SLT Christmas DATA Offer

6:35:00 AM 2
ඔන්න මේ නත්තල් කාලෙට SLT එකෙන් free data දෙනවා.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.මේ පල්ලහෙන් තියෙන game play කරලා ඔයා ලකුණු ගන්න ප්‍රමාණයට GB හම්බ වෙනවා.Game එක play කරන්න තියෙන්නේ facebook එක හරහා.එක නිසා game එක ගහන්නනම් facebook එකට login වෙන්න ඕනි.

Game එකට මෙතනින් යන්න.

මේ game එකේ කරන්න තියෙන්නේ නත්තල් සීයාගේ කරත්තය භාදක වල හැපෙන්නේ නැතුව අරන් යන එක.කරත්තය උඩට ගන්න mouse එකේ වම් බොත්තම ඔබන්න.


මේ තියෙන්නේ ලකුණු ලැබෙන විදිය.


ඔයා ඕකේ තියන link එක 10 දෙනෙකුට share කරොත් 10GB ලැබෙනවා.ඒ විදිට ඔයාට 500 දෙනෙකුට share කරන්න පුළුවන්.

Password නැතුව පරිගණකයට රිංගන හැටි.

Unknown 5:20:00 PM 4
අදාළ රූපය

What is Kon-Boot for Windows?

Kon-Boot is an application which will silently bypass the authentication process of Windows based operating systems. Without overwriting your old password! Easy to use and excellent for tech repairs, data recovery and security audits.

වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ

1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
KON-BOOT
ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.




දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි. 


Video එකෙන් බලාගන්න


ඇඩ්මින් වරුන්ගේ අවධානය සඳහායි

ඇඩ්මින් වරුන්ගේ අවධානය සඳහායි

Anonymous 9:10:00 AM 0
        Image result for gta san andreas sri lanka

 MTA Sanandreas කියල සොෆ්ට් එකක් තියනව එකෙන් ප්ලේ කරන එව එහෙම මම පෝස්ට් එකක් දැම්මනෙ බැලුවෙ නැත්නම් මෙන්න බලන්න.මෙතනින් ඒ වගේම ඔයගොල්ලෝ කැමති නැද්ද අලුත්ට්‍රික්ස් එකට game server එකක් හදන්න` හැබැයි මාසෙට රුපියල් 500ක් විතර ගෙවන්න වෙනව  මෙකට donation  Recource එකක් දාල monthly රුපියල් 1000ක් විතර හොයනත් පුලුවන් මෙක ඔනිම කෙනෙක්ට කරන්න පුලුවන් මේකෙ ඇඩ්මින් වන නොවන
 ඕනි කෙනෙක්ට හදන්න පුලුවන්. Ez cash වලින් ගෙවන්න ඔනි මාසෙට මෙන්න ලින්ක් එක  ඔයාල සවර් එකක් හදලා නම   මෙතනින් කමෙන්ට් එකක් දාන්නකෝ මෙන්න  හොස්ට් කරන සයිට් එක Sri lanka හොස්ට් කරන එකක් මෙතනින් Web site එකට යන්න
R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.

R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.

Unknown 12:34:00 PM 2


ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ ඒවා මිලෙන් අඩුයි නේද ? මේ R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.

මේ තියෙන්නේ විවිද R-Sim වල Pictures ටිකක්.






➽ හරි අපි දැන් බලමු Factory Unlock සහ R-SIM Unlock කියන්නේ මොකක්ද කියලා.

✔ UNLOCKED I PHONE ආකාර ප්‍රධාන වශයෙන් 2යි.

▶ FACTORY UNLOCKED – මේවගේ Network Carrier එක නිශ්පාදනයේදීම Remove කරලා තියෙන්නේ.එහෙම නැතිනම් 100% Carrier එක Unlock කරලා තියෙන්නේ. මේවා r sim unlocked i phone වලට සාපේක්ශව තරමක් මිලෙන් අදිකයි. R sim Unlocked එකකට වඩා Factory Unlocked එකක්ම ගන්න බලනවනම් හොදයි.

▶ R-SIM UNLOCKED - මේවා Unlock කරලා තියෙන්නේ Network Carrier එක විතරයි. Iphone එකේ Sim Plate එකට දාන පොඩි circuit එකක් තියන Chip එකකින් අපිට මේක Unlock කරගන්න පුලුවන්.

