සේට් වෙලා ගේම් ගහන්න - GTA San Andreas මල්ටිපේලේයර් - SAMP (Part - 2)

ඔන්න මේ පාරත් අපි කියුව විදිහටම අලුත් ට්‍රික්ස් හරහ අපේ දෙවනි පෝසට් එකත් එලියට දාන්න හිතුනා. ඉතිං මේ පාර මම කියල දෙන්න යන්නෙ මේ ගේම් එක කොහොමද මොඩ් කරගන්නෙ කියල. මුලින්ම ඔයාල යට තියන ස්ක්‍රීන් ෂොට් ටික බලල ඉන්නකෝ...







හරි දැන් දැක්කනෙ ඔයාල මේ ගේම් එකේ මොඩ් කරල තියන විදිහ ගැන. දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද මේ ගේම් එක අපිට කැමති කැමති විදිහට මොඩ් කරගන්නෙ කියල. ඉතිං අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු.

(මුලින්ම කියන්න ඕනෙ අපි මේ ගේම් එක මොඩ් කරන්න කලින් ඔයාල ගේම් එක ඉන්ස්ටෝල් කරල තියන තැන මොඩල්ස් ෆෝලඩර් එක ඇතුලෙ තියන මේ gta3 ෆයිල් එකේ කොපි එකක් වෙන තැනකට අරන් ඉන්න.)


  • හරි මුලින්ම ඔයාල මේ පහල තියන ලින්ක් වලින් ගිහින් ඔයාල කැමති මොඩ්ස් ඩවුන්ලොඩ් කරගන්න. 
  • දැන් ඔයලට මේ ෆයිල් එක .rar ෆයිල් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ ඔයල කැමති තැනකට ඒක Extract කරගන්න. (ෆොල්ඩර් එකකටම Extract කරගත්තනම් හුඟක් ලේසී.)
  • දැන් ඊළඟට මේ පහලින් තියන ලින්ක් එක ක්ලික් කරල මේ Spark කියන ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
  • Spark Tool එකත් ඩවුන්ලොඩ් කරගත්තට පස්සෙ එ්ක ඩෙස්ක්ටොප් එකට හරි කැමති තැනකට Extract කරගන්න.
  • ඊළඟට ඒ ෆෝල්ඩර් එක ඇතුලට ගිහින් Spark Tool එක ඕපන් කරගන්න.
  • Tool එක ඕපන් උනාට පස්සෙ ඒකෙ File>Open හරි Ctrl+O හරි Press කරල ඔයාලගේ San Andreas Install Directory එකේ Models කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියන gta3 කියන ෆයිල් එක් ඕපන් කරල දෙන්න.
  • දැන් ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත මොඩ් ෆයිල් වල ඒක ඕපන් කරගෙන ඒක ඇතුලේ තියන .txd එකයි .dff එකයි Spark Tool එකට (1)Drag & Drop කරන්න. එහෙමත් නැත්නම් (2)Spark Tool එකේ Import ගිහින් අර ෆයිල් එක Import කරගන්න.


  • අන්තිමට ඔයාල Spark Tool එකේ Save Button එක Press කරල add කරගත්ත ෆයිල් එක සේව් කරගෙන ගේම් එක ප්ලේ කරල බලන්න Add කරපු File එක Add වෙලාද කියල. 

මේ මම කියල දුන්න විදිහට Singleplayer වගේම Multiplayer(SAMP) ගේම් ප්ලේ එකටත් ඇඩ් වෙනව. ඉතිං ඔයාල මේ විදිහට මොඩ් කරද්දි අවුලක් ගියොත් අර මම කලින් වෙන තැනකට කොපි කරගන්න කියවු "gta3" ෆයිල් එක ආයත් එක තිබ්බ තැනට Replace කරල ආයෙත් රීසෙට් කරගන්න.

ඔයාලට මෙහෙම ගේම් එක මොඩ් කරද්දි අවුලක් ආවොත් මට Facebook එකෙන් මැසේජ් එකක් දන්න මම Help කරන්නම්.

තව අපේ අලුතින් Publish කරපු එකට Web Site ගිහින් අලුත් නිවුස් බලන්න වගේම යොජනා චෝදනා ඔක්කොම එවන්න. මෙතන ක්ලික් කරල සයිට් එකට යන්න.

අපේ කලින් දාපු පෝස්ට් එක බලන්න ඔනේ නම් මෙතන ක්ලික් කරල ඒ පෝස්ට් එක බලල SAMP Play කරන්නෙ කොහොමද කියලත් දැන ගන්න පුලුවන්.



Previous
Next Post »

2 comments

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers