නැහැ. 
මෙම extension එක Chrome Web Store එක තුලින් ස්ථාපනය කරගත් පසු address bar එකෙහි දකුණු පසින් Data Saver icon එක දිස්වන අතර එය මත ක්ලික් කිරීමෙන් දැනට ඉතුරුකර ඇති දත්ත ප්‍රමාණය බැලීමටත් Data Saver extension එක ක්‍රියාවිරහිත කිරීමත් කළ හැකිය.
සම්පූර්ණ විස්ථරය බැලීමටනම් chrome://net-internals/#bandwidth යන කොටස address bar  එක මත යොදා Enter කිරීමයි.

Google Chrome Data Saver (Beta)
...:::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න:::...

...:::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න:::...

Anonymous November 02, 2015 5

ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරගෙන ආවේ අලුතෙන්ම ආපු නියම කාර් ගේම් එකක් Need For Speed The RUN.කවුරුත් කැමතිනේ Need For Speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද? එහෙනම් මේ ඔයාලටයි.මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.මේකෙ පොඩි විස්තරයක් කීවොත් නම්.මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලීසියවල්  මගහරමින් යන්නයි ඒ වගේම මේකේ අවසානයක් සහ නීතිත් නැහැ.අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරඟ කරන්න.මේකේ එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට.එහෙනම් ඔයාලත් එලවලා බලන්නකෝ කොහොමද කියලා හොදේ.එහෙනම් මේක ගැන ඔයාලගේ අදහස් එහෙම ලියලා යන්න හොදේ ....





මේක Play කරන්න අවම වශයෙන් තියෙන්න ඕන ඒවා අපේ Pc එකේ....

Operating System: Windows Vista SP2 32-bit
DirectX: DirectX 10
CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
Memory: 3 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 512 MB video memory ATI Radeon 4870 or better
Graphics card (NVIDIA): 512 MB video memory NVIDIA GeForce 9800 GT or better
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


හොද නියමට Play කරන්න ඕන නම් මෙන්න මේ වගේ තියෙන්න ඕනා

Operating System: Windows 7 SP1 64-bit
DirectX: DirectX 11
CPU: 3.0 GHz Intel Core 2 Quad or equal AMD
Memory: 4 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 1024 MB memory ATI Radeon 6950
Graphics card (NVIDIA): 1024 MB memory NVIDIA GeForce GTX560
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....