✿ මෙහෙමයි R-SIM එකක් වැඩ කරන්නේ.

මේ R SIM එකකින් වෙන්නේ I phone එකේ Default Network Carrier විදිහට අපි දාන සිම් පත බොරුවට පෙන්නලා දෙන එකයි.හරියට නිකන් Patch එකක් වගේ. එතකොට අපෙ I phone එකේ Carrier එකේ Signal පෙන්නන්න ගන්නවා.

☑ R-SIM වල තියන අවාසි.

⚑ USSD Codes එහෙම සමහරවිට වැඩ කරන්නේ නෑ.
⚑ බැටරිය ටිකක් ඉක්මනින්ම බහිනවා.
⚑ Contact එකක් Save කරද්දි Country Code එක ඉදිරියට දාලා Save කරන්න වීම ( Ex :- 9477******* )
⚑ Syestem Update එකකදි නැවත Lock විය හැකි වීම.
⚑ සමහර විට 3G / 4G / LTE වැනි පහසුකම් සක්‍රිය කරගැනීම සදහා patch program එකක් බාවිත් කිරිමට සිදු වීම.
⚑ Sim Card මාරු කිරිමේදි නැවත Setup කරගැනීමට සිදුවීම.

✔ හරි අපි දැන් බලමු R-SIM එකක් Setup කරගන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලම කියන්න ඕණා මේ R-SIM එකකින් Unlock කරගන්න පුලුවන් Network Lock ( SIM Lock ) වෙච්ච Iphone පමණයි. Icloud Lock එහෙම මේවායි Unlock කරගන්න බෑ.....

ඉස්සෙල්ලම R-SIM එක Setup කරගන්න කලින් දැනගන්න ඕණා ඔයාගේ Iphone එකේ Country එක සහ Carrier එක මොකක්ද කියලා. ඒක දැනගන්න පුලුවන් ඔයාගේ Iphone එකේ IMEI Number එකෙන්. පහත සයිට් එකට ගිහින් IMEI Number දීලා විස්තර ටික බලාගන්න පුලුවන්..

✪ IMEI Number එක බලාගන්නේ මෙහෙමයි.

☢ Setting >> General >> About යන්න.

☢ Phone එක Activation Mode එකේ නම් තියෙන්නේ පහත Screen Shot එක විදිහට කරන්න.



හරි දැන් වැඩේට බහිමු.

පුද්ගලිකව මේ දාලා තියෙන්නේ මගේ Phone එක R-SIM Unlock කරගත් විදිහ සහ ඒ Screen Shot ටිකයි.

මගේ Iphone එකේ විස්තර..

Country Purchased: Ireland 
Carrier: Vodafone IE 

මම Ebay හරහා ගෙන්න ගත්තේ R-SIM 10 එකක්.

► See Ebay Search Result

🍀 R-SIM 10 Support iPhones :- iPhone 4S / 5 / 5C / 5S / 6 / 6+
🍀 R-SIM 10 Support ios Versions :- 9.X & 8.X & 7.X

1] Packing එක කඩලා R සිම් එක එලියට ගන්න.



2] SIM Card Removal Needle එක බාවිතයෙන් Sim plate එක එලියට ගන්න.



3] R SIM එක Sim plate එකට නිවැරදි පැත්තට තියලා ඊට උඩින් ඔයාගේ Sim Card එකත් තියලා Sim plate එක Phone එකට දාගන්න.





4] දැන් Sim එක දැම්මම තත්පර කිහිපයකින් මෙන්න මේ වගේ කලුපාට Screen එකක් එයි.

5] ඒකෙන් ඔයාගේ Country , Carrier Lock එක නිවැරදිව තෝරන්න. ( ඔයාගේ IPhone එකේ Country , Carrier එක ඔතන නැත්නම් පහත පියවරට යන්න )

 

මම කලින් කිව්වානේ මගේ IPhone එක Ireland Vodafone Carrier Lock එකක් කියලා. කලින් පියවරේදි Pop Up උණ Screen එකේ එහෙම Carrier Setup එකක් නැති නිසා මම "input imsi " Tap කරන්න. 

