වැඩිහිටියන් නින්දේදී ඇදෙන් නොවැටුනත් කුඩා දරුවන් නින්දේදී ඇදෙන් වැටෙන්නේ මෙන්න මේ නිසයි


මා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
මේ හැසිරීම පාලනය කරනු ලබන්නේ මොළයෙනි. අප සාමාන්‍ය නින්දෙන් පසු හීන දකින නින්දට එළඹී ඉන්පසුව නැවත සාමාන්‍ය නින්දට පත්වී නින්දෙන් ඇහැරෙනවා. සිහින දකින නින්දේදී අපගේ සිරුර ඉතාමත් සන්සුන්. ඊට හේතුව වන්නේ එම අවස්ථාවේ ශරීරයේ චලන පාලනය කරන සුසුම්නා ස්නායු ක්‍රියාත්මක නොවී මොළයේ බාහිකය ප්‍රදේශයේ ස්නායු සෛල ක්‍රියාත්මක වීමයි.එහෙත් සාමාන්‍ය නින්දට පුද්ගලයකු පත්වන විට මොළයේ බාහිකය මෙන්ම සුසුම්නා ස්නායුද ක්‍රියාත්මක වනවා. එවිට නින්දේ සිටින පුද්ගලයා නිදා ගන්නා පිහිටුම වෙනස් වේ.
එහෙත් වැඩිහිටියන්ට තමන් නිදා සිටින තැන ගැන හොද මතකයක් යටි හිතේ තිබෙනවා. එසේ මතකයක් නොමැතිනම් බාහිකයෙන් එම මතකය අලුත් කරනවා. පුරුදු ඇදක නිදා සිටින වැඩිහිටියන් ඇදෙන් නොවැටෙන්නේ ඒ නිසයි. නුපුරුදු ඇදකින් වැඩිහිටියන් වුවත් බිම වැටිය හැකියි.
නමුත් දරුවන් මෙම අභ්‍යාස පුරුදු කර අතර එම අභ්‍යාස දරුවන් පුරුදු වීමට වයසින් මුහුපුරා යා යුතුයි. එනිසා තමන් නිදාගන්නා ස්ථානය ගැන වැටහීමක් දරුවන්ට නොමැති අතර දරුවන් සිහින දකින කාලයද අඩුය. ඔවුන්ගේ නින්දේ වැඩිකාලයක් ගතවන්නේ දැගලීමටයි.
එම හේතුන් නිසා දරුවන් නින්දේදී ඇදෙන් වැටීමටත් වැඩිහිටියන් ඇදෙන් නොවටීමටත් හේතු වෙනවා. 
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon