Header Ads

සැම්සුන් ෆෝන් නැමීම..

ෆෝල්ඩිං වර්ගයේ ස්මාට්ෆෝනයක් වෙළෙද පොලට 

ටැබ්ලට් කම්පියුටරයක් ලෙස හෝ පොතක් ලෙස දිග හැර ගෙන වැඩ කළ හැකි, වැඩ කිරීමෙන් පසුව පොතක් සේ දෙකට නමා සාක්කුවේ දමා ගත හැකි අමුතු පන්නයේ ස්මාට් ෆෝනයක් දකුණු කොරියාවේ සැම්සුන් වෙළෙද සමාගමෙන් නිපදවා තිබේ. අවුරුදු තුනක කාලයක් මුලුල්ලේ පර්යේෂණ කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ මෙම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබී ඇතැයි එම සමාගම කියයි. ඒ අනුව මෙම වසරේදී සැම්සුන් ෆෝල්ඩිං හෑන්ඩ්සෙට් දුරකථනය වෙළද පොළට එවනු ඇතැයි දකුණු කොරියාවේ ඊටී නිවුස් නම් පුවත් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබුනි. එසේම මෙම දුරකතනය පිලිබද සැම්සුන් සමාගමෙන් ඉදිරිපත් කළ වෙළෙද දැන්වීමක් ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ඩේලිමේල් පුවත් වෙබ් අඩවියේ පළකර තිබේ.
එයට අනුව මෙම දුරකතනය සම්පූර්නයෙන්ම දිග හැර ටැබ්ලට් පරිගණයක් සේ භාවිතා කළ හැකිවාක් මෙන්ම පොතක පිටු පෙරළා ඇති විට මෙන් අඩක් දිග හැර හරස් අතට තබා ගෙන භාවිතා කිරීමට හැකිය. එසේ නොමැති නම් එය දිගහැර, ස්මාට් ෆෝනයක් සේද භාවිතා කළ හැක. මෙසේ දිග කල විට එහි ස්ක්‍රීනය අගල් 7ක එකකි. නමාගත් විට එය අගල් 5ක එකකි. 

නැමූ විට එය හරියට මුදල් පසුම්බියක් සේ පෙනෙන මෙම අමුතු ස්මාට් ෆෝනය සැම්සුන් සමාගම විසින් දියුණු කරනු ලබන ඇත්තේ, ප්‍රොජෙක්ට් වැලි (Project Valley) නම් කේත නාමයෙන් හැදින්වූ ව්‍යාපෘතිය යටතේය. 





No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.