දැන් මෙන්න මෙතනින් IMSI Code List එකෙන් ඔයාගේ Country , Carrier Lock එකට අදාල ඉලක්කම් 7 කින් යුත් imsi Code ( Carrier Code ) එක හොයාගෙන ඔතන Type කරලා " Send " කරන්න.

මෙන්න imsi Code ( Carrier Code ) List එක.

.PDF :- Click To Download
.PNG :- LINK 01 , LINK 02 
Web Page :- LINK 01 / LINK 02
 

6] මෙතනින් ඔයාගේ i phone එකේ Model එක සහ සිම් පත් වර්ගය නිවැරදිව තෝරන්න. මේ පියවර ඉතාම වැදගත් ඒක නිසා එය හරියටම තෝරන්න. 



7] ඒක තෝරපු ගමන්ම phone එක ReStart කරන්නද කියලා Message එකක් එයි. Accept කරලා ReStart කරගන්න.



8] දැන් අපි R SIM එක Setup කරලා ඉවරයි. ඔයාගේ Network Carrier එකේ විස්තර හරියට දීලා Setup කරගත්තනේ. Phone එක Restart වෙලා ටික වේලාවකින් Phone එකේ සිම් එකේ Signal පෙන්නන්න පටන් ගනීවි.

 

මේකේ දාලා තියෙන්නේ මම Unlock කරගත්තු විදිහයි.. මේකේ වැරදි එහෙම තිබ්බොත් කියන්න...

උපුටා ගැනීම් :- LINK 01 / LINK 02



Gta Sanandreas යාලුවොත් එක්ක ගහමු.

Gta Sanandreas යාලුවොත් එක්ක ගහමු.

Anonymous 2:53:00 PM 10
Image result for multi theft auto



            කොහොමද යාලුවනේ කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා සොරි හොඳේ. මම අද කියන්නේ මොකක්ද දන්නවද?
GTA Sanandreas තියෙනවනේ දන්නැති කෙනෙක් නෑනේ.(දන්නේ නැත්නම් එයා කොල්ලෙක් වෙන්න බෑ.) ඔයා දන්නවනේ sanandreas තට්ට තනියෙන් කරන කොට පට්ට කම්මැලී කියලා.මේකෙන් පුලුවන් එක හරිගස්සන්න. ඔයාට පුලුවන් online යාලුවොත් එක්ක මේ ගේම් එක ප්ලේ කරන්න ඒකට ඔනි කරන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක් විතරයි පහලින් ඒක ගන්න.ඔයාලට නවොද් කියල කෙනෙක් Samp ගැන කියල දුන්නනෙ එකෙ ලන්කන් බුලට්ල අඩුයි නේ මෙකෙනම් ඉන්නවා මේ MTA sanandreas

LG සමාගම වින්ඩොස් 10 සහිත ශීතකරණයක් හදුන්වාදෙයි.

8:23:00 PM 1
මෙවර Las Vegas හිදී පැවැත් වුන CES 2016 ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනයේදී LG සමාගම විසින් අපූරු ස්මාර්ට් ශීතකරණයක් හදුන්වාදුන්නා.

LG Smart Instaview Signature Door in Door Refrigerator ලෙස නම් කර ඇති මෙම ශීතකරණයේ සම්පුර්ණ Windows 10 මෙහෙයුම් පද්ධතියම ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදීමේ වීඩියෝවක්.


ශීතකරණ වලටම සුවිශේෂී වූ විශේෂාංග කිහිපයක් LG Smart Instaview Signature හිදී අපිට දැක ගන්න පුළුවන්. අහාර පාන වල icons drag and drop කිරීම, countdown timer එකක් set කිරීම, අහාර පාන වල කල් ඉකුත් වීමේ දිනයන් සහ ඒවායේ ගුණාගුණ මතක තබා ගැනීම වැනි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවන් රැසක් මේ හරහා අපිට සැපයෙනවා. මීට අමතරව සාමාන්‍ය Windows 10 මෙහෙයුම් පද්ධතියක මෙන් applications install කර ගැනීමටත්, Edge web browser එක භාවිතයෙන් cooking recipe බලා ගැනීමටත්, Netflix හරහා චිත්‍රපට නැරඹීමටත් දැන් LG Smart Instaview Signature හරහා ඔබට පුළුවන්. මෙම ශීතකරණයේ තවත් විශේෂ අංගයක් වන්නේ එහි Cortana ද ඇතුලත් වීමයි.

Image result for LG smart fridge win10

Image result for LG smart fridge win10

Image result for LG smart fridge win10


නාසා අායතනය අභ්‍යවකාශයේ සිට ලබාදෙන සඡීවී දර්ශන දැන් ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන්.

8:21:00 PM 0

නාසා අායතනය විසින් අභ්‍යවකාශයේ නවතම වීඩියෝ සඡීවීව යූටියුබ් චැනලයක් මගින්ලබාදීමට කටයුතුකර තිබෙනවා. එ් ඔස්සේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකාවක කැමරාවෙන් පෙනෙන රෑප රාමු සඡීවීව ඡනතාවට දැකබලාගැනීමේ අවස්ථාව උදාවෙනවා. කැමරා දෙකකින් කෝණ  දෙකක් සඡීවීව මේ වන විට Live stream ලබාදෙනවා. එ් වගේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් මගින් ලබාදෙන දර්ශන අැතුලත් සඡීවී වීඩියෝද තිබෙනවා. එම සඡීවී වීඩියෝ පෙළ පහතින් බලන්න.

පළමු කැමරා කෝණය සඡීවීව


දෙවන කැමරා කෝණය සඡීවීව


හබල් දුරේක්ෂයේ කැමරා කෝණය සඡීවීව


wifi වලින් කළහැකි සුපිරි වැඩ

wifi වලින් කළහැකි සුපිරි වැඩ

Unknown 11:00:00 AM 11
කොහොමද මචන්ලා අදනම් කියලදෙන්න රත්තරං වගේ වටිනා දෙයක්. කියවල ඉවරවෙද්දි තේරෙයි 
හරි මචන් මේකයි සීන් එක, මං කලින් පොස්ටුවේ කිව්වනේ wifi hotspot එකකින් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියල. අද ඉදං වැඩ පෙන්නන්ම් ටිකෙන් ටික, හරි කලින් ලිපිය මෙන්න කියවපු නැති අය කියවලම එන්නකෝ wifi hotspot 

අද අපි බලමු කොහොමද ඔයාලගේ ෆෝන් එක අල්ලනෙවත් නැතුව ෆොටෝ ගන්නේ වීඩියෝ කරන්නේ කියල. බයවෙන්නෙපා මේක හැකින් නෙවේ ඒ විතරක්ද skype එකට wireless cam එකක් විදියටත්. ඔයාගේ wifi range එක ඇතුලත ඕනෙම තැනක ෆෝන් එක රදවලා ෆොටෝ ගන්න පුළුවන් computer එකෙන්, දැන් තේරෙනවනේ එන්න හදන්නේ මොකාටද කියල

වැඩ පටාන් ගමු!
app එකේ නම තමයි IP Webcam එක මුලින්ම ඔයාගේ android device එකට මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න

කලින්ම කියන්න ඕනේ මේ මේ මෘදුකාංගය internet එක හරහා වගේම wifi range එකක් හරහා වුවද ක්‍රයාත්මක කල හැක. පස්සේ දවසක internet එක හරහා කරන හැටි කියල දෙන්නම් 

හරි දැන් app එක ඕපන් කරගන්න, හරි දැන් Local broadcasting එකට යන්න.



දැන් ඉස්සෙලම අපි අපිටම කියල ලොගින් එකක් හදාගන්න ඕනේ, login/password දෙන්න





දැන් ආයෙත් මුලට ඇවිත් video preferences එක දෙන්න



video resolution එක ඔයාට අවශ්‍ය කොලිටියට හදාගන්න(මෙය රැහැන් රහිත ජාලයක් බැවින් මං නම් අනුමත කරන්නේ 640X480 resolution එකයි)
photo resolution එක දෙද්දී මචන් ඔයා front cam එකත් use කරන්න හිතන් ඉන්නවනම් front cam එකේ උපරිම resolution එක දෙන්න, back cam එක විතරයි නම් 4න් එකේ උපරිම resolution එක දෙන්න



හරි 4න් එකේ settings නම් හදල ඉවරයි. දැන් පහලම තියන start server දෙන්න



දැන් ඔයාගේ cam එක ඕපන් වෙයි ඒ වගේම පහලින් IP Address එකක් දිස්වේවි. එම IP address එක ඔයාගේ browser එකේ type කරලා enter කරන්න.



මේ app එක අවශ්‍යනම් Background run වෙන විදියට හරිගස්සන්නත් පුළුවන්. ඒ සදහා දකුණු පස ඇති action ටැබ් එක tap කරාම එන මෙනු එකෙන් run in Background එක දෙන්න



computer එකේ Browser එකේ IP Address එක ටයිප් කරල enter කරාම log වන්න user name / password අහවි



password එක save කරගාත්තානම් ලේසියි



දැන් පහල තියන page එකට ඒවි.මේ page එකෙන් සෑහෙන වැඩ කොටසක් ඔයාට කරගන්න පුළුවන්




හරි දැන් පහල screen shot එකේ විදියට flash කියන එකට යන්න.



දැන් screen preview එකක් ඒවි.

පහත screen sot එක පෙන්වන කොටසෙන් කැමරාවෙන් සිදුකල හැකි කාර්යන් ඉටුකරගත හැක.



01. ෆෝකස් කර ෆොටෝ ගැනීමට
02. ෆ්ලෑෂ් ලයිට්ස් ඕන් කිරීමටත් ඔෆ් කිරීමටත්
03. zoom කිරීමට
04. back cam හා front cam අතර switch වීමට

අදී තවත් දෑ සිදුකල හැකිය. තවත් ඕනේ නම් pro edition එකට යන්න google එකෙන් හොයාගන්න පුළුවන්
take focus photo button එක වරක් click කිරීමෙන් ෆොටෝ ගත හැකි අතර තව තවත් ෆොටෝ ගැනීමට අවශ්‍ය නම් F5 pres කරන්න ( page එක refresh කරන්න)

ගන්නා ලද ෆොටෝ video archive ටැබ් එකේ බලාගත හැක.



Skype භාවිතා කරන ඔබට wireless cam එකක් ලෙසින්ද මෙය භාවිතා කිරීමේ හැකියාව පවතී. ඒ සදහා video chat drivers ටැබ් එකට ගොස්. අවශ්‍ය මෘදුකාංගය Download කර දී ඇති උපදෙස් පිළිපදින්න 

තවම මේකේ ප්‍රයෝජන කතාකරල ඉවර නෑ
මීලගට බලමු VLC player එකට කොහොමද ගන්නේ කියලා
හරි යන්න Other viewing Methods ටැබ් එකට



පහල screen shot එකේ highlight කරලා තියන path එකට යන්න.



මතක ඇතුව IP Address එක type කරලා /video කියල ටයිප් කරන්න අමතක කරන්න එපා.

user name / password ඉල්ලාවි අර කලින් හදාගත්තු එක දෙන්න



දැන් play කරල බලන්න. ගොඩ නේද



හරි මේ app එකෙන් තව ගොඩක් වැඩ කරනගන්න පුළුවන් ඒවා ඉදිරියට
සැ.යු. මෙය 100%කම මා විසින් අත්හදා බලා ඉදිරිපත් කරන ලද එකක් බවත්, මීට සමාන තවත් මෘදුකාංග තිබිය හැකි බවත්, මා හුදෙක් උත්සහ කරන්නේ ඔබට මෙවැනි දෑ කිරීමට අත්වැලක් හා මගපෙන්වීමක් ලබාදීමටත් පමණක් බව සිහිතබාගනු මානාය.

වැඩ රාජකාරි බහුල වුවත් ඉඩක් වෙන්කරගෙන මේ වගේ පොස්ට් මහන්සියෙන් ඔයාලට කියල දෙන්නේ සතෙකවත් ප්‍රතිලාභයක් නැතුවයි කෙලින්ම කියනවනම් සමහරු හිතන් ඉන්නේ කහනවට මේවා දානවා කියල, ඉතං එහෙම කරලා තව බැනුම් අහන්නත් වුවමනාවක් නැති හින්ද මේ පොස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග පාඩම ගෙන එන්නම්


හැමෝටම ජය!!